මහ ඇමැතිවරයකුට පළාතේ රජ්ජුරු කෙනෙකු ලෙස සිටිය හැකි යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අද පැවසීය.
බස්නාහිර පළාත් සංචාරක අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය කීර්ති දිසානායක මහතා අද (07) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ දී වැඩ බාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු එලෙස කීවේය.
‘ප්‍රධාන ඇමැතිවරයකුගේ බලය ගැන සමහරුන් හරියට දන්නේ නෑ. ප්‍රධාන ඇමතිට පළාතක ඕනෑ දෙයක් කරන්න පුළුවන්. පළාතක රජ්ජුරුවන් වගේ ඉන්න පුළුවන්. මා බස්නාහිර පළාතේ හිටියා නම් පාර්ලිමේන්තුවට එන්නේ නෑ, බස්නාහිර මහ ඇමැති ලෙසම ඉන්නවා. ඕනෑම අමාත්‍යංශයක් තමන් යටතට පවරා ගන්න මහ ඇමැතිට පුළුවන්. ආණ්ඩුකාරවරයාට හා ජනපතිට පමණයි මහ ඇමැති තනතුර දෙවැනි වන්නේ. එය තේරුම් නොගත් දේශපාලනඥයන් කරන නිසා බස්නාහිර මහ ඇමැති එය ඔප්පු කර පෙන්නුවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් රජකම් කළත් කළකම් පළදෙන බව අමතක කරන්නත් එපා (නි)
අපෝ එයත් දන්න දේවල්!! (නි)
වෙනසින් පසුවත් යුව රජවරු ඉන්නවද? (නි)