උඩ පේරාදෙණිය ළමා නිවාසයක සිටි මාස දෙකක් පමණැති දරුවෙකුට උදැසන කිරි පෙවීමට යාමේදි කිරි සිරවී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
රෝහලේදීම දමා ගොස් ඇති මාස දෙකක් පමණැති මෙම දැරිය අධිකරණයෙන් ළමා නිවාසයට භාර දී ඇත. ඉරිදා (17) දරුවන් බලාගන්නා ළමා නිවාසයේ කාන්තාවක් විසින් බෝතලයෙන් කිරි පෙවීමට යාමේදී කිරි සිරවිමෙන් පසු පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරිමෙන් පසු එදින දහවල් මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් හරියට හරි. මේ ලෝකෙට ගෙනාපු දෙමාපියෝ කවුරු වුණත් හොයලා බාරදෙන විදිහට නීති සකස්විය යුතුයි. එය ඔවුනට පැහැර හැරිය නොහැකි වගකීමක් වියයුතුයි.ඉතා නිවැරදියි. (නි)
මෙවැනිම අතපසුවීමක් නිසා සෞදි අරාබියේදී හිස් ගැසුමට ලක්වූ රිසානා දැරිය මට මේ අවස්ථාවේ සිහියට එනවා. බොරු වයසක් පෙන්වා බාලවයස්කාරියක්ව කුඩා දරුවෙක් බලාගන්න යවා ඒ අපරාධය කළ පාපතරයෝ අදත් යහතින් ජීවත්වෙනවා. මෙතනත් දරුවන්ට කිරි පොවනවා තරම් දැනුමක් නැති කාන්තාවන් සේවයේ යෙදවීමෙන් අහිංසක දැරියක් අකාලයේ මියගියා. 8 පාස් නැති ඇමතිවරු පාලනයේ කොටස්කරුවන් දුන් ආදර්ශය ජනතාවගේ දෛනික ක්‍රියාකාරිත්වය දක්වා කාන්දුවී තිබීමේ අවදානම තේරුම් ගන්න කෙනෙක් තවම බිහිවී නැහැ. (නි)
ළමයින් හදා ගැනීමට කැමති ඉතා කරුණාවන්ත අය මේ රටේ ඉන්නවා. දොස්තරුවරුන් ළඟ කාලයක් රස්තියාදු වී අන්තිමට දරුවෙකු පිටින් අරන් හදාගන්න ගොස් පරිවාස උසාවි ගානේත් රස්තියාදු වුණ මිතුරියක් මට සිටිනවා. (නි)
කොහෙහරි යන්න ඉක්මනටම පොවන්න ඇති. තනිකර නොසැලකිල්ල අද කාලේ අයට බැනේ ළමයට කිරිටික වත් හරියට පොවාගන්න. (බ)
දාලා යන්නට නම් ඇයි ළමයි හදන්නේ? (නි)
වැදු මවකගේ හදවත දරු සෙනෙහසින් උණුසුම් නොවන සමාජයක වැටුපට සේවය කරන ගැහැණියකගෙන් කුමක් බලාපොරොත්තු වෙන්නද? " මීපුප් ලදිම් දරු නොලදීම්" යන ශෝකී ජන ගායනය මම සිහිපත් කරමි. අකාරුණික නොසැළකිළිමත් ගැහැණුන්ගේ රළු දෑතේ උණුසුම සොයනවාට වඩා රෑපවති නැගණියගේ යෝජනාව යෙහෙකි. නොදුටු දියණිය එසේ සිතන්නට තරම් අපේ සිත් රළු කල සමාජයකට ඔබ අයත් විය යුතු නැත. (නි)
දරුවන් නැති නිසා මුළු සන්තකේම වෛද්‍යවරුන්ට වියදම් කරලා එයිනුත් පලක් නැතුව කණගාටුවන විවාහකයන් මම දැකලා තිබෙනවා. සමහරුන්ට තමන්ට ලේසියෙන් දරුවන් ලැබෙනකොට වටිනාකමක් නැහැ. නැති කෙනෙක්ගෙන් අහලා බැලුවා නම් හරි ඒ මිනිස්සු හිතෙන විඳවන තරම ! (නි)
ඔබේ ජීවිතය ගැන මට දුකයි ..එ්ත් මම ඔබේ මරණය ගැන සතුටු වෙනවා. තම දෙමාපියන්ගේ සෙනෙහස අහිමි තැන නන්නාඳුනන දුර්ජනයින්ගේ ගැරහුම් පීඩන මැද කළුයි බතුයි කනවට වඩා, ජීවිතේ කිසිවෙකුගේ හව් හරනක් නැතිව මෙලොව ජීවත්වෙනවට වඩා මරණය සැපතකි....! මම ඔබට නිවන් සුවයම ලැබේවා ..කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ..නොදුටු දියණියේ ..!!!! (බ)
තනිකරම නොසැලකිල්ල සහ ආදරයක් නොමැතිකමින් සිදුවී ඇත . රටේ නීති රීති යාවත් කාලින විය යුතුය . දරුවන් ආදරයෙන් රැකබලා ගැනිමට ඕනෑතරම් දරුවන් නැති සහ සිටින දෙමුපියෝ මේ රටේ සිටිති . මෙවැනි අත දරුවන්ට මවු සෙනහස ඉතා අවශ්‍ය ය . එබවින් යල් පැනපු නීති වෙනස් කර නිසි දෙමුපියන් වෙත මේ දරුවන් ලබාදෙන්න කට යුතු කළ මැනවි. (බ)
ඔබට නිවන් සුව ලැබේවා චුටි දුවේ ! (බ)
මේ කුඩා දරුවන් මහමඟ දමායාම රෝහල් වල දමා යාම හා උපන් ගමන් ජීවිත නැතිකිරීම වැනි කාර්යයන් නතර කළහැකි ක්‍රමවේදයක් නිර්මාණය කළයුතුයි.ඒ සදහා ඕනෑම ගැහැණු කෙනෙක් දරුවෙක් ලැබීමට රෝහට හෝ මාතෘ සායනයකට පළමුව පැමිණීමේදී දරුවාගේ පියා එහි පැමිණීම අනිවාර්ය කළයුතුයි. තවද දෙදෙනාගෙම ඩීඑන්ඒ පරෙක්ෂාව කර දෙමාපියන්ගේ සියලු විස්තර රැකියා හා රැකියාවන් කරන ස්ථාන වල තොරතුරු ලබා ගතයුතුය. මේ විස්තරපත් නොමැතිව රටේ කිසිම රෝහලකට දරු ප්‍රසුතියක් සදහා කිසිවෙක් බාර නොගන්න ලෙස නීතියක් පැනවිය යුතුයි. අනෙක මාස 3 වරක්වත් දරුවක්ගෙ පියා සයනයට පැමිණීම අනිවාර්ය කළයුතුයි. එවිට රටේ උපදින කිසිදු ළමයෙක් කිසිතැනක දමා ගියත් ජීවිත හානිකර වසන්කර තිබුනත් එම දරුවාගේ ඩීඑන්ඒ පරික්ෂාව මඟින් දරුවාගේ නියම අයිතිකරුවන් සොයාගත හැකිය. එවිට මේ ළමා නිවාස වල දරුවන් දෙමාපියන් නැතුව පිරී යන එක පාලනය කළහැක. යම් පවුලකට දරුවා හදා ගැනීමට සාධාරන අපහසුතාවක් තිබේනම් පමණක් නීත්‍යානුකූලව එම දරුවන් මේ ආයතන වලට දියහැකි වනසේ නීතියක් ගෙන ආ යුතුයි. (නි)
හැම ළමා නිවසේකම තත්ත්වේ ඕක තමා.අනුකම්පාව මනුෂ්සකම තියෙන අය නෑ. සල්ලි වලට හැමදේම.ඔය වගේ තැන්වලට තරුණ ගෑනු ළමයි දෙන්න දරුවෝ ඕන බලාගන්න.(අ)
මහේෂ් මහත්තය හරියට හරි ඔබතුමාගේ කතාව (අ)
පවු අහිංසක දරුවා! (නි)
මට රිසානාව මතක්වුණා. චුටි දියණියේ, ඔබට නිවන් සුව අත් වේවා! (නි)
අපේ රටේ මිනිස් ජීවිත වලට අගයක් ඇත්තෙම නැද්ද?සමාජ සේවා දෙපාර්තමේන්තුවට අඩුම තරමින් කිරිකැටියන් බලා ගන්නවුන් උදෙසා යම් පුහුණුවක් ලබා දෙන්න හැකියාවක් ඇතිනේ. නොසැළකිල්ල නිසා මෙම ස්ත්‍රිය අධිකරණයට ඉදිරිපත් කළයුතුයි. ශ්‍රී ලංකාවේ නැවත උපදින්නට නොලැබේවායි මම ප්‍රාර්ථනා කරමි (නි)