2013 මිහිකත රූ රැුජිණ (සුළඟ) MS Earth (Air) අංශයේ කිරුළ දිනූ ඔස්ටි‍්‍රයා ජාතික සුරූපී කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ 2014, දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ අවසන් තරඟයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමටය. දන්ත වෛද්‍යවරියක වන නමුදු සුරූපී කාටියා කටයුතු කරන්නේ වෘත්තීය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේය. ඔස්ටි‍්‍රයාවේ වියානාහි ඇය සතුව "Nails (2) go" නමින් රූපලාවන්‍ය ආයතනයක් ඇත. දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ආචාර්ය උපාධිය සඳහා තවදුරටත් උසස් අධ්‍යාපනයෙහි යෙදීසිටින කාටියා ඔස්ටි‍්‍රයාවට අභිමානයක් ගෙනදුන් සුරූපිනියකි. ලෝක රූ රැජිණ තරගයකදී ඔස්ටි‍්‍රයාවට ජයග‍්‍රහණයක් ලබාදුන් ප‍්‍රථම තරුණිය ඇය වීම ඊට හේතුවය. ඔස්ටි‍්‍රයාවේ වියානාහිදී උපත ලද කාටියා වියානා සරසවියේ උපාධිධාරිණියකද වන්නීය. 1988 දී උපත ලද කාටියා හට ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, රුසියානු සහ ඉන්දුනීසියානු භාෂා පුළුවනි. ඇයගේ පියා ඉන්දුනීසියාවට සහ චීනයට උරුමකම් කියන ජාතිකයෙකි. මව ඔස්ටි‍්‍රයානු කාන්තාවකි.
”මගේ මව හරිම උසයි, ඒත් තාත්තා හරිම මිටියි. නමුත් ඒ දෙන්නගෙ ආදරයට උස් මිටි භේදයක් නැහැ.” කාටියා පවසන්නීය. වැඩිමහල් සහෝදරයකු ඇයට සිටී. සුරූපී කාටියා ශ්‍රී ලංකාවේ ගතකළ දින කීපය ගෙවා දැමුවේ මෙලෙසිනි.
කාටියා ඔබ ලංකාවට පැමිණියේ කවදද?
ජූලි 30 වැනිදා පාන්දර
ශ්‍රී ලංකාවට ආවාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?
කොහොමටත් මම ආසියාවට කැමතියි. මේ වගේ සුන්දර රටකට ඒමට මට අවකාශය ලබාදුන් ”දෙරණ” ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනෑ.
කොහොමද මෙහිදී ලැබුණු පිළිගැනීම?
ශ්‍රී ලාංකීය සම්ප‍්‍රදායට අනුව නැටුම් සහ බෙර වැයුම් සමග ඉතා උණුසුම් අයුරින් මාව පිළිගත්තා. එදින රාත‍්‍රී කොළඹ හිල්ටන් හෝටලයේ මා වෙනුවෙන් විශේෂිත පිළිගැනීම් උත්සවයක් තිබුණා.
එදා රාත‍්‍රී විශේෂිත ප‍්‍රියසම්භාෂණයක් පැවැත්වුණා. ඒ වෙනුවෙන් මෙරට විවිධ ක්ෂේත‍්‍රවලට අයත් ජනප‍්‍රිය චරිත මා සමග එක්ව සිටියා.
වැලිමඩට ගියා. වැලිමඩ ගුරුතලාවෙදි මට විශේෂිත පිළිගැනීමක් ලැබුණෙ. ”මිකල් හීල්ඞ්” කියන කාබනික ගොවිපළ විවෘත කළා. රසායනික පොහොර නොයොදා එළවළු වවන ලංකාවේ විශාලතම ගොවිපළ එයයි. ඊට පෙර උදය ගම්මන්පිල මහතා මුණගැහුණා. ඔහු මට රන් ආලේපිත ඇත් රූපයක් තෑගිකළා. අපි පරිසර වැඩසටහන් ගැන කතාකළා. ගුරුතලාවෙදි මම පරිසරය සුරැකීම ගැන දේශනයක් පවා කළා. කොහොමටත් ලෝකයේ පරිසරය සුරැකීම සම්බන්ධව කෙරෙන ව්‍යාපෘතිවලට මා දායකවෙනවා.
වැලිමඩදී ඒවාට විතරද සහභාගී වුණේ?
සමනලූන්ගේ විස්තර ඇතුළත් ලංකාවේ ප‍්‍රථම සමනළ කෞතුකාගාරය විවෘත කළා. මා වෙනුවෙන් දිවා ආහාරයක් පිළියෙළ කර තිබුණා. කාබනික පොහොර යොදා වගාකළ එළවළු තමයි ආහාරයට ගත්තෙ.
ඓතිහාසික කැලණි විහාරයට ගියා. කැලණි විහාරාධිපති නායක හිමි පිරිත් නූල් මට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මම උන්වහන්සේගෙන් බුදුදහම ගැන බොහෝ දේ දැනගත්තා. බුදුදහමට කොහොමටත් මා ලැදියි. එය ජීවිතය අරුත්බර කරවන ශ්‍රේෂ්ඨ දර්ශනයක්. උන්වහන්සේට මගේ ගෞරවය පුදකළා. උන්වහන්සේ මට තැඹිලිවලින් සංග‍්‍රහ කළා. ලංකාවේදි මගේ ප‍්‍රියතම පානය වුණේ තැඹිලි වතුරයි.
එදින සවස කොළඹ කෞතුකාගාරය නැරඹීමට ගියා. එහිදී ලංකාවේ යුග ගැන දැනගත්තා. රාජසිංහ රජුගේ පුටුව පවා දැකගත්තා. ඊළඟට පාර්ලිමේන්තුවටත් ගියා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විස්තර ගොඩාක් දැනගත්තා. එහිදී මට පොතකුත් තෑගි ලෙස ලැබුණා. තේ පැන් සංග‍්‍රහයකුත් ලැබුණා. ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන්ගේ ඡයාරූප නැරඹුවා. එදා හවස සාප්පු සවාරියේ ගියා.
වස්කඩුව සිට්රස් හෝටලයට ගියා. ”දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා” 2014 අවසන් තරඟය පැවැත්වුණේ එහිදීයි. එහි ප‍්‍රධාන සම්භාවනීය අමුත්තිය වීම මා ලද භාග්‍යයක්. දෙරණට නැවතත් මගේ ප‍්‍රණාමය. ‘‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා’’ අවසන් තරඟයට සුරූපී තරුණියන් රැසක් සිටියා. ඒ අය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වයටත් වඩා සුන්දරයි. මේ දෙරණ ඇත්තටම සුන්දරයි. මෙහෙම ඒමට ලැබීමත් මා ලද භාග්‍යයක්.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කය ජරාවට පත්වෙන බව, අවිද්‍යාවෙන් වැහිලා තිබෙන බව සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි).
අපේ දේශපාලක ඇත්තන්ට ඇහැ ගැහෙන්න එහෙම යනවා නෙමෙයි (නි)
මේ වගේ ගැහැණු ළමයෙක් මට ලැබෙනවා නම්.... (නි)
මේ ලස්සන ගැහැණු ළමයව ඉක්මනට එයාගේ රටට යවමු. නැතිනම් ලංකාවේ මන්ත්‍රීවරු ඇයවත් දූෂණය කරලා මරල දාළ, හිනාවෙවී උසාවි එයි. (නදී)
නගා, වාරියපොළ පැත්තේ එහෙම ගියේ නැද්ද?? (නි)
මේ ලස්සන ගැහැණු ළමයව ඉක්මනට එයාගේ රටට යවමු. (නි)
ලොකු වාසනාවක් තිබිලද කොහෙද තංගල්ලට ගිහිල්ලා නැත්තේ (නි)
අනේ මේ ළමයට දෙයියන්ගෙම පිහිටයි. (අ)
මෙයා කරි චිකන් එකක් වගේ (අ)
මෙහෙ ඉඳල තියෙන්නේ අැඳුම් නැතිවද? (ස)
මොනව පෙන්නන්නද මෙහෙ ආවේ? (ස)
ඉන්න අය මදිවාටද? (ස)
අපේ කට්ටියගෙන් බේරිලා ගෙදර ගියානම් ලොකු දෙයක්! (දී)
මෙයට හොදට සිංහලත් පුළුවන්නේ. (නදී)
මේකද ලස්සන කියන්නේ? ලංකාවේ හැම කෙල්ලම මෙයිට වඩා හොඳයි. ලස්සනයි. (නදී)
තංගල්ල පැත්තට නොගිය එක නම් ලොකු දෙයක් (නි)
වෙලාවට අර තංගල්ලේ එක්කෙනා ඇතුලේ නැත්තම් මෙයා බේරිලා යනවා බොරු. (නදී)
දෙවියන් වහන්සේ එක්කෙනෙකුට දෙන්නේ එක දෙයයි කියන්නේ බොරුනේ. දන්ත වෛද්‍ය , රූ රැජින භාෂා කීපයකටත් දක්ෂයිනේ. එයා නම් හැබෑම ලස්සනයි. නුවන්ගේ අදහසටත් අවංකවම එකඟයි. (නි)
අපේ තංගල්ල හරි ජනප්‍රිය වෙලා. එම ජනප්‍රිය බව ලබාදුන් ඔබට සිරගෙදර දුකක් කරදයක් නැතුව සිටින්නට ලැබේවායි පතමි (නි)
මෙයා ලස්සනයි වගේම මේකප් එක හොදට ගැලපෙනවා. අපේ අයටත් උගන්නන්න ඕනේ මේවා. අපේ මේකප් මුනම වෙනස් කරලා දානවා. වෙස් මුණක් වගේ. (නදී)
මම ලංකාවට නිවාඩුවට ඇවිල්ලා හිටි ටික කාලෙදී, උදේ පාන්දරට බිව්වෙම තැඹිලි. (නි)
එයා ගොඩක් ලස්සනයි (නදී)
තංගල්ලට ගියා නම් මේ කතාව සම්පුර්ණයෙන් වෙනස්වන්නට ඉඩ තිබුනා (නි)
විදේශිකයින්ට අපේ රට තුළවැඩියෙන් ආරක්ෂාව සලසන්න ඕනෑ. අපේ රටට කැළලක් හෝ ඔවුන්ට අපහසුවක් වෙන දේ වලින් සියලුම විදේශිකයින්ව ආරක්ෂා කරගත යුතුයි. ශ්‍රී ලාංකිකයින් හැටියට එය අපේ සැමගේම වගකීමක් (නි)
තංගල්ලේ නොගිය එක නම් හොඳයි. (නි)
ඇත්තටම ලස්සනයි (නි)
ඇත්තටම ඇය ලස්සනයි (නි)
ලස්සනයි (දී)
ලංකාෙවේ මීට වඩා රූමත් අය ඉන්නවා. (නදී)