IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුහුණු බැඳන් ඝාතකයන් පොලිස් වෙසින් ඇවිල්ලා

වැල්ලම්පිටියේ තිදෙනෙකු මරා  දැමු  ඝාතකයන් අද (10) අලුයම මුහුණු බැඳගෙන ත්‍රීරෝද රියකින්  ගිය බවට  තොරතුරු  ඇතැයි ද සිසිටිවි ආරක්ෂක කැමරා වලින්  ඝාතකයන්  හඳුනා ගැනිමට  උත්සාහ ගන්නේ යැයි පොලිසිය පවසයි. පොලිසියෙන් පැමිණි බවත් දොර අරින්නැයි  පවසා ඝාතකයන් ගෙවල් වලට  ඇතුළු වී  ඇති බවත් කියයි.

මුලින්ම ඔවුන් කිත්තන්පහුවේ සාලිත නිපුණ(24) සොයා ගොස් ඔහුට වෙඩි තබා ඇත. සාලිත ප්‍රින්ස් කොලම්ගේ  අක්කා සමඟ විවාහ වී  සිටියි. ඔහුගේ ගෙදර තිබු කේරල ගංජා  තොගයක්  සොයා ගත් බව පොලිසිය පවසයි. සාලිතගේ  පපුවට  වෙඩි තැබු තුවක්කුකරුවන් ඉන්පසු  තරිඳු දිල්ශාන් සේනාරත්නගේ (19) නිවසට  ගොස් ඔහුගේ හිසට  වෙඩි තබා  ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු බිරිය සමඟ ඇඳේ නිදා සිටි බවත්  කියති.

ඝාතකයන් තරිඳුට  වෙඩි තබා එළියට අවුත්  උඩට ද වෙඩි තබා ඇතැයි ද තරිඳුගේ මාමා වන මොහොමඩ් රිස්මී (49) එළියට පැමිණ ඇතැයි ද ඔහුට ද වෙඩි තබා ඇතැයි ද පොලිසිය කියයි.

එක් අයකුට  වෙඩි උණ්ඩ තුනක් පමණ තබා  ඇති  බවත්  මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිත බවද පොලිසිය පවසයි.



අදහස් (0)

මුහුණු බැඳන් ඝාතකයන් පොලිස් වෙසින් ඇවිල්ලා

සුමිිත්‍රා බස්නායක Wednesday, 10 February 2016 06:04 AM

දැන් මීනිමරන්නේ බලපත්‍ර දීලා වගේනේ.(ම)

:       0       0

අබේරත්න Wednesday, 10 February 2016 11:50 AM

ජේමිස් බණ්ඩලා..." ලයිසන්ස් ටු කිල්" (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site