IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහ නාහිමි දේහය උරුලෑවත්ත පන්සලට

අපවත් වි වදාල සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහා නායක හිමියන්ගේ ශ්‍රි දේහය පිළිබද ආධාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 13 වැනිදා පස්වරු 2.30 ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවැසුහ.

මහනාහිමියන්ගේ ශ්‍රි දේහය අද (10) පෙරවරුවේ උන් වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලෑවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වුහ.

පස්වරු 4.00 මහ නාහිමියන්ගේ ශ්‍රි දේහය මහජන ගෞරවය සදහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කරවන අතර අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා දක්වා මහනාහිමියන්ගේ ශ්‍රි දේහය අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවේ තැන්පත් කර තිබෙන බවත් ධම්මදස්සි හිමියෝ පැවැසුහ.

මහනාහිමියන්ගේ ආදහන පූජෝත්සවය පැවැත්වෙන දින දක්වා මහනුවර නගර සභා සිමාවේ මත්පැන් හා මස් වෙළඳසල් වසා දැමිමට තිරණය කර ඇති බවද ආදාහන කමිටුව ඉල්ලා සිටියි.

asgiri-himi-12016310 asgiri-himi-12016310-2 asgiri-himi-12016310-3 asgiri-himi-12016310-4 asgiri-himi-12016310-5



අදහස් (0)

මහ නාහිමි දේහය උරුලෑවත්ත පන්සලට

ලක්ෂ්මන් Thursday, 10 March 2016 11:16 AM

හොඳ නායක හාමුදුරුවන් වහන්සේ නමක්. නිවන්සුව පතමි. (බ)

:       0       0

උපේක Thursday, 10 March 2016 05:41 PM

ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

නාමල් Thursday, 10 March 2016 05:58 PM

අපිට හරිම කණගාටුයි (නි)

:       0       0

සේනක Thursday, 10 March 2016 12:02 PM

අපවත් වූ නාහිමිපානන් හට ගෞරව කිරීමක් ලෙස ආදාහන උත්සවය දවසේ මුළු දිවයිනේම සුරාසල් හා මස්කඩ වසා තැබීමට රජය ක්‍රියා කරනු ලැබුවොත් එය ඉතා යහපත් වේ. (හේ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 10 March 2016 11:36 PM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මේරියන් Thursday, 10 March 2016 11:37 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමු! (නි)

:       0       0

හර්ෂ Thursday, 10 March 2016 02:17 PM

නිවන් සැප ලැබේවා හිමියනි! (නි)

:       0       0

පුබුදු Friday, 11 March 2016 03:27 AM

මම නායක හාමුදුරුවෝ මුණගැහිලා තිබෙනවා. හරිම කරුණාවන්තයි. ඔබ වහන්සේට අමාමහ නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site