ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මාසයකුත් දින 7 කට පසු අද දිවුරුම් දුන්හ. ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතාද පැමිණ සිටියේය.
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලි බල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා, සමාජ සුබසාධන අමාත්‍ය ආර්.එම්. කුමාරසිරි රත්නායක, මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමුපකාර අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික, පේෂ කර්මාන්ත සහ කුඩා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සාලිය සුමේධ ද සිල්වා අද දිවුරුම් දුන්හ.
(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0112.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0211.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0312.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0512.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අප්‍රමාදව වැඩ කරමු. දුප්පත්කම නිසාම අසරණ වූ මිනිසුන් වෙනුවෙන්. දුප්පතුන්ගේ කඳුළු මනාප සඳහා වැය කරන්න නම් එපා. (අ)
බලන්න සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැති හැටි... කෝ අපේ හේමා රත්නායක මැඩම්. එතුමිය තමයි ඔතන ඉන්න ජ්‍යෙෂ්ඨතම කෙනා. (ර)
ධර්ම ජයවික්‍රම සමඟ මමත් එකඟයි (නි)
කමක් නැහැ. මාසයක් ගෙවිලා හරි එයාලා ඒ දේ කළානේ (නි)