උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව විදේශගතව ඇති බවත් වැඩ බලන ඇමැතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ටී කුරුකුලරාජා පත්තර ඇති බවත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග කියයි
උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩබලන මහ ඇමතිවරයෙක් පත් නොකිරීම නිසාවෙන් 15 වනදා උතුරු පලාත්සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් විසින් අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාජා පත් කලද 15 වන දා සිට එසේ පත් වූ ටී.කුරුකුලරාජා මේ වන තුරු උතුරු ආණ්ඩුකාරවරයා ඉදිරියේදී උතුරු පලාත් වැඩබලන මහඇමති වරයා වශයෙන් දිවුරුම් දී හෝ දිවුරුම් වාර්ථාවක් භාර දී නොමැත බවද වාර්තා වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව උතුරු මහඇමති වරයා විදෙස් ගත වන්නේ නම් පලාත් ආණ්ඩුකා වරයාට දැනුම් දී වැඩබලන මහඇමති වරයෙක් පත් කොට වැඩබලන මහඇමති වරයා ආණ්ඩුකාවරයා ඉදිරියේදී දිවුරුම් දීමෙන් පසුව ආණ්ඩුකාර වරයා විසින් ගැසට් පත්ත්රයක් නිකුත් කල යුතු නමුත් එවැනි ගැසට් පත්‍රයක් නිකුත්කොව නොමැති බවද වාර්ථා වෙයි
මහ ඇමති විග්නේශ්වරම් අද හෙට කැවත පැමිනීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ හිතුවක්කාර වැඩ කරනකොට රටක් තවදුරටත් පවතීද? හොද වෙලාවට මේ අයට වැඩිපුර බලතල නොදුන්නේ. (ම)
නොකියාම එදා වප් මහේ සඳ නැති පායා ඔබ කොහිද ගියේ වගකීමත් අතහැර දාලා (ම)
මේයා නම් දෙන් නටනවා හොඳටම වැඩියි . තව ටික දවසකින් සිංහලයාට අබසරණයි!(අ)
අනෙක් අයට ආදර්ශයක් දිය යුතු පුද්ගලයෙක් කරලා තියෙන්නේ ඉතාම වැරදි ක්‍රියාවක්. (ම)
නොකිය ගියේ මොන කුමන්ත්‍රණයක්ද දන්නේ නැත (බ)
රජයට බැරිද නොදන්වා සේවය අතහැරයාම කියලා ඔය පිළිලය චුත කරලා දාන්න (බ)
අන්දරේලා ඉන්න ආණ්ඩුවකට මොකට කියන්නද? (බ)
හොර රහසේ මැරුණු ජයලලිතාගේ ..හොර අවමගුල් උත්සවේට යනකොට ..එහෙම බෙරගගහා යනවද ..?ඔයාලට පිස්සු ..? (බ)
ලෝක ප්රජාවත් තව ටික දිනකින් පිළිගනීවි විග්නේශ්වරන්ගේ දෙමළ රාජ්‍යය,! අපේ අය මරනින්දේ (නි)
මහඇමති නීතිය නොදන්නා නුගත් අයකු නොවේ. මෙය නරක පුර්වාදර්ශයකි . නීතිය ක්‍රියාත්මක කරනවානම් ඔවුනගේ තරාතිරම නොබලාම දඩුවම් කළ යුතුයි (ම)
මෙවැනි සිද්ධි සිනහවීමට කරුණු නොවේ. ජනාධිපති නොදන්නවාට යහ පාලනය යටතේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය විය හැකිය. බල පෙරේත දේශපාලනය කර ගසාගෙන එකිනෙකා මරා ගන්න දේශපාලනයකට හුරු වී සිටින සිංහලයනට තමන්ගේ අනාගත දු දරුවන්ගේ අයිතිය වෙනුවෙන් සිතා බැලීමට කාලය එළැඹ ඇති බව දැන්වත් මේ මෝඩ සිංහලයන් වටහා ගතහොත් යෙහෙකි. (බ)
මොන ගිනිගෙඩියක් දෙන්නද දන්නේ නෑ නොකියාම ගියේ (බ)
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් (බ)
පාලකයන් කොන්ද පණ නැති වුනාම හැම එකාම හිතෙන හිතෙන පිස්සු නටනවා. (බ)
පහල රජයේ සේවකයෙක් ඔය වරද කළා නම් මෙලහකට සේවය අත්හැරලා ගිය කියල වැඩ තහනම් කරලා. ලොක්කෝ වැරදි කලාම ඒවා ශේප් කරලා යවනවා (ම)
ඒ අයට සමාව දෙමු. අපේ අයට අපි නීතිය ක්‍රියාත්මක කරමු. (ම)
මෙහිදී හරියට නිතිය ක්‍රියාත්මක කළොත් රටට ළුලදායක වෙන්න පුළුවන්.(ම)
හොඳ වෙලාවට මේ අයට වැඩිපුර බලතල නොදුන්නේ. (ම)
මහා ආණ්ඩුව පත්තරෙන් දැනගනියි දැන්. (බ)
කරුණාකරලා මෙවැනි මිනිස්සුන්ව හුරතල් කරන විදිහේ අදහස් මෙතන පල කරන්න එපා. උතුරේ තරුණයින්ට ජාතිවාදී අදහස් පැතිරවූ මෙවැනි මිනිසුන් දේශපාලනයෙන් පමණක් නොවේ රටෙන්ම අතුගා දැමීමේ ව්‍යාපාරයක් තමයි ඇති කළ යුත්තේ. මොවුන් වපුරපු ජාතිවාදී විෂබීජ වල අස්වැන්න මේ අයටම නෙලා ගන්න ඉඩ සැලැස්විය යුතුයි. (බ)
නීතියට පිටින් ගියා නම් ගිය අහක ඉන්නැයි කියල වෙන එකෙක් දිගටම පත්කරලා දමන්නයි තියෙන්නේ. (බ)
උතුරේ මහඇමැති රට ගියාද ගෙදර ගියාද කියන එක අපිට වැඩක් නෑ. (බ)
අන්තවාදී මෙම දේශපාලකයන් , ශිෂ්‍යන් ජනතාව මේ සියලු දෙනා මේ කරන්නේ රටේ පොදු නීතියට ඔවුන් තව දුරටත් අනුකුල නොවන බව ලොවට පැවසීමයි . මේ රටේ බලයට පත් සහජීවන දේශපාලන නඩය කළ යුත්තේ මොවුන්ගේ බෙදුම් වාදී මනසට කළ යුතු බෙහෙත කිරීම මිස සුන්දර වචන වල සැගවී බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ කරගැනීමට ඉඩ දීම නොවේ (බ)
විදෙස් චාරිකාවකද? නිවාඩු ගත කරන්නද? ෆෙඩරල් ඉගෙන ගන්නද? මහජන සල්ලි වලින්ද? පෞද්ගලික සල්ලි වලින්ද? ලංකාවේ මැති ඇමතිලට සැහෙන කල් විවේක ගත කරන්න පුළුවන් නේද? යන්නේ කොහෙද මොනවද කරන්නේ මහජනයා නොදැන මහජන සේවකයෙක් වෙන්නේ කොහොමද? විශ්‍රාම ගිහින් ඕන ඕන තැන වලට ඕන විදියකට ගිහිලා එන්න. (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
දැන් මේ මනුස්සය මහා ලොකු නීති විශාරදයෙක් නේද. නීතිය දැනගැනීමම නීතිය කඩ කරන්න හේතුවක්ද නැත්නම් හිතුවක්කාරකමද (බ)
හොඳට මධ්‍යස්ථව අධ්‍යයනය කරලා බැලුවොත්, පළාත් සබාවලින් රටට සහ ජනතාවට අර්බුදයක් හැර යහපතක් නැහැ (බ)