මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීයැයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය වාර්තා කරයි.
බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වූ හිටපු ඇමැතිවරයා කියා තිබුණේ ඉදිරි මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන්නට බලාපොරොත්තු බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නට තීරණය කළහොත් වමේ පක්ෂ එකතු වී මැතිවරණයට තරග කරන බව ද නානායක්කාර මහතා කියා ඇත.
ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට හිටපු ජනාධිපතිවරයා සමඟ අලුත් පක්ෂයක් තනා ගැනීමේ අදහසක් නැති බවත්, එවැනි රාවයක් යන්නේ අපේ එකතුව බිඳීමට යොදවන උපක්‍රමික කුමන්ත්‍රණයක් ලෙස බවත්, මැතිවරණයේ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත හැකි වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති අපේක්ෂක වුවහොත් බවත් හිටපු අමැති කියයි.
“නැවත මම දේශපාලනයට එනවා. දුක් වෙන්න එපා. මම ඔබ සමග ඉන්නවා“ යැයි හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පැමිණි තම දේශපාලන හිතවතුන් අමතමින් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. ඊළඟ විධායක "අගමැති" මහින්ද..(හේ)
පැට්‍රල්, ඩීසල්, ගෑස් මිල වැඩිකරගන්න ඕනෑද? (නි)
සමහරුන්ට ඕනෑ ජීවිත කාලයම එකම පැත්තක ඉන්න. (නි)
මහින්ද නැත්නම් වාසුට පැවැත්මක් නැත. (නදී)
මේ එක දේශපාලු බංකොලොත්කරයෙක්. ඔබලව මහජනතාව ප්‍රතික්ෂේප කරලා හුගක් කල්. (නදී)
රටේ ජනගහණයෙන් 50% වැඩි පිරිසක් මහින්දට කැමති බැවින් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම යහපාලනයේම කොටසක් වේවියැයි අපි සිතනවා (නි)
ජයවේවා අපි ඔබ සමගයි (නදී)
ගිය අය ගිය විදිහට ඉන්නවනම් හොදයි.(හේ)
කමක් නේ ඉතින් පුළුවන් විදියකට එන්නකෝ අපිනේ ඉතින් ඔය අයට ඡන්දේ දෙන්නේ. (හේ)
දැන් කට්ටියටම පිස්සු වගේ.(හේ)
හිටපු මහින්දට වඩා ගිය මහින්දට කට්ටිය බයයි වගේ.ලොකු භීතියක් තිබෙනවා වගෙයි මහින්ද මහත්තයා ඉදිරි මහා මැතිවරණයට එයි කියලා. නමුත් මිනිස්සු මෝඩ නැහැ. මෝඩ නම් එතුමාට බහුතරයේ බහුතරය හිමිවෙන්නේ නැහැ.අපි එතුමාගෙන් ඉල්ලනවා ඉදිරියට එන්න (නි)
අප සැමදා ඔබ සමගයි (නදී)
ඔය ඉතින් ඇත්තටම රටට ආදරේටද? (නි)
එත කොට කලින් හිටපු අය ජනපති වැය ශීර්ෂයෙන් නෙමෙයිද ඕවා කලේ. උරුමයට ලැබුන මුදලින්ද. 2009 ගැන කාට අමතක උනත් මෛත්‍රී ජනපතිට මතකයි (නදී)
මේ වගේ සමාජ වාදියෝ පොල් පිත්තක් ගත්තම සියක් විතර කපන්න පුළුවන්. (නදී)
සහතික ඇත්ත, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලංකාවේ ජනතාව පනස් හත් ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ අය මේ දිනය එළඹෙන තුරු බලා සිටිනවා. ජයවේවා,(හේ)
, ජයවේවා, රටට සුබ අනාගතයක්.(හේ)
ඊළඟ විධායක "අගමැති" මහින්ද.(හේ)
අපේ තිලක් ඩුබායි නොහොත් ටිකිරි බණ්ඩා කොහෙන්දෝ ඇහිදගත් දෙයක් වමාරනවා. ජනපති වැය ශීර්ෂය කියලා කියන්නේ එතුමන් යටතේ තිබෙන සියලු අමත්‍යංශවල වැය ශීර්ෂය.එතුමන් යටතේ තිබුණු අමාත්‍යංශ ටිකත් ඒවාට වෙන වෙනම වෙන්වන මුදල් ප්‍රමාණයත් ගණන් බලා බලන්න. (නි)
ඊළඟ විධායක "අගමැති" මහින්ද?(හේ)
ඔබතුමා නැවත එනතුරු අපි බලාගෙන ඉන්නේ. සැළෙන්න එපා ජනපතිතුමනි. අපි ඔබ සමඟයි සැමදා. චිරං ජයතු! (නි)
හරි හරි එන්නකෝ. අපිනේ ඡන්දය දෙන්නේ (නි)
ආයේ එන්න ලැජ්ජ නැද්ද?(හේ)
මම මේ පාරත් මහින්ද වෙනුවෙන් පොල් ගහනවා, කෝවිල් යනවා, එතුමා දිනවන්න මුලු හදවතින්ම කැපවෙනවා (නි)
හරියටම හරි වාසු මහින්ද එක්ක පක්ෂයක් හදාගෙන ඇවිත් ඡන්ද කියක් ගන්න පුලුවන්ද බලන්න ....මගේ ගාන ලක්ෂ 10 ට අඩුයි .(හේ)
සදාකාලික ජාතික නායක මහා රජ මහින්ද කොන්ද පන ඇති එකම ශ්‍රී ලාංකික නායක ඔබට ජය.(හේ)
දැන් ආණ්ඩු පක්ෂයට මහින්ද භීතිකාව වැළදිලා. කළ චෝදනා මොකුත්ම ඔප්පු කරගන්න බැරිවෙලා. මහින්ද හිටපු ජනාධිපතිවරයා දේශපාලනිකව බංකොළොත් නැහැ (නි)
මොකටද මේ වාසුදේව මහත්තයා වැඩකට නැති දේවල් කියවන්නේ (දිල්)
විජේසුන්දර. එතකොට පහුගිය මැතිවරණේදී බුලත් කොළේ ඡන්ද ලක්ෂ 57ක් ලබාගත්තේ යුඇන්පී ඡන්ද වලින්ද.? (හේ)
මහින්ද මැතිතුමා ආවොත් විශිෂ්ට ජයක් ලබනවා (නි)
මහින්ද ජනපතිතුමනි, අපි සැමදා ඔබ සමඟයි. ඔබට බුදු සරණයි! (නි)
හුගක් අය තවමත් හීන දකිනවා.(හේ)
පිවිතුරු යහපාල නොහොත් බන්දුල පෙරේරා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තෝරන්නේ මුළු රටේම බහුතරයෙන් මිසක් බහුතරයේ බහුතරයෙන් නොවේ.(දිල්)
දැන්වත් හොද උපදේශකයන් පත් කර ගත්තොත් නරකද ?(හේ)
ජනතාවගේ ආහාර ටිකෙන් බදු ගහලා රජ සැප විදපු පාලනයක් ආයෙමත් රටට එපා. පෙට්රල්, ඩීසල්, ලාම්පුතෙල් වලින් හෙනගහන බදු බරක් ජනතාවට පටවපු බඩගෝස්තරවාදී දේශපාලුවන්ට රටේ මිනිස්සු තුහ් කියල කෙළගහනවා. දැනුයි හොර සුස්තර එළිවෙන්නේ (නදී)
එල්ලෙන්න වැල් නැතිද ? (නදී)
මේ අයට කිසි ඡන්ද පදනමක් නැහැ (නදී)
අපේ පැතුමද එයමයි (නි)
අනේ වාසු මහත්තයෝ . වමේ පක්ෂ එකතුවෙලා වෙනම ඉල්ලන්න ? (දිල්)
ඉස්සර නම් වම කියන්නේ සමාජවාදී අදහස් ප්‍රතිපත්ති දැරූ පක්ෂ. දැන් නම් ඒ දේවල් වෙනස් වෙලා (දිල්)
කව්ද දැන් ඔය මහින්ද එක්ක එකතුවෙලා පක්ෂය හදන්නේ ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොවේද ? එහි සිටි සුපිරි හොරු ටික සමග යන එන මන් නැති වයසක දේශපාලකයන්ද ? (නදී)
දැන් මිනිස්සු හිතන්නේ තමන්ගේ ජාතියට වඩා බඩගෝස්තරය ගැන. (නදී)
අපිට කිසිම දුකක් නැහැ. (නදී)
වාසුදේව මහතා දන්නවා ඉදිරි ඡන්දයේදී යන එන මන් ඔහුට නැති වන වග. එනිසා මහින්ද රාජපක්ෂගේ කර පිටින් ගොඩ වන්නට හදන්නේ. (නදී)
කාගේ හරි පිහිටෙන් පාර්ලිමේන්තු යන්නයි ලෑස්ති වෙන්නේ. (නදී)
සුජීව. මොකද්ද ලැජ්ජාව.? එහෙමනං රනිල් මහත්තයා කි පාරක් පරාද උනාද.? එතුමා ලැජ්ජාව ගණන් ගත්තානම් දිනන්නෙත් නැතුව අද ඔය තනතුරු දරාවිද.? (නදී)
මෙය ජනතාව ප්‍රතික්ෂේප කර අවසන් (නදී)
වාසුදේව මහත්තයෝ මේ අපිට නිකන් ලෙඩ දාන්න එපා (නදී)
ඡන්ද පදනමක් නැත්නම් මොකද ඔය තරම් බය මහින්දට? එදා විජය කුමාරතුංගව කන්සලයිට් කාරයෙක් කියල මඩ නාවල ඇතුලට දාපු තියරියම මෙයාල ගෙනිච්චට හැමදාම මඩ තියන්න බෑ. හේදෙනවා. (නදී)
ඔය දේශපාලන අනාථයින්ගේ කීම අහලා. "ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි" කියල අපි මෙච්චර කල් අහල තියෙන ප්‍රස්ථා පිරුල නම් වෙනස් කරන්න හදන්න එපා. (නදී)
මෙයා පිදෙල් ක්‍රැස්ත්‍රො වගේ රැවුල වැව්වට එතුමාගේ අහලකටවත් එන්න බැරි වුනා.(හේ)
ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට බාරදෙන්න සුදුසු කාටද කියලා මිනිස්සු දන්නවා (නි)
මෙහෙම අයටද අපි සමාජවාදියෝ කියන්නේ? (නි)
සමහර මිනිස්සු බලයට කෑදරකම අත් අරින්න කැමතිම නෑ (නදී)
අවසාන මොහොතේත් බැලුවේ මොනවා කරන්නද කියලා අපි හොඳට දන්නවා (නි)
මේ මරුවිකල් වෙලා කෑ ගහනවා. මේ අවස්ථාවදින්ට යන එන මන් නැහැ (නදී)
ජය ශ්‍රී මහින්ද මහත්තයා! (නි)
වැරදි සිදුවන්නේ මිනිසුන්ට . ඒවා හදාගෙන ඉදිරියට යාහැකියි (දිල්)
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
නලීන්,මොළේ කළඳක් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා ඇත්ත.ඔය හැමදේම කළේ අපේ මුදල් වලින් කියලා අමතක කරන්න එපා. (නි)
සමහරුන්ගේ නම් ලැජ්ජා නහර කපලා දාලා ගොඩක් කල්. (නි)
ඔක්කොටොම කලින් හිටපු ජනාධිපතිගේ වත්කම් හෙළි කරන්න. ඒ සදහා ජෙනේරල් ෆොන්සේකා ප්‍රමුක කොමිසමක් පත් කරන්න. (නදී)
සත්‍යය දැන ගැනීමට මන් ඇහිරී තිබුණු බැවින් බොහෝ පිරිස් බුලත් කොලේට ඡන්දය දුන්නා. ග්‍රාමීය ජනතාවට අහන්ට දකින්ට තිබුනේ රාජ්‍ය මාද්‍යවලින් කෙරෙන ප්‍රචාරයන් පමණයි. (නදී)
සහතික ඇත්ත, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලංකාවේ ජනතාව පනස් හත් ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ අය මේ දිනය එළඹෙන තුරු බලා සිටිනවා. පෙරේදා සතොසට බඩු ගන්න ගිය මිනිස්සු හිස් අතින් ආපහු එද්දී කිව්ව කතාවත් ඕකම තමයි. (නදී)
මහින්ද මහත්තයාගේ වටිනාකම වැඩි වෙන්න නම් ඡන්දෙට නෑවිත් ඉන්න ඕනේ. (නදී)
අපිට පෙට්‍රල්, ඩීසල් නිකන් දුන්නත් අපි මහින්දට. මොකද සිංහලකම රැකෙන්න පාර්ලිමේන්තුවේ මහින්ද ඉන්න ඕනේ (නදී)
වාසුලා 80 ගණන්වල වාගේ වමේ එඩිතර නායකයෙකු ලෙස පසුගිය රජයේත් සිටියා නම් මහින්දලාව හදාගන්න බලන්න තිබුනනේ !(හේ)
ජනාධිපතිගේ වියදම වසයෙන් මෙතුමියගේ කලේ තිබුනේ රුපියල් කෝටි 500 කට අඩුවෙනුයි. 2009 දී රුපියල් කෝටි 634.2010 දී රුපියල් කෝටි 765.2011 දී රුපියල්කෝටි 5063.2012 රුපියල් කෝටි 5936.2013 දී රුපියල් කෝටි 8244.2014 දී රුපියල් කෝටි 10,497.නැවත මෛත්‍රී රජයෙන් රුපියල් කොටි 256 දක්වා රුපියල් කෝටි 10241 කින් අඩු කරන ලදී. කොහොම කෑමක් කාල තියෙනවද කියල වගුවෙන් පේනවා නේද? (නදී)
දැන් අනාථ වෙලා නේද ඉන්නේ. (නදී)
ඔහොම නම් දේශපාලනයට නෑවිත් හිටියනම් හොදයි (දිල්)
අයියෝ සිසිර කටුගම්පොළ ඔයා කාටද මේ කියන්නේ (දිල්)
ගොඩක් අය බඩ ගැන පමණයි සිතන්නේ. රට ගැන සිතෙන්නේ පසුවටයි. ඉදිරියේදී ඒවාට විපාක කාල වෙලාව බලලා හොඳට ලැබෙයි (නි)
රාජා ගුණවර්ධන. ඔබ ඔය කතා කරන්නේ බයෙන්. මහින්ද මහත්තයාට තවත් වටිනාකම වැඩි කරගන්න දෙයක් නැහැ. ජනතාව එතුමාට වටිනාකම දී හමාරයි. එතුමා ජනතාව අතර සිටියදී තමයි වටිනාකම වැඩිවෙන්නේ.(දිල්)
හලෝ වාසු මහත්තයා සුදනා වගේ කතාකරන්නේ ඔයාලගේ සමාගමේ කුණු එහෙම ඔක්කොම සුද්ධ කරගන්නද ඡන්දෙකට ලැහැස්ති වෙන්නේ? (නදී)
යු.එන්.පී එක ඉතා පහසුවෙන් දිනනවා. එ්කට හේතුව හැටියට මම දකින්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අය වැඩි දෙනෙක් ඡන්දය දෙන්න යන්නේ නැති නිසා. ඔවුන් බොහෝ දෙනෙක් කලකිරිලා ඉන්න නිසා තමයි එහෙම වෙන්නේ. ඔවුන්ට දැන් නායකයෙක් නැහැ. (නදී)
ආණ්ඩුව ආපු ගමන් දුන්න සහන මල්ල දැකල මේකේ අදහස් දාන සමහරු කොරවෙලා (නදී)
වන වුනු තුවාලයක් පෙන්නුවාම හිඟන්නාට ආධාරයක් කරනවාට වඩා මිනිස්සු කරන්නේ පිළිකුලෙන් අහක බලාගන්න එකයි.(නදී)
අතුරු අයවැය සූක්ෂම ඡන්ද ගුණ්ඩවක්. දින 100 යනකොට ඒ බව හැමට තහවුරු වෙයි. උතුරේ සිදුවන වෙනස්කම් එක්ක මහින්දගේ අගය කාට කාටත් දැනෙයි. මෛත්‍රීට සිද්ධවෙනව මහින්දට නොමිනේෂන් දෙන්න. බටහිරට ගැති නොවෙන නායකයකු ලැබෙන එක රටේම වාසනාවක්. (නදී)
මහින්දගේ කාලේ අවසන් නැවත එපා (නදී)
මහා මැතිවරණයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව නව විධායක ජනපති රනිල් අගමැති කලේ මොන ආණ්ඩු ක්‍රම විධාන ප්‍රතිපාදන යටතේද? දන්නා කෙනෙක් කියනු මැනවි. (නදී)
ජාතිවාදයයි, ආගම්වාදයයි ඡන්ද ප්‍රතිපත්තිය ලෙස තියාගෙන දිනන්න බැහැ කවදාවත්. ඔබලාගේ ඡන්ද ප්‍රතිපත්තිය එයයි (නදී)
දවස් 100 පැනපු ගමන් තේරෙයි මහින්ද ගේ වටිනාකම. බඩ ගෙඩිය පිරුනොත් ඇති රට බල්ලට ගියත් කමක් නැහැ. (නදී)
මහින්ද මහත්තයාගේ වටිනාකම සිංහල බෞද්දයන්ට තේරෙන්න තව ටික කාලයක් යනවා. (නදී)
කොමෙන්ට් වලින් නම් පේන්නේ තාමත් ඇතැමුන් මහින්ද මහතාට බය බවයි. එතුමාට එල්ල කරන බොරු මඩ ප්‍රචාර ඉවර වෙලා නැත්තේ එ්කයි. (නදී)
දවල් හීන නොදැක පුළුවන් නම් තනියෙන් ඉල්ලලා දිනලා පෙන්නන්න (නදී)
අද ඡන්දයක් තිබ්බොත් මහින්ද නායකත්වය දුන්නොත් සන්ධානය දිනන එක සිකුරුයි. මහින්දට විරුද්ධව ඡන්දය දුන් හුඟ දෙනෙක් දැන් දුක් වෙනවා. ඒ ඡන්ද සියල්ල සන්ධානයට ලැබෙනවා. ඔප්පු කරන්න බැරි බොරු චෝදනා ගෙනත් මඩ ගහන්නේ එකයි.(දිල්)
මේ දේ තමයි වෙන්න ඕනෑ, ජයවේවා, රටට සුබ අනාගතයක්. (දිල්)
ඔලිම්පික් දිනුව කෙනෙක් ගමේ රේස් එකකට දුවන එක මහ ලොකු වැඩක්ද මහත්තයෝ? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
වාසුදේව මහතා මහා ලොකුවට සමාජවාදය ගැන කතා කලාට එයාගේ ලොකු පුතා ඇමෙරිකාවේ ඉගෙන ගෙන එහි පදිංචියි කියල ආරන්චියි. මේ ඔක්කොම තමන්ගේ පැවැත්ම සඳහා දේශපාලන අනාථයන් කරන සංදර්ශන. (නදී)
එහෙනම් අනාගත අගමැති කාර්යාලයේ වියදම් සඳහා වසරකට රුපියල් කොටි 10,000ක් දැන්මම වෙන් කරන්නකෝ.(නදී)
අපෝ එපා! බලයට තියෙන කෑදරකම අත්හරින්න කැමතිම නැහැ සමහරු (නි)
මහින්ද නැත්තම් මේපාර ඡන්දය බාවිතය 50% අඩු වෙනවා (නදී)
මිලියන ගණන් තමන්ගේ සැප වෙනුවෙන් යොදවන මිනිස්සු මේ රටේ ඉන්නවනේ? (නි)
අනේ වාසු, ඔයා මහා ලොකු වමේ පොරක් නේද? මොකද මේ ධනවාදී සුපිරි ජීවතයක් ගතකරපු ගොඩක් චෝදනා තියන පුද්ගලයෙක් පසු පස්සේ යන්නේ? ඔයාගේ ලෙවෙල් එකට හොඳම කෙනා මෛත්‍රී. (නදී)
තවමත් ලංකාවේ මෝඩයෝ ඉන්න බව නම් පේනවා (නදී)
එතුමා අනිවාර්යයෙන්ම දිනනවා (නි)
මහින්ද රාජපක්ෂගේ අගය මෙරටේ මිනිසුන්ට තේරෙන්නේ අද නොවේ, අනාගතයේදීයි (නි)
බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ. අපි රට බලා ගන්නම්. (නදී)
ඒක බලමුකෝ ඡන්දෙට.(හේ)