උපතේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ මධ්‍යස්ථානයක් වවුනියාව රෝහලේ අරඹා ඇත.
නොමිලේ පැවැත්වෙන මෙම සැත්කම් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය රෝහලේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.
මුඛ ,හනුක, සහ මුහුණ පිළිබද විශේෂඥ වෛද්‍ය රන්ජන් මල්ලවආරච්චි , පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහලේ මුඛ හා භානුක මුහුණු පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ස්මයිල් ට්‍රේන් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පරාක්‍රම විජේකෝන් මහත්වරු සැත්කම් මෙහෙයවති.
දරු උපත් 900 කට එකක විකෘති ඇති විය හැකි බවත් වසරකට ලංකාවේ මෙවැනි දරුවන් 350 – 450 ත් අතර ප්‍රමාණයක් උපදින බවත් අවට පාරිසරික බලපෑම් , විටමින් ඌනතා සහ පාරම්පරික ජානමය හේතු නිසා එසේ සිදු වන බවත් විජේකෝන් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද දෙයක්. විකෘති බව නිසා ගොඩක් දුරට සමාජයෙන් ඈත්ව ජීවත් වෙන්නේ. අපේ සමහරක් අය.දක්ෂතා තිබුනත් එය සමාජයට ඉදිරිපත් කරන්න මැලි වෙන්නේ විකෘති බව නිසා. ඇත්තෙන්ම මෙය යහපතක් වගේම ලොකු පුන්‍ය කර්මයක්. වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය වගේම අති සාර්ථකව ඉදරියට මෙය ගෙන යන්න වාසනාව ලැබේවා.!(නදී)
සාර්ථක වේ නම් සමාජයට යහපතක් වේවා! වෛද්‍යවරුන්ට මගේ ප්‍රණාමය.(නදී)
ඉතා හොඳ වැඩක්. සුබ පැතුම් ! (නදී)