මහ වැසි නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 70ක් පමණ ආරෂිත ස්ථාන කරා ඉවත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ගෙවුණු පැයේ මිලිමීටර 100කට අධික වර්ෂාපතනයක් වාර්තා වූ නිසා මනිය (සීනුව) ගසා ප්‍රදේශවාසීන්ට අනතුරු සංඥා නිකුත් කළ බව එම මධ්‍යස්ථානය පවසයි.
කොස්ලන්ද - වැල්ලවාය මාර්ගයට ස්ථාන තුනකින් පස් කඳු කඩා වැටීම නිසා අවහිර වී තිබේ.
හල්දුම්මුල්ල අමුපිටිකන්දේ දියගල පවුල් 60ක් ඉවත් කර තිබේ.
පසුගිය වසරේ මීරිය බැද්දේ නායයෑමෙන් තිස් දෙනක් පමණ මිය ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd