අපවත් වි වදාල සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහා නායක හිමියන්ගේ ශ්‍රි දේහය පිළිබද ආධාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 13 වැනිදා පස්වරු 2.30 ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවැසුහ.
මහනාහිමියන්ගේ ශ්‍රි දේහය අද (10) පෙරවරුවේ උන් වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලෑවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වුහ.
පස්වරු 4.00 මහ නාහිමියන්ගේ ශ්‍රි දේහය මහජන ගෞරවය සදහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කරවන අතර අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා දක්වා මහනාහිමියන්ගේ ශ්‍රි දේහය අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවේ තැන්පත් කර තිබෙන බවත් ධම්මදස්සි හිමියෝ පැවැසුහ.
මහනාහිමියන්ගේ ආදහන පූජෝත්සවය පැවැත්වෙන දින දක්වා මහනුවර නගර සභා සිමාවේ මත්පැන් හා මස් වෙළඳසල් වසා දැමිමට තිරණය කර ඇති බවද ආදාහන කමිටුව ඉල්ලා සිටියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නායක හාමුදුරුවන් වහන්සේ නමක්. නිවන්සුව පතමි. (බ)
ඔබවහන්සේට නිවන් සුව! (නි)
අපිට හරිම කණගාටුයි (නි)
අපවත් වූ නාහිමිපානන් හට ගෞරව කිරීමක් ලෙස ආදාහන උත්සවය දවසේ මුළු දිවයිනේම සුරාසල් හා මස්කඩ වසා තැබීමට රජය ක්‍රියා කරනු ලැබුවොත් එය ඉතා යහපත් වේ. (හේ)
නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමු! (නි)
නිවන් සැප ලැබේවා හිමියනි! (නි)
මම නායක හාමුදුරුවෝ මුණගැහිලා තිබෙනවා. හරිම කරුණාවන්තයි. ඔබ වහන්සේට අමාමහ නිවන් සුව! (නි)