බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 4629 ත් සමග මුළු ඡන්ද 16005 ලබාගනිමින් එම කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්ට යම් තරමක අභියෝගයක් එල්ල කිරීමට සමත්වී තිබේ.
බාෂිත් මුසම්මිල්ට මෙම ඡන්ද 16,005 ලබාගැනීම සඳහා ගතවී ඇත්තේ සති තුනක කාලයක් පමණි. ජලීල්ගේ මුළු ඡන්ද සංඛ්‍යාව 23028 ක් වන අතර පසුගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 775 ක් පමණි. ජලීල් මේ වන විට බාෂිත්ට වඩා ඡන්ද 7023 ක් ඉදිරියෙන් සිටී. තරගය නිමාවීමට ඉතිරිව ඇත්තේ තවත් සතියක කාලයක් පමණි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන වලීඞ් ජිෆ්රිගේ මුළු ඡන්ද සංඛාව 17,802 ක් වන අතර ඔහු පසුගිය සතිය තුළදී ඡන්ද 1640 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ශසික රත්නතිලකට වඩා ඡන්ද 7798 ක් ඉදිරියෙන් සිටී.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැඳී සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 111 ත් සමග මුළු ඡන්ද 2256 ක් ලබා තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ.
තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට පඨකයන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් සතියක් පමණි.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 23028 |
| බාෂිත් මුසම්මිල් | වෙස්ලි විදුහල | 16005 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 5215 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3745 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1483 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1249 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 675 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 562 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 418 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 231 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 213 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 188 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 158 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 105 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 85 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සර්වේසර්ස් විදුහල | 74 |
| ගෙහාන් ගජධීර | මාතර ශන්ත සර්වේසර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2256 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1563 |
| චාමික අමරසේකර | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1011 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 347 |
| භානුක මානෙල්අංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 180 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 145 |
| සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 21 |
| ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 21 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| වලීඞ් ජිෆ්රි | ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල | 17802 |
| ශසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 10004 |
| චේලක මල්ලවාරච්චි | වත්තල ලයිසියම් විදුහල | 290 |
| ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර පාසල | 97 |
| පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
| නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල | 3 |
(*)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුසම්මිල්ගෙන් සති තුනක් ඇතුළත තර්ස්ටන් විදුහලේ ජලීල්ට සටනක්