
තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය.
පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ සහයෝගය හිමිවී තිබූහ.
බොරිස් ජොන්සන්හට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ද රිෂි සුනාක්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය.
හිටපු බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (23) කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් පක්ෂයේ නායක වීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙක් ගේ සහාය පෙනී මෝර්ඩන්ට්ට ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇයද නායකත්ව තරඟයෙන් ඉවත් විය.
පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත් වෙමින් තමගේ සම්පූර්ණ සහාය රිෂි සුනාක්ට ලබා දෙන බව ප්‍රකාශ කළාය.
පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.
කන්සවර්ටිව් පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ රිෂි සුනාක් අද(24) රාත්‍රියේ හෝ හෙට(25) උදෑසන බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස කන්සවර්ටිව් පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ.ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.
එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාස ගත වන බව පැවසේ.
නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රිෂි සුනාක් ගේ ප්‍රධාන සහ පළමු කාර්යය වන්නේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම බවත් භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් එම ධුරය දිගටම කටයුතු කරන ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කාරයෝ කවදාවත් හිතන්න නැතිව ඇති ඉන්දියන් කාරයෙක් ඉන්දියන් කාරයන්ව අල්ල ගත්ත එංගලන්තෙ පාලනය කරන්න එයි කියලා.
එයාටනම් හොඳම දීපවාලිය....රටට වෙනදේ ගණදෙයියෝ තමා දන්නේ.
මේවගේ දෙයක් අපේ රටේ අයටත් මාර්තුවල අහන්න ලැබෙයි....
එංගලන්තේ දැන් කොහොමත් පල්ලම් බහින රටක්.
අපේ රටෙත් තව ටික කාලයකින් පාලනය නරේන්ද්‍ර මෝදිට කියයි. පුදුම වෙන්න දෙයක් නැහැ.
ඉංගලන්ඩ් වල සුදු ක්රිස්තියානිආධිපත්ය ටිකෙන් ටික පල්ලම් බසිමින් ඇත. කවදහරි රජ මාලිගවත් නමට පමනක් තියෙවි. අනේ සුද්දන්ට යන කල දසව.
ලංකාවේ තමයි ද්විත්ව පුරවැසි කියලා දගලන්නේ. එංගලන්තයේ මොන පුරවැසියා වුණත් වැඩ තමයි කරන්න වෙන්නේ.