පළාත් සභා අරමුද් මුදල් ලබාගැනීමේදී මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගැනීමට අයවැයෙන් යෝජනා වීම සම්බන්ධව බස්නාහිර පළාත් මහ ඇමැති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පළාත් මහ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එහි පැමිණ සිටි මහ ඇමැතිවරු පස් දෙනෙක් හා නියෝජිතයෝ දෙදෙනෙක් එම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයයේ පැවැත්වෙන බව මාධ්‍යවේදීන්ට පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගියහ.
කලින් විදියට එය සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් මුදල් බලය පළාත් සභාවලට නොදෙනවානම් ආණ්ඩුකාරවරුන් පත්කිරීමද තේරුමක් නැති බවත් එයින් ජනාධිපතිවරයාද එක්තරා ලෙස හෑල්ලුවකට ලක්වන බවත් උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත්, ඔබ හරි...! මේ 1987 දේ අපට බලහත්කාරයෙන් පැටවූ සතපහක වැඩකට නැති සුදු අලියෙකි. මහ ඇමතිලා බහුතරය දුෂිත හා බලය අවභාවිත කළ බව පරසිදු රහසක්. රටට බරක් වූ මේ පළාත් සභා අහෝසි කළයුතුයි. (නි)
මේ කුඩා දුපත පාලනය කරන්න මේ පළාත් සභා මොනවටද ....? වැඩක් නැති මේ සුදු අලි විසුරුවා හරින්න ඕනෑ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවත්. ඇමතිවරු උප ඇමතිවරු සිය ගානක්. හොඳ උගත්, බුද්ධිමත්, විනීත, අවංක, හොර බොරු නැති මිනිසුන් 10 දෙනෙක් සිටියත් ඇති මේ කරන වැඩේ ඊටත් වැඩිය හොඳින් කරන්න. (නි)
සාලිය, බඩවල් විතරක් නොවෙයි ඇයි කටවල්...? මහා ලොකුවට තමා කයිවාරු නම් ගහන්නේ. (නි)
අනේ ජනතාවට සේවය කරන්න වෙහෙසෙන හැටි. (ර)
අපිට සේවය කරන්න වෙහෙසෙන මෙම උත්තමයන්ට මුදල් රෙගුලාසි දාන එක වැරදියි. (ර)
අනේ මේ ගොල්ලන්ගේ බඩකට දිහා බලපු ගමන් පේනවා අපි වෙනුවෙන් මොනතරම් වෙහෙසෙනවද කියල හැමෝම ඇදිල ගිහිල්ල වගේ මට නම් පෙන්නේ පව් (බ)
හිටපු ජනාදිපති ජේ ආර් .ජයවර්ධන මැතිතුමා ලංකාවේ පළාත් සභා ක්‍රමය, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයද විසඳීමේ අභිප්‍රායෙන් පළාත්වල බලය බෙදාදීමේ අරමුණෙන් මෙසේ කළමුත් දැන් වී ඇත්තේ හාත්පසින් වෙනස් දෙයකි. ඇමති මණ්න්ඩලය එදාට වඩා දස ගුණයකින් පමණ වැඩිවී ඇත (නි)
කිව්වත් වගේ මෙයාලගේ බඩවල්.... (ර)