IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුදු යන්න කොරියා බස සමත් වෙන්න

දකුණු කොරියාවේ රැකියා සඳහා යාමට සුදුසුකම් ලබාගැනීමේ භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සදහා අයදුම් පත් 4570 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විභාගය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බවත් විභාගය පැවැත්වෙන දිනය කොරියා  මානව සම්පත්  සංවර්ධන ආයතනයෙන් ළඟදීම දැනුම් දෙනු ඇති බවත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත්වන 700 දෙනෙකුට ධීවර රැකියා හිමිවනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

 

 



අදහස් (0)

මුහුදු යන්න කොරියා බස සමත් වෙන්න

අභය Friday, 23 October 2015 06:58 AM

මට නම් මේ භාෂාව ගැන කිසිම ආශාවක් නැහැ. ඩෙස්මන් ඉගෙනගන්නකෝ හොඳට (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 11:23 AM

කොරියා භාෂාව ඉගෙන නොගෙන මෙම 4570 ම අපේ මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදවීම පලදායක නැතද? කොරියන් මුහුදට වඩා අපේ මුහුද ලුණු රසයෙන් වැඩියි , මාළු අස්වැන්නත් හොඳයි. රසයි. ලඟකදී යුරෝපයට මාළු අපනයනය කරන නිසා ආදායමත් හොඳ වෙයි. සිය රට දේ සිරි සැප දේ. (අ)

:       0       0

සරත් Thursday, 22 October 2015 11:53 AM

ධර්ම ජයවික්‍රම මහතා,අපේ මුහුදේ ගියාම මාසයකට රු.ලක්ෂ 2 ක් ගෙවනවද?(ම)

:       0       0

කමනි Friday, 23 October 2015 04:44 AM

මහන්සි වෙලා ඕක පාස්වුණත් යන්න බැරිවුණ අය ගැන මම අසා තිබෙනවා. මොකටද නිකන් මහන්සි වෙන්නේ? (නි)

:       0       0

ද සිල්වා Friday, 23 October 2015 05:02 AM

අපේ ඉන්න ධීවරයන්ව කොරියා බස උගන්වා කොරියාවට යවා කොරියාවෙන් ටින්මාළු ගෙන්වමු. අපේ රටේ ව්‍යාපාර කර්මාන්ත දියුණු කර අපේ ශ්‍රමිකයන්ට රට තුළම රැකියා ලබාදෙන ක්‍රමයක් ඇතිකරන තෙක් මේ රට දියුණු කළ නොහැක.අපේ අමුද්‍රව්‍ය වන සිලිකා වැලි , රබර් , ශ්‍රමිකයන් පිටරට පටවමු. පිටරටින් පරිගණක චිප්, ටයර් අමතර කොටස් ගෙන්වමු. අපේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රටින් ගෙන්වන ආම්පන්න වලට ලොකු ලොකු තීරු බදු ගහමු. හැමදාම පිටරට ලොකු ආයෝජකයන්ට බදු සහන දෙමු. අඩු පොළියට රාජ්‍ය බැංකු වලින් ණය දෙමු. ඔවුන් මෙහෙ හම්බකරන මුදල් කරදරයකින් තොරව රට ගෙනයාමට ඉඩදෙමු. ඉතින් අපි හැමදාම දියුණුවෙමින් පවතින රටකි (නි)

:       0       0

ඩෙස්මන් Friday, 23 October 2015 05:20 AM

මටත් ආසයි මේ භාෂාව ඉගෙනගන්න (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 22 October 2015 04:36 PM

රට වටේම මුහුද තිබෙන ජනතාවට බලකරනවා කොරියා භෂාව ඉගෙන ගන්න කොරියා මුහුදට යන්න ඕනෙනම් කියලා ....අනේ මෙහෙමත් රටක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site