(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහ බැංකුව  1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්,  ජංගම  දුරකතන  යෙදුම් (Apps)  සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ   අැත.

මහ බැංකුව  මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, පුළුල් විමර්ශනයකින් අනතුරුව 'මැක්ස් ඇප් මීඩියා' (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත 'මැක්ස් එල්කේ' (Max LK (Pvt) Ltd.) සහ 'මැක්ස් මීඩියා ලංකා' (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම්ද      තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරුවී ඇති බවයි.

ඒ අනුව, ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන්කරයි.

මෙම විධිවිධාන යටතේම පහත සඳහන් සමාගම්, යෙදුම් සහ ආයතනද තහනම් කරන ලද (පිරමීඩ) යෝජනා ක්‍රම ලෙස තීරණය කර ඇතැයි මහබැංකුව සඳහන්  කළේය

1. ටීන්ස් ලංකා හෙල්ත්  Tiens Lanka Health Care (Pvt) Ltd

2. බටෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල්  Best Life Inteational (Pvt) Ltd

3.මාර්ක් වෝ  Mark-Wo Inteational (Pvt) Ltd

4. වීඑම්ටී ඉන්ටර්නැෂනල්  V M L Inteational (Pvt) Ltd

5. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල්  Global Lifestyle Lanka (Pvt) Ltd

6. ෆස්ට්3 සයික්ල්   Fast3Cycle Inteational (Pvt) Ltd

7. ස්පෝර්ට්  චේන්  අැප් Sport Chain app and Sport Chain ZS Society Sri Lanka

8.  ඔන්මැක්ස් ඩී.ටී OnmaxDT

9.  එම්ටිඑෆ්ඊ අැප්  MTFE App, MTFE SL Group, MTFE Success Lanka and MTFE DSCC Group

10. ෆාස්ට් වින් Fastwin (Pvt) Ltd

11.ෆූගෝ ඔන්ලයින්  Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd

12. රයිඩ් ටූ ත්‍රී ප්‍රීඩම්  Ride to Three Freedom (Pvt) Ltd

13. කිවු නෙට්  Qnet / Questnet

14. ඊරා මිරකල් Era Miracle (Pvt) Ltd and Genesis Business School

15. ලෙජර් බොලොක්  Ledger Block

16. ඉසිමග ඉන්ටර්නැෂනල්  Isimaga Inteational (Pvt) Ltd

17. බීකොයින්  අැප් Beecoin App and Sunbird Foundation

18.වින්ඩෙක්ස් ට්‍රේඩිං  Windex Trading

19. ද එන්රිච් ලයිෆ්  The Enrich Life (Pvt) Ltd

20. ස්මාර්ට් වින් Smart Win Entrepreneur (Pvt) Ltd

21. නෙට් ෆෝ ඉන්ටර්නැෂනල්  Net Fore Inteational (Pvt) Ltd / Netrrix

22. ප්‍රෝ කෙයා  Pro Care (Pvt) Ltd and Shade of Procare (Pvt) Ltd

23.  එස්ජීඔී කොම්   SGO / sgomine.com

24.  අයිසීඑ්එන්   අැඩ්වටයිසින් I.C.A.N. Advertising (Pvt) Ltd

25. ඉන්ෆිනිටි රෝවර් ප්‍රයිවට් ලිමිටඩ්   Infinity Rover (Pvt) Ltd

26.  ටීඅැම් අැප් TM App

27. මැක්ස් අැප් මීඩියා  Max App Media Ltd and Latest News