IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මහ ලොක්කෙක්ගෙ දුක

2016-06-07-ent-07ආණ්ඩුවට ආදායම සොයල දෙන තීරැ බදු එහෙම නූලට අයකරන ආයතනෙක ලොක්කෙක් පසුගිය දාක තමන්ගෙ අමාත්‍යංශයට සම්බන්ධ දෙවැනි මට්ටමේ දේශපාලන ලොක්කෙක් මුණගැහුණා. 

දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වුණත් උන්නැහේ හිටියෙ බොහොම මානසික මට්ටමින් වැටිල... "සර් මම දෙපාර්තමේන්තු ගණනාවක ලොක්කෙක් හැටියට වැඩකළා. ඔබතුමා දන්නවනේ"... කියල උන්නැහේ කතාව පටන්ගත්තා. "මුකුත් ඉතින් ප්‍රශ්නයක්ද? මොනවහරි තියනව නම් කියන්න" දේශපාලන ලොක්ක කිව්ව.

"ප්‍රශ්න එකක් නෙවෙයි සර්. ප්‍රශ්න පත්තරයක්... සර් මේ කතාව අපේ නෝන මහත්තයවත් හරියට දන්නෙ නැහැ. මෙහෙන් දෙන නියෝග තවදුරටත් ක්‍රියාත්මක කරන්න ගියොත් නම් සර් මට කවද හරි නවතින්න වෙන්නෙ වැලිකඩ". දෙපාර්තමේන්තු ලොක්ක දිග කතාවක් කෙටියෙන් කිව්ව...
"කිසිම ලිඛිත නියෝගයක් නැහැ. කව්දෝ කාන්තාවක් කතා කරලා මට අණ කරනවා අරක කරන්න මේක කරන්න කියලා. නොකළොත් ඉහළින් කැඳවනවා කියනවා. මේ කියන දෙවල් සර් එකක්වත් කරන්න පුළුවන් වැඩ නොවේ..."

දෙපාර්තමේන්තු ලොක්ක ආයෙම කියාගෙන ගියා.

"මම මෙහෙට එන්න කලින් හිටියෙ මහ ලේකම් කන්තෝරැවෙ එතනින් මෙතෙන්ට ආවමයි රඟ දැනුණේ" එයා අයෙම කිව්ව. දේශපාලන ලොක්ක දෙවැනි මට්ටමේ කෙනෙක් නිසා එයාටත් මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් නැහැ දෙන්නම ටික ලොවක් මූණට මූණ බලාගෙන ඉඳල යන්න ගියා. 

 

DESHAYA



අදහස් (0)

මහ ලොක්කෙක්ගෙ දුක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site