IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුසම්මිල්ටත් දිව පැටලේ

කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාය. නගර ශාලාව ඉදිරිපිට බිමේ සුවිසල් කූඩාරමක් අමුත්තන් වෙනුවෙන් ඉදිකැර තිබිණි.

අගමැති පළාත් පාලන බලධරයෝද දේශපාලනඥයෝද රජයේ සේවකයින් කිහිප දෙනකුද විශේෂ ඇරයුම් ලැබී සිටි කිහිප දෙනා අතර වූහ. පුරපති ඒ.ජේ.මුසම්මිල් මහතා ස්තූති කථාව කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූති කළේය. ඔහු එසේ කියද්දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිනා ගියේය.

මුසම්මිල් මහතා වහා වරද නිවැරදි කරගත්තේය. ඔහු දැන් මක්කම වන්දනාවේ ගොස් සිටී.



අදහස් (0)

මුසම්මිල්ටත් දිව පැටලේ

විලේගොඩ Monday, 28 December 2015 12:36 PM

මහින්ද හින්දා වින්ද සැප කොන්ද ඇති ඡන්ද දාසලාට අමතක වෙන්නේ නැහැ (බ)

:       0       0

දයානන්ද Sunday, 27 December 2015 01:09 PM

දෙවියෝ...සිහිවෙන්න ඇති...හහ්...හහ්...හා....(බ)

:       0       0

දහම් Monday, 28 December 2015 02:06 PM

රටේ වැඩිම ජනප්‍රිය දෙශපාලකයා කවුද කියන එක ජනමත විචාරණයක් තිබ්බොත් දන ගන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ ලොක්කෝ දන්නා නිසා තමයි කොහොම හරි මහින්දව අමාරුවේ දාන්න වලි කන්නේ. (අ)

:       0       0

සෙනුර Monday, 28 December 2015 02:50 PM

ජය වේවා. අපේ බුද්ධාගම පොතේ තිබුන කතාවක් මතක් වුනා. මළත් නොමළා වගෙයි කියල මාගන්දිය කතාවේ කිව්වා එ්ක. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 28 December 2015 08:03 AM

කොච්චර මඩගහන්න හැදුවත් සත්‍ය එයම නොවේද ?.......එය මිනිස් හදවත් අතර කාලාන්තරයක් රැව් පිලි රැව්දේ ...(ම)

:       0       0

සංජීව - හොරණ Monday, 28 December 2015 08:20 AM

මඩ ගහන්න ගහන්න එතුමාගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙන එකයි වෙන්නෙ.. පක්ෂ විපක්ෂ සියලුම දෙනා අතර හොඳට හෝ නරකට වැඩියෙන්ම කියවෙන නම මහින්ද රාජපක්ෂ.. මකාදාන්න කොච්චර හැදුවත් කරන්න බෑ.. (ම)

:       0       0

නන්දලාල් Sunday, 27 December 2015 07:18 PM

දිව පැටලුනා නෙවි. මහින්ද ඉන්න පැත්ත බලාගෙන වෙන්න ඇති පුරපති ඒ.ජේ.මුසම්මිල් එම දේශනය කරගෙන ගියේ. (ස)

:       0       0

පුලාරා Sunday, 27 December 2015 08:32 PM

ඔය නම අමතක කරන්න කිසිවෙකුට නොහැකි තරම් බලවත්. (ස)

:       0       0

චමින්ද Sunday, 27 December 2015 11:03 PM

කව්රු කොහොම කිව්වත් තාම මිනිසුන්ගේ හදවතේ ඉන්නේ මහින්ද ජනාදිපති තුමා. (ස)

:       0       0

නිමල් ලාලිත Monday, 28 December 2015 02:44 AM

විපක්ෂ දේශපාලකයන්ගේ සිතේ තියෙන්නෙත් මහින්ද නාමය නම්, සාමාන්‍ය ජනතාවගේ සිත්හි මේ නම කෙසේ පැළපදියම් වී ඇද්ද? රජෙකු මෙන් සිටීමට සිටි මිනිසෙකු නොමඟට යොමුකළ අයට ශාප වේවා! (නි)

:       0       0

පෙරේරා Monday, 28 December 2015 04:13 AM

මහින්ද නාමය කිසිදා කිසිවෙකුගේ සිතින් ඉවත්කළ නොහැකි හැටියට ලියවිලා තිබෙන්නේ. ඒකනේ මේ තරම් දේශපාලන පහර ගහන්නේ. කොච්චර ගැහුවත් වැඩක් නැහැ.සැමදා මහ රජ ඔබයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site