IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

සිතුම් චතුරංග

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවූ අයකු වවුනියාව ,මහකච්චකොඩිය ගම්මානයෙන් වාර්තාවීමත් සමඟ එම ගම්මානය ඊයේ (27) දිනයේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතා පවසයි.

එම ගම්මානයට ඇතුල්වන සියලු මාර්ග මාර්ග බාධක යොදා දින 14 කාලයක් අවහිරකර ආරක්ෂක අංශ හා පොලිසිය යෙදවීමටද කටයුතු කළ බවත් එම ගම්මානයේ පුද්ගලයින්ගේ ඇඳිරිනීති බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි වවුනියාව , මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකු හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඊයේ දිනයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොරෝනා වෛරස මර්ධන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

වවුනියාව නාවික හමුදා සෙබලා හට කොවිඩ් 19 වෛරසය ඇතිදැයි පරීක්ෂා කිරිමට පී.සී.ආර් පරීක්ෂණය සඳහා වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් නාවික හමුදා භටයා රැදී සිටින නිවසටගොස් ජෛව සාම්පල ලබාගැනීම ඉකුත්දා (25) සවස සිදුකළ අතර එහි වාර්තාව පෙරේදා(26) ලැබී තිබුණි.

පරීක්ෂණයට යොමුකළ නාවික හමුදා සෙබලා පසුගිය 22 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ ඇති අතර ඔහු සංචාරය කළ ස්ථාන අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඔහු හා සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් දින 21 කාලයක් නිරෝධායනයට ලක්කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසීය.

මහකච්චකොඩිය ගම්මානය සඳහා ඇතුළුවීමට අවසර ඇත්තේ සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවා පමණක් වන අතර ඔවුන්ද විෂබීජහරණයට ලක්කොට ඇතුළුවීමට හා පිටවීමට කටයුතු සලස්වා ඇති බවද වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site