වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන මෙවර "සාරවිට" තරු කතාබහට සම්බන්ධ කර ගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය, පසුගිය දිනවලදී මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වූයේ "දෙරණ අවුරුදු කුමරිය" ලෙස කිරුළ දිනාගැනීමත් සමගයි.
"දෙරණ අවුරුදු කුමරිය" ජයග්‍රහණය කිරීමෙන් පසුව රඟපෑමට ආරාධනා බොහොමයක් ආවා. නමුත්, මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මොකද, මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරගෙන තමයි මම කලාව පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නේ. ඉලක්කය තමයි ලබන වසරේ "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙන එක.
රඟපාන්න නම් ගොඩක් කැමතියි. දැනට මියුසික් වීඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයක මම රඟපාලා තියෙනවා. ඒ හින්දා රංගනය පැත්තට යොමු වෙලා රසික, රසිකාවියන්ගේ ආදරය දිනාගන්න ගොඩක් ආසාවෙන් මම ඉන්නවා. නිරූපිකාවක විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි රොසෑන් ඩයස් මහත්මිය. ඇය තමයි නිරූපණ ක්ෂේත්‍රය තුළදී මට ගොඩක්ම උදව් කළේ. නම් නොකීවාට බොහෝ දෙනෙක් මට මේ ක්ෂේත්‍රය තුළදී උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මාව මතක් කරන්න ඕනි. ඇය තමයි මගේ හැම වැඩකදීම මා පසුපස සෙවණැල්ල මෙන් මා සමග ඉන්නේ.
බුද්ධික සේනාධීර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගි පොඩ්ඩක් මහත වැඩි නේද එහෙම තරගෙකට ඉදිරිපත් වෙන්න (බ)