(මහින්ද නිශ්ශංක)
දේශීය බිත්තර සදහා පාරිභෝගික ඉල්ලුම සියයට දහයකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
මස්, මාළු, කරවල මිල විශාල වශයෙන් ඉහළ යාමත් එම මිල ගනන් පාරිභෝගිකයින්ට දරාගත නොහැකිවීමත් හේතුවෙන් මෙසේ බිත්තර ඉල්ලුම වැඩි වී ඇති බවත් ඔහු කීහ.
දිනකට පමණක් බිත්තර ඉල්ලුම ලක්ෂ හතරකින්, පහකින් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
මේ අතර දිනක බිත්තර නිෂ්පාදනයද ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා වැඩි වී ඇතැයි කී සභාපති සරත් මහතා කුකුළු කෑම මිල සියයට දෙසීය, හාරසිය වශයෙන් ඉහළ ගොස් ඇති අතර එම මිල ගණන් අඩු වන්නේ නම් බිත්තර නිෂ්පාදනය තවත් ඉහළ යන බව ද පැවසීය.
බිත්තර පාලන මිල ඉවත් කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටි බවද කී ඔහු පාලන මිල ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 40-45 අඩු කිරීමට හැකියාව ඇති බව ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එහෙනම් දැන් අඩුකරන්න බැරි..? මොවුන් ඔක්කොම යන්නෙත් අපායට තමයි.
ඉන්දියාවෙන් ගෙනාවා කියපු ගමන් ගැනත් අඩු වෙලා ළමා රෝහලටත් නොමිලේ දෙනවා කිවුවේ මුන් නේද
බිත්තරයක් රුපියල් 60/=.ඒක තමයි අපේ පැත්තෙ යථාර්ථය.ඒ ගානට ගන්න බැරි නිසා බිත්තර කෑම අතෑරියා
මොවුන් විතරක් නෙමෙයි ආන්ඩුවත් නැතිබංග වෙලා අපායට යන්න ඕන.නොදකින් මෙහෙම ආන්ඩුවක් . මිනිස්සුන්ගේ මේ ඉවසීම පුදුමයි.
මාළු,කරවල මිල වැඩි වෙන්න එක හේතුවක් වාරකන්. බිත්තර ඉල්ලුම කෙසේ වෙතත් සැමන් ඉල්ලුම නම් වැඩි වෙලා ඇති.