ආණ්ඩුකාර පට්ටමක් දරන කෙනෙක් පළාත් සභාවක පාලන කටයුතු වලට සෘජුවම මැදිහත් වීම මහ ඇමැතිටත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් වාතයක් වෙලා කියලා ආරංචියි...
එක්තරා උඩරට පළාතෙ සභාවක මහ ඇමැතිගෙ කටයුතු පවා ආණ්ඩුකාර අංශය පවරගත්ත වගේ වැඩලු. ආණ්ඩුකාර තැන දවසේ වැඩිවෙලාවක් කන්තෝරැවෙම ඉන්න නිසා වැඩ මග අරින අයටත් කේස් පිට කේස්ලු. පසුගිය කාලෙ නැගෙනහිර මහ ඇමැති තැනත් ආණ්ඩුකාර තැන එක්ක පැටළුණේ රාජකාරිවල හතර මායිම් බේරගන්න බැරැවයි.
අපි මේ ආණ්ඩුකාර තැන තමන්ගේ නියෝග හරියට සිද්ධ නොවුණොත් ඒක ඉහළම මන්දිරේකට සුළු මොහොතකින් දන්වන්න තරම් බලවත් චරිතයක් කියලා ආරංචියි.. ඒ නිසා මහ ඇමැති තැනත් ඉන්නෙ ලාන්තරස් වෙලාලු. ඒත් ආණ්ඩුකාර තැන එක්ක එයා තවම පැටළුණේ නැත්තෙ ආණ්ඩුකාර තැන මහ ඇමැතිට ළඟ නෑදැකමක් තියන නිසා කියලත් දැන ගන්න තියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd