වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිවේදී නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ නව සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති විසින් පත් කරනු ලැබීමට නියමිතය.
ස්වාධීන රූපවාහිනියේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා දැනට එහි සභාපතිවරයාය. ඔහු ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස පමණක් කටයුතු කරනු ඇතැයි අගමැති කාර්යාලය කියයි.
නව සභාපති නානාක්කාර වසර 25ක සිට නීතිවේදියකු ලෙස කටයුතු කර ඇත. මේ අතර පසුගියදා මහජන බැංකුව මහා පරිමාණයෙන් ගෙනගිය දැන්වීම් ප්‍රචාරක කටයුතු ගැන පරීක්ෂණයක් අරඹන ලෙස එහි වෘත්තීය සමිති අගමැතිගෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර විද්‍යානුකූල කැබිනට් එක වගේ මේකත් විද්‍යානුකූල පත්කිරීමක්ද? (නි)
මේක තමයි ලංකාවේ නියම පාට. මෙතනට ඕනෑ බැංකුකරණය පිළිබඳ විශේෂඥයෙකුයි (නි)
අපි බලමුකෝ (නි)
බැංකුව උසාවියක්ද (බ)
මෙතුමා හොඳ කළමනාකරුවෙක්, රටේ පිළිගත් නිතිවේදියෙක් , සාධාරණ මිනිසෙක් , බුද්ධිමත් නිසා මහජන බැංකුව හොඳට ගොඩ දාලා දේවි . අපේ උණුසුම් සුබ පැතුම් ..... පහුගිය කාලේ හොරකම් ගැන හොඳට හොයල බලන්න....(බ)
මෙතුමා නීති වෘත්තීය මෙන්ම බැංකු කටයුතු, වංචා දුෂණ පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඇති අයෙක්. (නි)
අපි බලමු මොකද වෙන්නෙ කියලා (නි)