(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන 22 වැනිදා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගය කිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා  පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහලේකම්වරයාට සමුදීමේ උත්සවය පාර්ලිමේන්තුවේදී ලබන 22 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරිය  ලෙස  පත්වීම  පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා නිවේදනය කිරීමට තීරණය කර ඇත.