නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියානු එස්.එක්ඩී 01 දරණ විශේෂ ගුවන් යානයකින් අද උදෑසන මෙරටට ගෙන එනු ලැබුහ.
මෙම පිරිස පසුගිය ජනවාරි 8 වෙනිදා බේරුවල ප්‍රදේශයෙන් ‘වියඟ‘ නැමැති බෝට්ටුවේ නැගී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ. පසුව එරට මුහුදු සීමාවේදී ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන එරට ආගමන විගමන අංශ විසින් මෙලෙස පිටවහල්කොට ඇත.
කෙසේ වෙතත් මොවුහු පවසා ඇත්තේ තමන් ධීවර වෘත්තිකයින් බවත් ධීවර කටයුතු සඳහා යමින් සිටියදී බෝට්ටුව අනතුරකට පත්ව පා වෙවී සිටියදී ඕස්ට්‍රෙිලියානු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් බවයි.
ඕස්ට්‍රේලියානු ආගමන නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම පිරිස ගුවන් තොටුපොල ආගමන විගමන නිලධාරීන්ට බාර දෙනු ලැබීය. ආගමන විගමන අංශයේ මුලීක විමර්ශණවලින් අනතුරුව මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදෙන් ගිය පහක් ගුවනින් එති
සශි Monday, 15 February 2016 05:52 AM
බෝට්ටුවෙන් ගියේ ජනවාරි 8. අදට මාසයකට වඩා වැඩියි. අතරමන් වුනා නම් අද වෙනකොට පවුල් වලින් එලියට බැහැල මහා පාරේ සියපාරකට වඩා කෑ ගහල තියෙන්න ඕනා. (බ)