උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි තරම් ලොකු මුදලකින් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් ආරම්භ කර පවත්වාගෙන යාම මඟින් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇතැයි පවසමින් තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් අද(01) මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළහ.
රොහාන් වැලිවිට , ආචාර්ය රබින්ද්‍රනාත් ප්‍රනාන්දු ,සේනක කවිෂාන් දිසානායක මෙහි සෙසු පෙත්සම්කරුවෝය. පොලිස්පති,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති වරයා, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.
සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් වලින් ඉල්ලා තිබේ.
දේශපාලන පවුලකින් පැවත එන තමන් කැඩෙට් නිලධාරියෙකු ලෙසින් 2006 වසරේදී නාවික හමුදාවට බැඳුණු බවත්, තමන් අත්අඩංගුවට ගැනීම හා ඒ සම්බන්ධ ක්‍රියාවලිය නීතිවිරෝධී හා නීතියට අනුව වලංගු නොවන බවත් යෝෂිත කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කල දේ පල පල දේ කියල පවසා ඇත්තේ නිකමට නොවේ. එහෙත් මෙහි වෙනසක් ඇත. (හේ)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට.......?(හේ)
යහපත් පුද්ගලයෝ දෙවියන්ටත් ඉහළින් වැජඹෙති. (නි)
මේ කරන්නේ තනිකරම නාටකයක්. අත්‍යවශ්‍ය සියුම් කරුණු නිසා විපක්ෂයේ හා ජනතාවගේ කලැබීම වලක්වන්නට අවධානය වෙනස් කරන සම්‍යක්ප්‍රයෝගයි මේ ආණ්ඩුව දාන්නේ. (ර)