පිළියන්දල නිවුන්දම රජයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුගේ නිවසේ, සේවිකාවක (50) හාම්පුතාගේ ඇඳුම් ඇඳ පිරිමි වෙස්ගෙන නිවසක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. ගෙහිමියා බැහැරට ගිය අවස්ථාවේ මෙහෙකාරිය මිනිස්වෙස්ගෙන මුහුණද ආවරණය කරගෙන රුපියල් 15,000ක්ද රන් වළල්ලක් ද කොල්ලකා ඇතැයි ද සි.සී.ටීවී කැමරා ඇය අත්අඩංගුවට ගැනීමට ද උදවු බව පිළියන්දල පොලිසිය කියයි. අනුරාධපුරයේ පදිංචි මෙම මෙහෙකාරිය මෙම නිවසට පැමිණ මාස හත අටක් බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි වෙස් ගෙන කියල කතාවේ සඳහන් වෙලා තියෙනවා. අහවල් ඇන්නෑවකටද ඕවට ඔච්චර වාද කරන්නේ. පිරිමියාට මිනිහා , ස්ත්‍රියට ගැහැණිය යනුවෙන් වහරන බව නොදන්නේද? (නදී)
මෙහෙකාරියක් උනාට එයත් මනුෂ්‍යයෙක්.මිනිස් කියන්නෙත් මනුෂ්‍යයෙක් කියන එකමනේ.ඉතින් එයාට අමුතුවෙන් මිනිස් වෙස් ගන්න උවමනා නැහැනේ. (දී)
අනේ මේවගේ මිනිස්සු (දී)
මම හිතන්නේ හාම්පුතා ගේ ගෙදෙර කොල්ල කන්න පෙරහුරුවක් වෙන්න ඇති. අද කාලයේ හැටියට , ගෙදෙර මෙහෙකරුවන් තියාගන්න පුළුවන් ආර්ථික තත්වයක් තියනවා කියන්නේ සැහෙන සල්ලිය භාගේ තියන තැනක් නේ. (දී)
චන්ද්‍ර, මිනිස් සහ මිනිහා කියන දෙකේ වෙනසක් තියෙනවා නේද? (දී)
අනුරාධපුරයේ සි.සී.ටීවී කැමරා නැද්ද? (අ)
දැන් වෙස් මාරු කලා කියල වැඩේ අහු උනේ නැද්ද? (දී)
මෙහෙකාරිය මිනිස් වෙස් ගනීද ,පිරිමි වෙස් ගනීද? ඔබේ මනාපය දැන්ම එස් එම් එස් කරන්න (නි)
මේ මොලේ හොඳ දෙකට යෙදෙව්වානම් (දී)
අනේ අපේ රටට ගිය කල (දී)
මිනිස් වෙස් ගත්තාම එයා හොරෙක් නෙමෙයිද? (දී)
හාම්පුතාගෙයි මෙයාගෙයි මොකක් හරි හිතවත් කමකුත් නොතිබුනාය කියන්නත් බැහැ වගෙයි මටනම් පෙන්නේ (දී)
කොච්චර මූණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ කියල කියමනක් තියෙනවනේ! (දී)
මෙහෙකාරිය මිනිස් වෙස් ගනීද ,පිරිමි වෙස් ගනීද (දී)
එතකොට දැකපු මිනිස්සු කියන්නෙත් මිනිහෙක් කොල්ල කැවා කියලානේ (දී)
ඇත්තටම මිනිස් වෙස් ගන්න මේ කාන්තාව යක්ෂයියක්ද (දී)
මටත් හිතුනේ මේ ගැහැණිය මිනිස් වෙස් ගත්තම එතකොට කලින් යකින්නියක් වෙලා හිටියද කියල ? අනේ මන්ද (ස)
කොපමණ වෙස් බෙන්දත් නටන්නේ එළියේ කියලා කතාවක් තියෙනවා .මෙයාට දක්ෂ නිලියක් වෙන්නට පුළුවන් . (ස)
ආයතනයක ලොක්කෙකුගේ කිව්වා නේද? ෂුවර් එකට ඒ හොරා හොරුන්ගෙත් හෙරක්.(නදී)
මිනිස් වෙස් නෙමෙයි , පිරිමි වෙස් නේද? (දී)
මේ හොරකම සිද්ධ වුණේ අපේ ගෙවල් ළඟ.මම හොඳට දන්නා කෙනෙක්. (නි)
මෙයා දක්ෂ නිළියක්ද ? (නදී)