කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ යළි ඉදිකිරීම් යළි අරඹන බව සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් සියලු ගැටළු විසඳුණු බවත් පාරිසරික අධිකාරියේ අනුමැතිය ද ලැබී ඇති බවත් සමරවික්‍රම මහතා කියයි.
කොළඹ ගාලු මුවදොර නුදුරු මුහුදින් වර්ග කිලෝමීටර 2.33ක් වෙන් කර නගරයක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2011 මාර්තු මාසයේදී ඇරඹිණි. එහි වියදම ඇමරිකා ඩොලර් කෝටි 150කි. (රුපියල් කෝටි 21713 ) චීන සමාගමක් සමග මේ සඳහා ගිවිසුම් අත්සත් තැබිණි.
නව රජයේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම ව්‍යාපෘතිය යළි අධ්‍යයනය කිරීම සඳහා එහි වැඩ නතර කැරිණි.
මුහුදෙන් හෙක්ටයාර 230ක් ඊට වෙන් කර ඇත. චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම කොන්ත්‍රාත්කරුවෝය.
මහින්ද රාජපක්ෂ රජයේ ගිවිසුම අනුව මුහුද මැද නගරයෙන් කොටසක අයිතිය තනිකරම චීනයට පවරා තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල් පාටෙන් කරන වැඩේ වැරදි නම් එ්ක මොන පාටින් කළත් වැරදියි. (බ)
යහපාලනයට යන්ට යන කලක්. ගෙදර ගියොත් අබු නසී ,මග සිටියොත් ඔහු නසී. (ර)
චිනය මේක නැවත පටන් ගන්නේ කොන්දේසි දෙකක් දාලා. එකක් පහුගිය අවුරුද්දට වන්දි ඉල්ලයි. අනිත් එක හම්බන්තොට වරායේ අනිත් කොටස හදන්න ඒගොල්ලන්ට බාරදෙන්න වෙයි. කොහොමද වැඩේ? (නි)
මහින්ද කරපු දෙයක් නැහැනේ බලාගෙන ගියහම .කොහොමෙන් හරි වැඩේ කරනවනේ එච්චරයි .දැන් පොර්ට් සිටි හොඳයි වගේ එහෙනම් .මහින්දට ජය වේවා.! (ර)
පුදුම යහපාලනයක්නේ....! (නි)
දැන්වත් තේරුම් ගන්න බොරුව කෙතරම් සුන්දර ලෙස ජනවිඥාන ගතකළාද යන්න. ජනතාව කෙතරම් අපූරුවට ගොනාට ඇන්දුවාද යන්න. (නි)
මේ වැඩේ ගැන මුලින්ම තිබුණ ප්‍රශ්නය වුණේ නිසි පාරිසරික අනුමැතියකින් තොරව පටන්ගෙන තිබුණ එක. පාරිසරික ගැටළුව විසඳුනා නම් යළි ඇරඹීමේ වැරැද්ද මොකක්ද? (නි)
මට අර ඉස්සර කියමනක් මතක් වෙනවා ..(බ)
වැඩ නවත්තපු නිසා රස්සා නැතුව අවුරුද්දක් දුක්වින්ඳේ චීනය නෙමෙයි, අපේ මිනිස්සු. වැඩ නැවැත්තුවාට ගෙවන වන්දියත් අලුත් ගිවිසුමින් චීනයට අයිතිවන බිම් ප්‍රමාණයත් වහාම ජනතාවට හෙළිකළ යුතුයි (නි)
ඔය නගරය නැවත පටන් ගන්නවා විතරක් නොවේ,..වැඩ නවත්වල තිබුණ කාලයට වන්දියකුත් ගෙවන්න වෙනවා ....ගිවිසුම් වෙනස් කළ බවට කියන්නේ පට්ටපල් බොරු.....(ම)
අලුත් ගිවිසුමට අනුව මේකෙන් තුන් කාලක් ඉන්දියාවට (ම)
මේවා ඇහෙනකොට හිනා.(හේ)
රට ඉදිරියට ගෙනියන්න මෙවැනි ව්‍යාපෘති කෙරෙන්න ඕනි එහෙම නැතිව පටු දේශපාලන වාසි ගන්න වැඩ පරක්කු කරන එක හැම දේකටම අහිතකරයි. (බ)
වැඩක් නෑ මේ ගැන කතා කරලා.(හේ)
කලින් කිව්වේ කොහොමද දැන් කියන්නේ කොහොමද?(හේ)
මේ වෙනකොට ඉවර වෙන්න තිබුන ව්‍යාපෘතියක්. (හේ)
ඉතින් අලුත් ගිවිසුමට අනුව චීනෙට කොටසක් ලියලා දෙන්නේ නැද්ද? (හේ)
යහපාලනයේ ගිවිසුම වෙනස් කළාද? එයම අනුගමනය කරනවද..ඔය ගිවිසුම එලියට දැම්මොත් හොදයි . නැත්නම් එක එකා බොරු ගිවිසුම් පෙන්නලා යහපාලනය අපහසුතාවයට පත්කරයි. (බ)
"මහින්ද රාජපක්ෂ රජයේ ගිවිසුම අනුව මුහුද මැද නගරයෙන් කොටසක අයිතිය තනිකරම චීනයට පවරා තිබුණි." එසේනම් නව ගිවිසුමේ හැටියට අයිතිය කෙසේද යන්න විනිවිදව ප්‍රකාශ කරන්න. නගරයෙන් කොටසක් යනු කොපමණ ප්‍රමාණයක්ද? (නි)
ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි..! දැන් සම්පූර්ණ අයිතිය අපේ, ඇමතිවරු ගසා කන්නෙත් නැහැ...(බ)
මේවා ඇහෙනකොට අර හංසයාට කතිර ගහපු අයගේ බඩේ පනුවෝ බොක්සින් ගහනවා (බ)
හිරාන්, ඔයාට හිනා යනවා. අපිට ඔයාගේ හිනාවට, පස්සෙනුත් හිනා යනවා. ඔහොම ඕනෙවට වඩා හිනා වෙන්න එපා. එහෙම හිනාවුන අයට අද තමන් ඉස්සර කරපු දේ වලට අඬන්න වෙලා තියෙන හැටි බලලාවත් මොලේ අමාරුව හොඳ කරගන්න. (බ)
අපේ ආර්ථිකය ඉහළට ගන්න හොඳ ව්‍යාපෘතියක් මේක. (නි)
බලය නොතිබුණ යුගයේ කියපුවා වැඩිය හිතන්න එපා. බලය ලැබුණාම තමයි දන්නේ එතෙන තිබෙන රශ්මිය.(ම)
මේක තමය් ආශ්චර්ය කියන්නේ, කලින් ආණ්ඩුව තියෙද්දී පරිසරයට හානි උනාට දැන් එහෙම වෙන්නේ නැති හැටි හරි පුදුමයි (කෞ).
මේවා අහලා අපිට පිස්සු වගෙයි (නි)
මේවා දැකලා පන යන කල් දැන් මටම හිනා . මහින්ද ජනපතිට ජයවෙවා (කෞ)
මේක රනිල් කරන්න ජපානෙට ආරාධනා කළේ අසූගණන් වල. එ්ත් ඊට කලින් ආණ්ඩුව පෙරලුනා. අද එ්ක තමයි ඔය එළියට එන්නේ. එ්කේ කොටසක් තමයි ඔය ගාලු මුවදොර සංවර්ධනය. ඕක මහින්දගේ වැඩක් කියලා පිළිගන්න මම නම් කැමති නැහැ (නි)
ඇස පනාපිටම තමන් දුන් පොරොන්දු කඩකරද්දීත් එ්කත් සාධාරණීකරණය කරන්න ඉන්දුලා, කුමාරලා වගේ කඩේ යන්නෝ ඉන්නවා. එදා වැරදි නම් ඒක කවදත් වැරදියි! තේරුම් ගන්න මෙයාලා අපිව රවට්ටලා ඡන්දෙ ගත්තා කියලා (නි)
මේක හොඳ ව්‍යාපෘතියක්.(හේ)
සියලු ගැටළු විසදුනා නම් දැන් චීනෙට කොටසක් දෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒක ගැටලුවක් නෙමෙයිද. යළි අධ්‍යයනය කිරීමෙන් පසු සොයාගත්තේ මොනවාද වෙනස් කලේ මොනවාද. ජනතාවට හෙලිකල යුතුයි.(හේ)
අපිට නම් කියන්න තියෙන්නේ කුහක දේශපාලනයේ ආදීනව කියායි (නි)
හොඳදේට හොඳයි කියමු (නි)
කෝ අර පරිසරය ගැන කිය කියා මහින්දට බැණපු අය? වැඩ නැවැත්තුවා විතරයි. මේකෙ පරිසර අධ්‍යයනහ කළේ මහින්දගෙ කාලෙමයි. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේක නතරකළේ ඡන්දෙට කලින් නතර කරනවා කියලා කී ලැජ්ජාව වහගන්න විතරයි. (නි)
විජේරත්නට ඇයි ඔච්චර තරහ ගියේ? (නි)
විජේරත්න, ලැජ්ජා නැද්ද නවත්තනවා කියලා බොරු ඡන්ද පොරොන්දු දීලා, චීනකාරයන්ව පතුරු ගහලා, දැන් සද්ද නැතුව පටන් ගන්නවා. (නි)
මෙහෙමත් ලජ්ජා. නැති මිනිස්සු. (බ)
මෙහෙමත් ලජ්ජා. නැති මිනිස්සු. (බ)
එතකොට ඕක එපා කියල යහපාලනෙට කඩේ ගිය අය පව් අප්පා.අගමැතිතුමානම් එදා කිව්වේ අනිවාර්යයෙන් නවත්තනවා කියල මිසක් ආයේ පටන් ගන්න බවක් නෙවි.කමක් නැහැ එදා ඉතින් ඒ විපක්ෂනායක තුමානේ. (බ)
අහිතකර කොන්දේසි ඉවත්කර ක්‍රියාවට නැංවීම හොඳ දෙයක්. (නි)