IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහ ඡන්දෙ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක්

(ජේ.ඉඳුරුවගේ)

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන්  ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම පිරිසට  සෘජුවම යොදවන   පොලිස් නිලධාරීන් 63,145 ක් ,විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200 ක් ,    අවශ්‍යතාව අනුව  පොලිස් නිලධාරීන් ඉවත් කෙරෙන ස්ථානවල ආරක්ෂාව  සඳහා යොදන යුධහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 11,000 ක් සහ ජංගම මුර සංචාර සඳහා යොදවන  සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් ඇතුළත් වන බව නිහාල් තල්දූව මහතා පැවසීය .

එමෙන්ම  ජංගම මුර සංචාර 3109 ක් හා  මැතිවරණයෙන් පසු ආරක්ෂාව සඳහා  දිවයින පුරා මාර්ග බාධක 269 ක් හා  කැරලි මර්දන කණ්ඩායම් 241 ක් යෙදවීමටද සූදානම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.



අදහස් (1)

මහ ඡන්දෙ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක්

Sachintha Saturday, 09 November 2024 06:29 PM

ඒ වගේම සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ප්‍රථමාධාර ඒකකයක් ආරම්භ කරනවා නම් ඉතාමත් හොඳයි... දැන් දැන් ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රමාණය වැඩි නිසා ඡන්ද පත්‍රිකාව අතිවිශාල වෙලා තියෙනවා. ගණන් කරන්න ගියාම ඡන්ද පත්‍රිකාව දිගහැර ගැනීමට දැඩි මහන්සියක් ගන්න වෙනවා. එම තත්වය නිලධාරින්ගේ අත්වල මැණික් කටුවේ ආබාධ ඇතිවීමට හේතු වෙනවා... එයට ප්‍රථමාධාර සඳහා තමයි ප්‍රථමාධාර ඒකකයක් අවශ්‍ය වෙන්නේ... මේකට සියලු ප්‍රධාන පක්ෂ වගකිවයුතු වෙනවා. ඇත්තටම මෙහෙම අනවශ්‍ය ආකාරයට ඉදිරිපත් වෙන පිරිස් නිසා අනාගතයේ යම්දිනක නිලධාරින් මැතිවරණ කටයුතු වර්ජනය කරන අවස්ථා ඇතිවෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site