(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය මගින් මෙවර වී මිලදී නොගැනීමටද තීරණය වී තිබෙි.
මෙවර වී මෙට්‍රික් ටොන් 66,000ක් මිලදී ගැනීමට නියමිතය.
මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ පිළිවෙළ පිළිබඳව කරුණු විමසමින් පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මාස දෙකක් එක් පවුලකට කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට ද රජය තීරණය කර ඇත.
මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද, මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd