මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු බුද්ධිමත් හා සදාචාරයක් සම්පන්න අයකු නම් මේ වන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ පමණක් නොව ගම්වල පවා කතාබහ කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහිදී පැවසුවේ මහ බැංකු අධිපතිවරයා වංචනික හා නීති විරෝධී අයුරින් කටයුතු කර ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. එසේ කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද වැදගත් වන බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද අපි? ඉදිරියටත් මේ වගේ කතා තමා අහන්න වෙන්නේ (නි)
සමහරු ඇමතිකම් ගත්තෙත් සදාචාරෙන්ද කියලා මහේන්ද්‍රන් ඇහුවොත් එයාලට දුවන්න තැනක් නැතිවෙයි. (නි)
බොරු කයිවාරු වලට වඩා හොඳයි තමන්ට පැවරිලා තියන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු බලා ගත්තා නම්. කවුරු කෑගැහුවත් මේ අධිපතිතුමා ඉවත් කරන්න බැහැ. දිගටම හිටියා කියලා ආණ්ඩුවේ පැවැත්මට බලපෑමක් වෙන්නෙත් නැහැ. බයවෙන්න එපා. (නි)
නම්බුකාරකම සිංහලයාට මදිකමක් වෙලානේ දැන් (නි)
මොකද අස් කරන්න බැරිද ? යහපාලනේට නේද ආවේ ? (බ)
ලස්සන වැඩේ කියන්නේ ගිය ආණ්ඩුවේ හිටපු ජනාධිපතිගේ සිට මුළු ඇමති මණ්ඩලයම හොර මැරකම් දුෂණ කරනවා කියලා කෑගැහුවා. එතකොට මේගොල්ලෝ දැන් මේ ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න බොරුවට කෑගහනවා. මහා බැංකු අධිපති වංචාවක් කරලා තියනවා නම් එ්කට පරීක්ෂණයක් තියලා නඩුවක් දාල දඩුවම් කරන්න. (නි)
මෙම රජය තවදුරටත් පවත්වා ගැනීමට සහ රටට වන විනාශය නැවැත්වීමට නම් මහා බැංකු අධිපති හා මුදල් ඇමති දෙදෙනාම ඉවත්කළ යුතුයි. මොවුන්ට ඡන්දය දීම ගැන අපි පසුතැවෙනවා. (නි)
මොහුව ඉවත් කර, කළ වංචා වලට දැඩි දඬුවම් පැමිණිය යුතුයි (හේ)
නිකන් බොරු කයිවාරු එපා මහත්වරුනි (මහත්මය කිවුවේ බොහොම හොඳ අධ්‍යානවෙදියෙක් වෙන ග්‍රේරෝ මහතාත් ඉන්න නිසා), ඕව අපිට නෙවෙයි අමාත්‍ය මණ්ඩලේදී කියන්න. (අ)
මටහිත ගන්න බැරි ඛනිජ තෙල් ඇමතිගේ කාර්යබාරය - ඉස්සර හිටි සිනි ඇමති වගේ, මොකද අපිට ඛනිජ තෙල් අකර තියනවද. පිටරටින් ගෙන්නන එක විතරනේ. හැබැයි වැඩක් නැති වුණත් කොටි ගණන්වල වහන නම් ඕනේ ඇමතිට! පොල්තෙල්වලටයි, එලවලුතෙල්වලටයිත් වෙනම දෙන්නෙක් දැම්මනම් හරි. (අ)
මම නම් කියන්නේ, මේ පුද්ගලයට නිකම්ම යන්න දෙන්න ඕන නැ, සියලුම පක්ෂ වල සාමාජිකත්වයෙන් පිහිටන කමිටුවක් ඉදිරියට ගෙන්නලා ප්‍රශ්න කරන්න සලස්වන්න ඕන, නමුත් ඒ මේ පුද්ගලයාව අපහාසයට ලක් කරන්න අවස්ථාව නොදිය උතුයි (අ)
එතුමාට එතන දුන්න අය ගැන මොකුත් කියන්නේ නැද්ද? (නි)
සදාචාරය කොහෙද තියෙන්නෙ? එහෙම එකක් තියනවා නම් යහපාලන නඩයේ බහුතරය ඉල්ලා අස්වෙන්න ඕනෑ. (නි)
සිරි ,ඔබ හරි. නාස්ති කළ මහජන මුදල් ඔහුගෙන්ම අයකළ යුතුය. (නි)
ලංකාවේ ඔහොම ඉල්ලා අස්වීමේ සංස්කෘතියක් කොහෙද තියෙන්නේ මහත්තයෝ. එළිපිට ඔප්පු වුනත් කොහොම හරි මොකාගෙ හරි එල්ලිලා රැඳිල ඉන්න බලන සංස්කෘතියක් මිසක්. ඒ හින්ද බලධාරීන් විසින් සාධාරණ පරීක්ෂණයකින් පස්සේ ඒ තීරණය ගන්නවා මිසක් මහත්මා ගති ගැන නම් අපි බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ. (බ)
නිකන්ම ඉල්ලා අස්වෙන්න දෙන්න හොද නැහැ.වැරැද්දක් කර තිබේ නම් ,එයට නියමිත දඩුවම අනිවාර්යයෙන්ම දිය යුතුයි (ම)..
විදේශයන්හී මෙවැනි බැරෑරුම් වගකිවයුතු තනතුරු, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය වැනි තනතුරු දරන අයට චෝදනා එල්ලවුණු අවස්ථාවල නම්බුක්කාර විදිහට ඉල්ලා අස්වෙනවා. නමුත් අපේ රටේ එ්කේ අනික් පැත්ත. (නි)
තමන් ඉල්ලා අස්වුණොත් කවුද මේක කරන්නේ කියලා මහ බැංකු අධිපතිටත් ඔබලාගෙන් අහන්න පුළුවන්. (නි)