පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තමන් විරුද්ධ බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමා ගිනිඅවි ලබාගෙන නැති බවද,එසේ ලබාගැනීමටද බලාපොරොත්තුවක් නැති බවද ඔහු කියයි.
තම පෞද්ගලික මතය වන්නේ මහජන නියෝජිතයින්ට ගිනිඅවි අවශ්‍ය නැති බව යැයිද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා නම් සැබෑ වීරයෙක් (නි)
ඊනියා ජනතා නියෝජිතයන්ගේ සැබෑ මුහුණ පෙනෙන්නේ බලය අතටගත් පසුවයි. ඡන්දය හිඟන්න ගෙයක් ගෙයක් ගානේ යනකොට ආරක්ෂක නිලධාරීන් කවුරුත් ළඟ නැහැ. මේගොල්ලන්ට කාල තුවක්කු සපයලාවත් ඔය බය නැති කරන්න පුළුවන්කමක් නැහැ. මේ කතාව සහතික ඇත්ත. (නි)
ඔබ හරි. ඔවුන්ට මොකටද ගිනි අවි? (නි)
ගිනි අවි අවශ්‍යවන්නේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වුනාට. (අ)
කතාව සම්පුර්ණයෙන් ඇත්ත , ජනතා නියෝජිතයන්ට කුමටද ගිනි අවි ? (ර)
උබ තුමාට ප්‍රණාමය.! (ර)
පළමුව මන්ත්‍රීට, දෙවනුව ලේකම්ලට , මේකත් වාහන පර්මිට් වගේ වෙනවා සිකුරුයි. (අ)
රටේ මීළඟ බලාපොරොතුව, ඔබට ජය. (ර)
අපේ ආචාරය.! (ර)
ඡන්දෙ දුන් අය මරණය ද? ශ්‍රේෂ්ට පියෙකුගේ පුතෙකුට දෙන විදිය ස්තුතියි ඔබට මගේ ප්‍රණාමය (අ)
මහජන නියෝජිතයින්ට මොකටද ගිනි අවි.අනේ මන්දා (හේ)
සහතික ඇත්ත. මහජනයා වෙනුවෙන් මැරෙන්න වුනත් ලැහැස්ති කට්ටිය.(හේ)
ඔබෙ අදහස අගය කරමි. අවි වුවමනා කරන්නේ ජනතා සේවකයන්ට නොව ජන හතුරන්ටය. (බ)
තමන් අවංකව සේවයේ යෙදෙනවා නම්, අනුන්ගෙන් කඩා වඩා ගන්නේ නැති නම්, බලය අනවශ්‍ය ලෙස පරිහරණය නොකොට, අන් අයට හිරිහැර නොවන සේ සාධාරණව කටයුතු කරනවා නම්, ආරක්ෂකයෝ දෙදෙනෙකුත් ඉන්නවා නම් ගිනි අවි අවශ්‍යද ? (බ)
ආයි අප්පා ඔච්චර තේරෙන්නේ නැද්ද? සීඅයිඩී ඒකෙන් පන්නනකොට සිය දිවි නහගන්න තමා (බ)
ලැජ්ජා නැති වැඩ කළාට පස්සේ චාටර් වුණාම බඩ කපා මැරෙනවාට වඩා වෙඩි තියාගෙන මැරෙන එක කොච්චර හොඳද (බ)
මාතෘකාවට අනුව ගහන මඩි මාට්ටු උවහොත් සියදිවිහානි කරගැනීමට හා බලයේ ඉන්නතුරු එදිරිවාදින්ගෙන් තමන්ගේ පන නල ආරක්ෂා කරගැනීමට.(අ)
ඊනියා ජනතා නියෝජිතයන්ගේ සැබෑ මුහුණ පෙනෙන්නේ බලය අතට ගත් පසුවයි. දීපු බොරු පොරොන්දු කඩ කරලා ජනතාවගේ සල්ලි වලින් විදේශ ගිණුම් පුරවන කොට ඇතිවන මරණ භිය අපට හිතා ගන්න ගන්න පුළුවන් .චන්දය හිඟන්න ගෙයක් ගෙයක් ගානේ යනකොට පොල්කට්ටක් වගේ දෙයක් හැරුන කොට බොඩි ගාර්ඩ් ල වත් ළඟ නැහැ මේ ගොල්ලන්ට කාල තුවක්කු සපයල වත් ඔය බය නැති කරන්න පුළුවන් කමක් නැහැ..(බ)
ඒක හරි.(හේ)
දැන් රටේ පවතින සාමකාමී තත්ත්වය අනුව ගිනිඅවි අවශ්‍ය නැහැනේ (නි)