කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාය. නගර ශාලාව ඉදිරිපිට බිමේ සුවිසල් කූඩාරමක් අමුත්තන් වෙනුවෙන් ඉදිකැර තිබිණි.
අගමැති පළාත් පාලන බලධරයෝද දේශපාලනඥයෝද රජයේ සේවකයින් කිහිප දෙනකුද විශේෂ ඇරයුම් ලැබී සිටි කිහිප දෙනා අතර වූහ. පුරපති ඒ.ජේ.මුසම්මිල් මහතා ස්තූති කථාව කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කළේය. ඔහු එසේ කියද්දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිනා ගියේය.
මුසම්මිල් මහතා වහා වරද නිවැරදි කරගත්තේය. ඔහු දැන් මක්කම වන්දනාවේ ගොස් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හින්දා වින්ද සැප කොන්ද ඇති ඡන්ද දාසලාට අමතක වෙන්නේ නැහැ (බ)
දෙවියෝ...සිහිවෙන්න ඇති...හහ්...හහ්...හා....(බ)
රටේ වැඩිම ජනප්‍රිය දෙශපාලකයා කවුද කියන එක ජනමත විචාරණයක් තිබ්බොත් දන ගන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ ලොක්කෝ දන්නා නිසා තමයි කොහොම හරි මහින්දව අමාරුවේ දාන්න වලි කන්නේ. (අ)
ජය වේවා. අපේ බුද්ධාගම පොතේ තිබුන කතාවක් මතක් වුනා. මළත් නොමළා වගෙයි කියල මාගන්දිය කතාවේ කිව්වා එ්ක. (බ)
කොච්චර මඩගහන්න හැදුවත් සත්‍ය එයම නොවේද ?.......එය මිනිස් හදවත් අතර කාලාන්තරයක් රැව් පිලි රැව්දේ ...(ම)
මඩ ගහන්න ගහන්න එතුමාගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙන එකයි වෙන්නෙ.. පක්ෂ විපක්ෂ සියලුම දෙනා අතර හොඳට හෝ නරකට වැඩියෙන්ම කියවෙන නම මහින්ද රාජපක්ෂ.. මකාදාන්න කොච්චර හැදුවත් කරන්න බෑ.. (ම)
දිව පැටලුනා නෙවි. මහින්ද ඉන්න පැත්ත බලාගෙන වෙන්න ඇති පුරපති ඒ.ජේ.මුසම්මිල් එම දේශනය කරගෙන ගියේ. (ස)
ඔය නම අමතක කරන්න කිසිවෙකුට නොහැකි තරම් බලවත්. (ස)
කව්රු කොහොම කිව්වත් තාම මිනිසුන්ගේ හදවතේ ඉන්නේ මහින්ද ජනාදිපති තුමා. (ස)
විපක්ෂ දේශපාලකයන්ගේ සිතේ තියෙන්නෙත් මහින්ද නාමය නම්, සාමාන්‍ය ජනතාවගේ සිත්හි මේ නම කෙසේ පැළපදියම් වී ඇද්ද? රජෙකු මෙන් සිටීමට සිටි මිනිසෙකු නොමඟට යොමුකළ අයට ශාප වේවා! (නි)
මහින්ද නාමය කිසිදා කිසිවෙකුගේ සිතින් ඉවත්කළ නොහැකි හැටියට ලියවිලා තිබෙන්නේ. ඒකනේ මේ තරම් දේශපාලන පහර ගහන්නේ. කොච්චර ගැහුවත් වැඩක් නැහැ.සැමදා මහ රජ ඔබයි. (නි)