මැදියම් රැය ආසන්නයේ අවිස්සාවේල්ලේ නීතිඥවරියක පොලිසියට හදිසි ඇමතුමක් දී ගෙදරට හොරුන් පැන ඇති බව පෙනේ යැයි පැමිණිලි කළාය.
නීතිඥවරියද ඇගේ දරුවාද මවද මේ නිවසේ සිටින බවත් පොලිසිය වහා එහි යද්දී මීහරකුන් රංචුවක්ද පාරේ ගිය බවත් පොලිස් ආරංචි කියයි.
ගෙදරට සමීපවන විට නීතිඥවරියගෙන් ලැබුණු තවත් පණිවිඩයකින් කියැවුණේ ගෙදරට හොරුන් පැමිණ නැති බවයි. ඒත් පොලිසිය එහි ගියේය. නීතිඥවරිය වහා දොර ඇර පොලිසියෙන් සමාව ගත්තාය. නිවස අවට ඇති ලඳු කැලයට මීහරකුන් පැමිණ ඇති බවත් උන්ගේ අං දොර ජනෙල් ආදියේ වැදීමෙන් මේ ඇබැද්දිය සිදුව ඇති බව පොලිසිය කීය.
පොලිසිය හමුවී කනගාටුව පළ කළ ඇය පොලිස් ස්ථානාධිපති හමුවී සිදුවූ වරද ගැන ඔහුටද කනගාටුව පළ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානීභාවය අගය කරන අතරම නිවාඩු දිනකටවත් ගේ වටා පිරිසිදු කරගන්න යැයි පවසමි. නිරෝගීභාවයටත් හොඳයිනේ (නි)
මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙකුත් ගියා නම් හොඳයි. ඩෙංගු මදුරුවොත් ඇති. (නි)
එතුමියගේ නිහතමානීකම අගය කළයුතුයි. පොලිසියට දන්වපු එක කෝකටත් හොඳයි. (නි)
පැමිණි සත්ත්වයා දෙපාද සිවුපාද යන්න සොයා බැලීමට පොලිස් පරීක්ෂණයක් කළා නම් වඩා හොඳයි කියා සිතෙනවා (නි)
ඒ පොලීසිය නම් මල් හතයි! (නි)
ඕනෙම මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් වැරදීමක් සමාව ගැනීමෙන් හොඳ ආදර්ශයක් ඇය දී තිබෙන්නේ මේ වගේ වැරදීම් කා අතිනුත් වෙනවා එතුමියගේ නිහතමානීකම අගය කළයුතුයි (බ)
හරක් රංචුව ආයෙත් නම් පැත්ත පළාතේ එන එකක් නැහැ (නි)
මීහරකා නිතර දෙවේලේ පැමිණෙන කෙනෙක් වෙන්න බැරිද? (ම)
හැම තැනම ලෙඩ දාන්නේ මීහරක් වෙන්න ඇති. (ම)
මොනවා උනත් සමාව ගත්තා වගේම දීපු එකත් හොඳයි. බොහොම ආදර්ශවත්. (ර)
නිහතමානී කාන්තාවක් (නි)
සමාව ඉල්ලීම වාගේම කිසිම හිතේ කහටක් නැතිව සමාව දීමත් නිහතමානී මිනිසුන්ගේ උතුම් ලක්ෂණයකි! (ස)
අපි අහලා තිබෙන විදිහට මීහරක් රෑට නිදාගන්නවා. දැන් කාලේ මීහරක් එහෙම නෙමෙයි වගේ (නි)
ඉස්සර කාලේ හොරු තමයි මී හරක් වගේ වැඩ කළේ. (බ)
වහාම ඩි එන් ඒ පරීක්ෂනයක් කරලා හරි හරකව හඳුනාගත යුතුයි. (ර)
දැන් මීහරකුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ (නි)
ඕනෙම මනුෂ්‍යයෙකුට වෙන්න පුළුවන් වැරදීමක්. (ස)
සමාව ගැනීමෙන් හොඳ ආදර්ශයක් ඇය දී තිබෙන්නේ (නි)
කමක් නෑ ඉතින්. හිතලා කරපු දෙයක් නෙවෙයිනේ, වැරදීමක් නේ. (ස)
මේ වගේ වැරදීම් කා අතිනුත් වෙනවා. (ර)