දකුණු කොරියාවේ රැකියා සඳහා යාමට සුදුසුකම් ලබාගැනීමේ භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සදහා අයදුම් පත් 4570 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විභාගය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බවත් විභාගය පැවැත්වෙන දිනය කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් ළඟදීම දැනුම් දෙනු ඇති බවත් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත්වන 700 දෙනෙකුට ධීවර රැකියා හිමිවනු ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ භාෂාව ගැන කිසිම ආශාවක් නැහැ. ඩෙස්මන් ඉගෙනගන්නකෝ හොඳට (නි)
කොරියා භාෂාව ඉගෙන නොගෙන මෙම 4570 ම අපේ මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදවීම පලදායක නැතද? කොරියන් මුහුදට වඩා අපේ මුහුද ලුණු රසයෙන් වැඩියි , මාළු අස්වැන්නත් හොඳයි. රසයි. ලඟකදී යුරෝපයට මාළු අපනයනය කරන නිසා ආදායමත් හොඳ වෙයි. සිය රට දේ සිරි සැප දේ. (අ)
ධර්ම ජයවික්‍රම මහතා,අපේ මුහුදේ ගියාම මාසයකට රු.ලක්ෂ 2 ක් ගෙවනවද?(ම)
මහන්සි වෙලා ඕක පාස්වුණත් යන්න බැරිවුණ අය ගැන මම අසා තිබෙනවා. මොකටද නිකන් මහන්සි වෙන්නේ? (නි)
අපේ ඉන්න ධීවරයන්ව කොරියා බස උගන්වා කොරියාවට යවා කොරියාවෙන් ටින්මාළු ගෙන්වමු. අපේ රටේ ව්‍යාපාර කර්මාන්ත දියුණු කර අපේ ශ්‍රමිකයන්ට රට තුළම රැකියා ලබාදෙන ක්‍රමයක් ඇතිකරන තෙක් මේ රට දියුණු කළ නොහැක.අපේ අමුද්‍රව්‍ය වන සිලිකා වැලි , රබර් , ශ්‍රමිකයන් පිටරට පටවමු. පිටරටින් පරිගණක චිප්, ටයර් අමතර කොටස් ගෙන්වමු. අපේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රටින් ගෙන්වන ආම්පන්න වලට ලොකු ලොකු තීරු බදු ගහමු. හැමදාම පිටරට ලොකු ආයෝජකයන්ට බදු සහන දෙමු. අඩු පොළියට රාජ්‍ය බැංකු වලින් ණය දෙමු. ඔවුන් මෙහෙ හම්බකරන මුදල් කරදරයකින් තොරව රට ගෙනයාමට ඉඩදෙමු. ඉතින් අපි හැමදාම දියුණුවෙමින් පවතින රටකි (නි)
මටත් ආසයි මේ භාෂාව ඉගෙනගන්න (නි)
රට වටේම මුහුද තිබෙන ජනතාවට බලකරනවා කොරියා භෂාව ඉගෙන ගන්න කොරියා මුහුදට යන්න ඕනෙනම් කියලා ....අනේ මෙහෙමත් රටක් (අ)