මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු බුද්ධිමත් හා සදාචාරයක් සම්පන්න අයකු නම් මේ වන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ පමණක් නොව ගම්වල පවා කතාබහ කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහිදී පැවසුවේ මහ බැංකු අධිපතිවරයා වංචනික හා නීති විරෝධී අයුරින් කටයුතු කර ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. එසේ කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද වැදගත් වන බව අමාත්‍යවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.