
(ජේ.ඉඳුරුවගේ)
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම පිරිසට සෘජුවම යොදවන පොලිස් නිලධාරීන් 63,145 ක් ,විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200 ක් , අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් ඉවත් කෙරෙන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදන යුධහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 11,000 ක් සහ ජංගම මුර සංචාර සඳහා යොදවන සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් ඇතුළත් වන බව නිහාල් තල්දූව මහතා පැවසීය .
එමෙන්ම ජංගම මුර සංචාර 3109 ක් හා මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා දිවයින පුරා මාර්ග බාධක 269 ක් හා කැරලි මර්දන කණ්ඩායම් 241 ක් යෙදවීමටද සූදානම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ප්‍රථමාධාර ඒකකයක් ආරම්භ කරනවා නම් ඉතාමත් හොඳයි... දැන් දැන් ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රමාණය වැඩි නිසා ඡන්ද පත්‍රිකාව අතිවිශාල වෙලා තියෙනවා. ගණන් කරන්න ගියාම ඡන්ද පත්‍රිකාව දිගහැර ගැනීමට දැඩි මහන්සියක් ගන්න වෙනවා. එම තත්වය නිලධාරින්ගේ අත්වල මැණික් කටුවේ ආබාධ ඇතිවීමට හේතු වෙනවා... එයට ප්‍රථමාධාර සඳහා තමයි ප්‍රථමාධාර ඒකකයක් අවශ්‍ය වෙන්නේ... මේකට සියලු ප්‍රධාන පක්ෂ වගකිවයුතු වෙනවා. ඇත්තටම මෙහෙම අනවශ්‍ය ආකාරයට ඉදිරිපත් වෙන පිරිස් නිසා අනාගතයේ යම්දිනක නිලධාරින් මැතිවරණ කටයුතු වර්ජනය කරන අවස්ථා ඇතිවෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ...!