රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 15 දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මෙරට රාජ්‍ය හා පුද්ලික අංශයට අයිතිවාසිකම් අහිමිකරන සහ නොයෙක් කප්පාදු කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරුපුරුදු පුරුදු අතහරින්නට කලක් යයි වගේ (නි)
යමෙක් තමාට සැප බලාපොරොත්තුවෙන් තමා සේම සැප කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළයිද හේ පරලොවදී සැප නොලබයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක! (නි)
මේව පරාජිත ඇතැමුන් කරන උසි ගැන්වීම්.(අ)
මෙවර අයවැය අවුල් ජාලයක්, පැලැස්තර ගහල , කපල කොටල අලවල කොහොමහරි කරන්නයි කල්පනාව.(අ)
අය වැය හොඳට කියවන්න මේක ලංකා ඉතිහාසයේ දුප්පතුන්ට බදු ගහල මාසෙකට ලක්ෂ ගණන් අදායම ලබන අයට බදු සහන දීපු අය වැයක් මේ නිසා රජයට අහිමිවන මුදල රුපියල් මිලියන 20,000 කට වැඩියි .මෙම අහිමිවීම පියව ගන්නේ ජාතිය ගොඩ නැගීමේ බද්ද 2% සිට 4% දක්වා වැඩි කිරීමෙන් හිතනවට වඩා වැඩේ දරුණු වෙනවා ජනවාරි පටන් සියලුම භාණ්ඩ හා සේවා 5% මිල වැඩි වෙනවා . තව ගිණුම් තබන්නන්ගේ රැකියා දහස් ගනනක් රැකියා අහිමි වෙනවා ,අදායම් බදු ලිපි ගොනු 100,000 ක් පමණ වැහෙන නිසා .(අ)
රටේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවෙනවා (නි)
අපි එක්ව වැඩ වරමු. අ.පො.ස.සා/පෙළ විභාගය අමතක කරමු. (නි)
මේ සමන්ලා නේද මේ ආණ්ඩුව ගෙනාවේ, ඉස්සර තිබුණ විදිය හොඳ නැහැ කියලා? ඉතින් කුම්බලා මාලු කෑවා නම් විඳවන්නත් එපැයි... (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා? (නි)
අවුරුදු පහෙන් විශ්‍රාම දෙන එකත් නැවැත්තුවා නම් ටිකක් හරි අයවැයේ සාධාරණයක් තියෙනවා කියලා හිතන්න තිබුනා. (නි)
අනේ මම දන්නෙ නැහැ මේවා. හරියට කරුවලේ අතගානවා වගේ. (නි)
ලියොන් මේ අයවැයට ජන්දෙ දුන්නේ මිනිස්සු නෙමෙයිනේ. ජන්දෙ දුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අය. ඒ අයට මහජනතාවට මොනව උනත් ඒ අයගේ මන්ත්‍රීකම රැකෙනව නම් ඕනම දේකට ජන්දය දෙනවා. ඒකයි ඇත්ත. ඕකේ නිදි කිර කිරා ඉන්න මිනිස්සුන්ට ඇහැරෙන්නේ තමන්ට දෙයක් නැතිවෙනවා කියුවොත් විතරයි අනිත් ඒනම දේකට නින්දෙන් හරි අත උස්සල ජන්දෙ දෙන ජාතියෙ කුම්භකර්ණ ජනතා නියෝජිතයො ටිකක් ඉන්නේ. (රේ)
නව රජයේ මුල්ම අයවැය යෝජනා කාටත් සහන සැළසු එකක් කියා වැඩි ඡන්ද සිය ගණනකින් සම්මත කරගෙන තිබියදී රජයේ සහ පුද්ගලික අංශ වල වෘත්තිය සංගම් එකතුව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන්නේ දුප්පත් මහජනයා කබලෙන් ළිපට වට්ටන්නද? දොස්තරලා පෙරගමන් දැනටමත් අරඹා තිබෙන නිසා දුප්පත් ජනයා විඳින දුක පුවත්පතේ පින්තූර වලින්ම අපි දැක්කා (නි)
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාවයි මේ රටේ ජනතාව බලයට පත්කළේ මේ විදියට වෙන්න නෙමෙයි. දැන් රටේ ජනතාව බුද්ධිමත් (නි)