උපතේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ මධ්‍යස්ථානයක් වවුනියාව රෝහලේ අරඹා ඇත.
නොමිලේ පැවැත්වෙන මෙම සැත්කම් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය රෝහලේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.
මුඛ ,හනුක, සහ මුහුණ පිළිබද විශේෂඥ වෛද්‍ය රන්ජන් මල්ලවආරච්චි , පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහලේ මුඛ හා භානුක මුහුණු පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ස්මයිල් ට්‍රේන් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පරාක්‍රම විජේකෝන් මහත්වරු සැත්කම් මෙහෙයවති.
දරු උපත් 900 කට එකක විකෘති ඇති විය හැකි බවත් වසරකට ලංකාවේ මෙවැනි දරුවන් 350 – 450 ත් අතර ප්‍රමාණයක් උපදින බවත් අවට පාරිසරික බලපෑම් , විටමින් ඌනතා සහ පාරම්පරික ජානමය හේතු නිසා එසේ සිදු වන බවත් විජේකෝන් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණේ අව ලස්සන නැති කරයි
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 18 December 2013 09:35 PM
ඉතා හොද දෙයක්. විකෘති බව නිසා ගොඩක් දුරට සමාජයෙන් ඈත්ව ජීවත් වෙන්නේ. අපේ සමහරක් අය.දක්ෂතා තිබුනත් එය සමාජයට ඉදිරිපත් කරන්න මැලි වෙන්නේ විකෘති බව නිසා. ඇත්තෙන්ම මෙය යහපතක් වගේම ලොකු පුන්‍ය කර්මයක්. වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය වගේම අති සාර්ථකව ඉදරියට මෙය ගෙන යන්න වාසනාව ලැබේවා.!(නදී)
දයා අලහාකෝන් Wednesday, 18 December 2013 01:30 PM
සාර්ථක වේ නම් සමාජයට යහපතක් වේවා! වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය.(නදී)
ප්‍රීනා Wednesday, 18 December 2013 01:59 PM
ඉතා හොඳ වැඩක්. සුබ පැතුම් ! (නදී)