
(නිමල් ජයරත්න)
මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද ආරම්භ කළහ.
වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කඩවතමඩුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඉඩම්පිටියේ වජිරාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදුකලහ.
ඒ අනුව ජනවාරි 18 වෙනිදා සිංහල, දමිළ, මුස්ලිම්, ඇතුළු සියලු ජාතීන් හා ආගම් නියෝජනය කරමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල නිර්මාතෘ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙහිදී පැවසීය.
මෙම විශ්වවිද්‍යාලය සඳහා දැනටමත් අයදුම්පත් තුන්දාහක් පමණ ලැබී ඇති අතර මෙහි අධ්‍යාපන ලැබීමට දාහ දාහකට ආසන්න සිසුන් සංඛ්‍යාවකට, අධ්‍යාපනය ලබා දීමට සියලු පහසුකම් පවතින බවත්, ලෝකයේ ජා ත්‍යන්තර තලයේ පහසුකම් පවතින විශ්ව විද්‍යාලයක් බවට පත්කර ඇති හිස්බුල්ලා මහතා කීය.


2025 දෙසැම්බර් මස 18
38
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
127
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහා සඟරුවනේ ආශිර්වාදයෙන් මඩකළපුව සරසවියේ වැඩ පටන් ගනී
Lal Thursday, 14 December 2023 05:23 PM
බොහොම හොඳ වැඩක්... සැමටම සුබපැතුම්...!!!
Fairoos Thursday, 14 December 2023 05:43 PM
අපරාදෙ, ගෝඨාභය හිටියා නම් ඒක ආමි කෑම්ප් එකක්...
Siri Thursday, 14 December 2023 06:31 PM
දැන් එතකොට ෂරියා නොවේද? නැත්නම් කොලේ වහලා ගැහිල්ලක්ද?