විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාර වශයෙන් දැනට දෙනු ලබන රුපියල් දෙදාස් පන්සීයක දිමනාව ලබන වසරේ සිට රුපියල් පන්දහස දක්වා වැඩිකර සිසුන් 11300 කට ලබා දීමට කටයුතු කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුනසේකර මහතා අද ගම්පහ දී පැවසීය..
නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ විශ්ව විද්‍යාලය වරම් ලද ගම්පහ දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් හට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමිමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබු මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලය වරම් ලද සිසු සිසුවියෝ 1021 දෙනෙක් මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ලලිත් ඇතුලත්මුදලි මහත්මයා විසින් ආරම්භ කරපු මෙම මහපොළ ශිෂ්‍යත්ව නිසා දුප්පත් සරසවි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට විශාල පිටුවලක් වුණා. මෙවැනි උත්සව වලදී එතුමාව සිහි කරලා එතුමාගේ පිළිරුවකට මල් මාලයක් දමල පටන් ගන්නවා නම් තමයි හොඳ. (ස)
ලලිත් ඇතුලත්මුදලි මහත්මයා විසින් ආරම්භ කරපු මෙම මහපොළ ශිෂ්‍යත්වය නිසා දුප්පත් සරසවි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට විශාල පිටුවලක් උනා. මෙවැනි උත්සව වලදී එතුමාව සිහිකරලා එතුමාගේ පිලිරුවකට මල්මාලයක් දමල පටන් ගන්නවා නම් තමයි හොද.(නදී)
හො වැඩක්.අපිට දුන්නේ 2500. මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් ළමන්ට. (ස)