IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 72 වැනි වියේ පසු වූ ඒ මහතා ගොඩඋඩ කනිටු විද්‍යාලයෙන්, ගොඩඋඩ මහා විද්‍යාලයෙන්  අධ්‍යාපනය ලබා පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට එක් විය.

සෞන්දර්ය  අධ්‍යායන ආයතනයෙන් බිහි වූ  ප්‍රථම ලලිත කලාවේදී උපාධිධාරි  කණ්ඩායමේ සාමාජිකයකු වූ කෝට්ටේගොඩ  මහතා 1978 දී කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශට බාහිර කථිකාචාර්යවරයකු  ලෙසින් එක් වී පසුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ  නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපති  මෙන්ම එහි උපකුලපතිවරයා ද විය.

සෞන්දර්ය  අධ්‍යායන ක්ෂේත්‍රයේ  පළමු මහාචාර්යවරයා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාද වන්නේ  කෝට්ටේගොඩ  මහතාය.

පහතරට නර්ථන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ  ක්ෂෙත්‍රය වෙනුවෙන් පර්යේෂණ  කෘති 30ක් එලි දක්වා ඇති අතර ඉන් බොහොමයක්  රාජ්‍ය සහිත්‍ය සම්මානයට පාත්‍ර විය.

කලක් ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු, රාජ්‍ය උත්සව හා විදේශිය උත්සවවලදී  නර්තන ඉදිරිපත්  කළ අතර සිංගපූරුවේ  ආසියානු  අධ්‍යාපන විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී අධ්‍යාපන  නායකත්ව සම්මානය හිමිකර ගත්තේය.

කෝට්ටේගොඩ මහතාගේ දේහය අද පෙරවරු 10.00 කොළඹ  සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට  ගෙන එන අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරලැස්ගමුව සුසාන භූමියේදී සිදු කෙරේ.



අදහස් (1)

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි

Senarath Friday, 18 April 2025 08:53 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site