තමන් ජනාධිපති මන්දිරයේ පදිංචියට නොපැමිණෙන්නේ මහා මන්දිරවල වෙසෙන විට සිතුම් පැතුම් වෙනස් වී මුල අමතක විය හැකි නිසා බවද ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය අද (08) සිට සතියක කාලයකට මහජන ප‍්‍රදර්ශනයට විවර කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා සිටියේය.

පාසල් සිසුන් ඇතුළු මහ ජනතාවට දැකගැනීම සඳහා විවෘත වූ ජනාධිපති මන්දිරය මෙම මස 14 වැනිදා දක්වා මෙලෙස විවෘත කර තැබීමට නියමිතය.

ඉදිරියේදී සෑම වසරකම සතියක හෝ මසක කාලයක් ජනතාව වෙනුවෙන් ජනාධිපති මන්දිරය මෙලෙස විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී මහනුවර සහ නුවරඑළිය ජනාධිපති මන්දිරයන්ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

DSC_1997 DSC_2061 DSC_2185 DSC_2191 DSC_2205 DSC_2206 DSC_2209 DSC_2212 DSC_2217 DSC_2218 DSC_2233 DSC_2241 DSC_2242 DSC_2252DSC_1940 DSC_1959

ඡායාරූප - ඉෂාන් සංජීව

DSC_3336 DSC_3388 DSC_3394 DSC_3445 DSC_3455

ඡායාරූප - ශාන්ත රත්නායක