වැල්ලම්පිටියේ තිදෙනෙකු මරා දැමු ඝාතකයන් අද (10) අලුයම මුහුණු බැඳගෙන ත්‍රීරෝද රියකින් ගිය බවට තොරතුරු ඇතැයි ද සිසිටිවි ආරක්ෂක කැමරා වලින් ඝාතකයන් හඳුනා ගැනිමට උත්සාහ ගන්නේ යැයි පොලිසිය පවසයි. පොලිසියෙන් පැමිණි බවත් දොර අරින්නැයි පවසා ඝාතකයන් ගෙවල් වලට ඇතුළු වී ඇති බවත් කියයි.
මුලින්ම ඔවුන් කිත්තන්පහුවේ සාලිත නිපුණ(24) සොයා ගොස් ඔහුට වෙඩි තබා ඇත. සාලිත ප්‍රින්ස් කොලම්ගේ අක්කා සමඟ විවාහ වී සිටියි. ඔහුගේ ගෙදර තිබු කේරල ගංජා තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි. සාලිතගේ පපුවට වෙඩි තැබු තුවක්කුකරුවන් ඉන්පසු තරිඳු දිල්ශාන් සේනාරත්නගේ (19) නිවසට ගොස් ඔහුගේ හිසට වෙඩි තබා ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු බිරිය සමඟ ඇඳේ නිදා සිටි බවත් කියති.
ඝාතකයන් තරිඳුට වෙඩි තබා එළියට අවුත් උඩට ද වෙඩි තබා ඇතැයි ද තරිඳුගේ මාමා වන මොහොමඩ් රිස්මී (49) එළියට පැමිණ ඇතැයි ද ඔහුට ද වෙඩි තබා ඇතැයි ද පොලිසිය කියයි.
එක් අයකුට වෙඩි උණ්ඩ තුනක් පමණ තබා ඇති බවත් මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිත බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මීනිමරන්නේ බලපත්‍ර දීලා වගේනේ.(ම)
ජේමිස් බණ්ඩලා..." ලයිසන්ස් ටු කිල්" (බ)