(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් හියුබට් ප්‍රනාන්දු)
මඩකලපුව හා වාලච්චේන ප්‍රදේශවල සිට පැමිණ මුහුදු මාර්ගයෙන් හොර රහසේ බෝට්ටු මගින් නවසීලන්තය බලා යාමට සුදානම් වූ බව කියන 15 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මීගමුව පොලිසියට බාර දී තිබේ.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත මීගමුව වැල්ල වීදිය ප්‍රදේශයේ දී වෑන් රියකින් පැමිණ ඇති මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ මරදානේ නවාතැන්පළක සිට මීගමුව බලා පැමිණ ඇතැයි හෙළි වී ඇත.
පුද්ගලයින් 5 දෙනෙකු මීගමුව බලා යාමට අවශ්‍ය බව කියා මරදාන නවාතැන්පළට කුලී වෑන් රියක් ගෙන්වාගෙන ඇති බවත් වෑන් රිය පැමිණි පසු 15 දෙනා ඊට ගොඩ වී මීගමුව බලා පැමිණ ඇති බවත් වෑන් රථයේ රියදුරා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.
යාපනය ප්‍රදේශයේ තැරැව්කරුවකුගේ සම්බන්ධයක් මත මෙම විදේශ ගමන සූදානම් කර ඇති බවත් මෙම ගමන යාමට පැමිණි කිසිවකුගෙන් මුදල් අයකර නැති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය තියෙන්නේ මඩකලපුව පැත්තේ... මීගමුවෙන් ගියොත් වැටෙන්නේ සෝමාලියාවටනේ...
අනේ මේ රටින් යන්න ඉන්න කෙනෙකුට යන තැනකට යන්න දෙන්න... ලංකාවේ ඉඳලා හිඟා කන්ට කියලද කියන්නේ?
මේ මිනිස්සු දැන් ගියේ නැහැ නොවැ. අඩු ගණනේ බෝට්ටුවකට නැග්ගේවත් නැහැ නොවැ. ඉතින් මොකක්ද ඔවුන් කල වරද?
ඡන්දෙ දාන්න ආපු කට්ටිය වෙන්න ඇති දැන් නැවත යන්න බැරිව හිරවෙලා