IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහ දවල් කොටහේනේ කොල්ලය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි ගණනක රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.

මෙම කොල්ලකරුවන් විසින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන නිවෙස් හිමියාගෙන් නිවසට සුදු පාටට හුරු කමිස පැළඳ අත් මාංචු රැගෙන ඇතුළු වී තිබූ කොල්ලකරුවන් දෙදෙනා එම නිවසේ නේවාසිකව සිටින තරුණියගේ අත්දෙක රෙදි පටිවලින් බැඳ ඇය සන්තකයේ ජංගම දුරකථන තිබේදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සාලේ පුටුවක හිඳුවා තිබු බව පොලිසිය කියයි.

අනතුරු කොල්ලකරුවෝ දෙදෙනා අඹු සැමි යුවළ කාමරයකට රැගෙන ගොස් තමන් සන්තකේ ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වමින් ඔවුන්ට තර්ජනය කර එම කාමරයේ අල්මාරිවල බහා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

කොල්ලකරුවන් නිවසින් පිට වන අවස්ථාවේදී ව්‍යාපාරික අඹුසැමි යුවළ කාමරයේම හිඳුවා එහි දොර වසා අනතුරුව නිවසේ ප්‍රධාන ප්‍රධාන දොරටුව වසා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි.

 



අදහස් (3)

මහ දවල් කොටහේනේ කොල්ලය

wije Tuesday, 09 August 2022 09:14 AM

me wage wyaparikayakuge gedara CCTV nathi wenna widiyak nahane. a nisa horu allaganna puluwan wewi.

:       0       0

සමිත එස්. අලුත්ගමගේ. Tuesday, 09 August 2022 10:44 AM

අද පොලීසිය හමුදාව වැඩිපුරම ඉන්නේ,පෙට්‍රල් ෂෙඩ් හා පෝලිම් අසළ යැයි කිවහොත්,එහි කිසිදු වරදක් නැහැ.ඒ හැරුණුකොට දේශපාලනඥයන් මුරකරමින්ද සිටිනු දැකිය හැකියි.පොලීසියේ අද ප්‍රධානම දේ වෙලා තියෙන්නේ රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම ද කියා පුංචි සැක සාංකාවක් සිතට ඇතිවෙනවා.එයට පොලීසියට පමණක් වැරදි කියන්නට බැහැ.වරද තියෙන්නේ මේ පවතින ක්‍රමයේයි.තම ප්‍රදේශය බාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියා එම ප්‍රදේශයේ සිටින ආරක්ෂාව දියයුතු අය කව්දැයි කියා නිසි අවබෝධයකින් යුතුව සිටිය යුතුයි.ඒ දේ ගැන හොඳ ඉවක් තිබුණේ නම්,මෙවන් දේ මෙසේ සිදු නොවීමට ඉඩ තිබුණි.ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් මෙන්ම ඔවුන් මෙහෙයවන ඉහළ නිලධාරීන්ට මෙවැනි ඉවක් නොතිබීම නිසා අපරාධකරුවන් ඒවායින් නිසි ප්‍රයෝජන ගන්නා බව පෙනේ.

:       1       6

fairoos Tuesday, 09 August 2022 12:34 PM

රට රකින විරුවා රටට කරපු විනාශයේ කොටසක්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 116 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 66 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1148 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2008 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2262 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1134 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site