බාල වයස්කාර පාසල් සිසුවියක අපයෝජනය කළ පෙදරේරුවකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වසර විස්සක බරපතල වැඩ සිහිත සිර දඩුවමක් නියම කළාය.
විත්තිකරුට දඩුවම් නියම කළ අවස්ථාවේ ඔහු මහාධිකරණයට නොපැමිණ අධිකරණය මඟ හැර පළා ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුව විත්තිකරුට විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කැරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ අනුරාධපුර පාලාඩිතකුලම ඩබ්.එම්.වසන්ත රත්නසිරිටය.
2004 වසරේ ජනවාරි 27 වැනි දා හෝ ඊට ආසන්න දිනයක ඔහු මේ අපරාධය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ, ප්‍රසිද්ධියේ කසපහර 20ක් සමඟ බරපතල වැඩ ඇතුව වසර 20ක් විතර හිර දඬුවමක් දෙන්න ඕනෑ (නි)
මෙවැනි අපරාධයක් සඳහා වසර 20ක් කොහෙත්ම මදි. තීන්දුව දෙනදා උසාවියට නොපැමිණීමට මෙම සැකකරුට අවස්ථාව ලැබුනේ කොහොමද ? ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරයේ නොවෙයිද ? උසාවිය මහහැර පලගියාටත් එමගින් උසාවියට අපහාස කිරීමේ වරදටත්, තව වසර කීයක් ඔහුගේ දඬුවමට එකතු කරනවාද ? (ර)