IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මස් මාළු ගිනි ගනන්:බිත්තර ඉල්ලුම වැඩ වෙලා

(මහින්ද නිශ්ශංක)

දේශීය බිත්තර සදහා පාරිභෝගික ඉල්ලුම සියයට දහයකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

මස්, මාළු, කරවල මිල විශාල වශයෙන් ඉහළ යාමත් එම මිල ගනන් පාරිභෝගිකයින්ට දරාගත නොහැකිවීමත් හේතුවෙන් මෙසේ බිත්තර ඉල්ලුම වැඩි වී ඇති බවත් ඔහු කීහ.

දිනකට පමණක් බිත්තර ඉල්ලුම ලක්ෂ හතරකින්, පහකින් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

මේ අතර දිනක බිත්තර නිෂ්පාදනයද ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා වැඩි වී ඇතැයි කී සභාපති සරත් මහතා කුකුළු කෑම මිල සියයට දෙසීය, හාරසිය වශයෙන් ඉහළ ගොස් ඇති අතර එම මිල ගණන් අඩු වන්නේ නම් බිත්තර නිෂ්පාදනය තවත් ඉහළ යන බව ද පැවසීය.

බිත්තර පාලන මිල ඉවත් කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටි බවද කී ඔහු පාලන මිල ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 40-45 අඩු කිරීමට හැකියාව ඇති බව ද කීය.

 



අදහස් (5)

මස් මාළු ගිනි ගනන්:බිත්තර ඉල්ලුම වැඩ වෙලා

Nimal Sunday, 09 July 2023 06:50 PM

ඇයි එහෙනම් දැන් අඩුකරන්න බැරි..? මොවුන් ඔක්කොම යන්නෙත් අපායට තමයි.

:       0       11

Prabha Monday, 10 July 2023 02:16 AM

ඉන්දියාවෙන් ගෙනාවා කියපු ගමන් ගැනත් අඩු වෙලා ළමා රෝහලටත් නොමිලේ දෙනවා කිවුවේ මුන් නේද

:       0       2

Nandasena gr Monday, 10 July 2023 05:53 AM

බිත්තරයක් රුපියල් 60/=.ඒක තමයි අපේ පැත්තෙ යථාර්ථය.ඒ ගානට ගන්න බැරි නිසා බිත්තර කෑම අතෑරියා

:       0       5

සංකා Monday, 10 July 2023 09:40 AM

මොවුන් විතරක් නෙමෙයි ආන්ඩුවත් නැතිබංග වෙලා අපායට යන්න ඕන.නොදකින් මෙහෙම ආන්ඩුවක් . මිනිස්සුන්ගේ මේ ඉවසීම පුදුමයි.

:       1       6

himal Monday, 10 July 2023 10:07 AM

මාළු,කරවල මිල වැඩි වෙන්න එක හේතුවක් වාරකන්. බිත්තර ඉල්ලුම කෙසේ වෙතත් සැමන් ඉල්ලුම නම් වැඩි වෙලා ඇති.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site