සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදාහනය සිදුවන අද (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර සියලු සුරාසල් හා මස් මාළු වෙළඳසල් වසා තබන ලෙස රජය නියෝග කළත් වෙළද සල් කිහිපයක් විවෘතව තැබිණි.
මාතලේ මහ නගරාධිපති හිල්මි කරීම් මහතා ප්‍රකාශ කළේ ‘එහෙම දෙයක් මාතලේ වුණානම් මම කණගාටු වෙනවා. මෙවැනි දේවල් නොවිමට නාගරික කොමසාරිස් දැනගත යුතුයි‘ යනුවෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට ගොඩක් ස්තූතියි මේ තොරතුරු අපිට ලබාදීම ගැන (නි)
රජයේ නියෝගයට පිටුපැවා එහෙනම්? ස්තුතියි ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවරට. මන්ද ඡායාරූප සමඟම මේ පුවත පළකළාට. (නි)
අපේ හාමුදුරුවෝ හිටියනම් ඉස්සෙල්ලම බනින්නේ කඩ වහන්න කිවුව එකට. සාධාරණ සමාජයක මිනිස්සුන්ට වෙළදාමක් කරගෙන එදා වෙලා හොයාගන්න දෙන්න ඕන නැද්ද? අරක්කු වුණත් බොන එකාට බොන්න නිදහස තියෙන්න ඕන නැද්ද? සාධාරණ සමාජය කියන්නේ එක නේද? (ම)
මොවූන්ට දඩුවම් කරන්න ඕන... (ර)
භද්‍රානි නම් මාළු කන්න ආසයි වගේ (නි)
ජයවීර සාධාරණ සමාජය කියන්නේ තමන්ට කැමති හැමදේම කරන්න ඉඩ දෙන එක නෙවෙයි. (ම)
සියල්ලන්ම එක සේ නොවන බව මෙයින්ම ප්‍රත්‍යක්ෂ වේ. (නි)
ඇයි මේ මිනිස්සු මෙහෙම කටයුතු කරන්නේ? (නි)
මාතලේ තියෙන්නේ ලංකාවේ නොවේද . කරුණාකර නිතිය ක්‍රියාත්මක කරන්න. මෙවන් මෙය ඉතා බරපතල වරදකි. (බ)
ජයවීරලා තව දහයක් හිටියනම් හොඳටම ඇති අපේ රට සමාජය වලපල්ලට යන්න. (ස)
ඇයි අපේ මිනිස්සු මේ දේවල් වලට නිහඬ? (නි)
මොවුන්ගේ බලපත්‍රය අවලංගු කරන්න කියලයි මම නම් කියන්නේ. (නි)
මෙවැන්නන් විනයගරුක පුරවැසියන් බවට පත්කළ හැක්කේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමෙනි. අඩපණ ක්‍රමවේදයන් යළි පණගන්වා, සමාජයට බෙහෙවින් බලපාන, අපහසුතා ඇතිකරන නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම මඟින් නීතිගරුක සමාජයක් පිළිබඳ බහුතර ජනතාවගේත්, අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේත් අභිලාෂයන්ගෙන් සුළු ප්‍රමාණයක් හෝ මුදුන්පත් කරගත හැකිබව පෙනේ. (නි)
අරක්කු තැබෑරුම් හා මස් කඩ ගැන නම් මම මුකුත් කියන්නේ නැහැ. එදිනෙදා වෙලා හොයාගෙන කන ධිවරයින්ට අල්ලාගෙන ආපු මාළු ටික අලෙවි කර ගන්න බැරි උනානම් වෙන්නේ ළමයින්ට බඩගින්නේ ඉන්න තමයි. මෝඩයින්ව සතුටු කරවන නීති වෙනුවට මිනිසුන්ව යහමගට ගන්න පුළුවන් සැම දාටම ක්‍රියාත්මක වෙන නීති පැනෙව්වොත් ජනතාව එම නීති පිළිපදිවි. ගරු සෝභිත හිමියන් සාධාරණ සමාජයක් ගොඩ නගන්න වෙහෙසුනා මිසක්, උන්වහන්සේට සමාජයෙන් සාධාරණයක් තම හට කර ගන්න උත්සහ කළේ නැහැ කවදාවත්..උන්වහන්සේ බොරු දේවල් කවදත් ප්‍රතික්ෂේප කළා. (බ)
මාලු කඩ නම් පානදුරත් ඇරලා තිබුනා (හේ)
අරක්කු තැබෑරුම් හා මස් කඩ ගැන නම් මම මුකුත් කියන්නේ නැහැ. (ර)
භද්‍රානිගේ අදහසට මමත් එකඟයි (නි)
මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)
අනේ මෙහෙමත් මෝඩ අදහස් දාන මිනිස්සු. අපි නම් හැමදාම මස් නොකා ඉන්නවා. තව අයෙකුට එක දවසක් නොකා ඉන්න බෑ. මේ ඉතින් පව්කාරකම මිසක් වෙන මොකක්ද. (ස)
මේ මිනිස්සු ගැන මට නම් ඇතිවෙන්නේ පුදුමාකාර කළකිරීමක් (නි)
කරුණාකරලා හොයල බලන්න පාර්ලිමේන්තු ආපන ශාලාවේ මස්මාලු ඉව්වේ නැද්ද කියල? (ස)
කොටිකාවත්ත කීල්ස් එකත් මාළු විකුණුව .... කුකුල්ලු නම් රෙද්දකින් වහල තිබ්බ. (ස)
එක දවසකට මස් මාළු නොකා, රහමෙර නොබී ඉන්ට බැරි මිනිස්සු?(රේ)
බඩු ගන්නත් කට්ටිය ඇවිල්ලා ඉන්නේ... (නි)
ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවය සිදුවූ දවසේ අපේ රටේ සමහර මිනිස්සු හැසුරුණු සහ කරන ලද ක්‍රියා මතක්වුණා මට. එහෙම මිනිසුන් සිටින රටක මෙහෙම වුණ එක පුදුමයක් නොවෙයි. (නි)
එතකොට මේ කඩවලට ගිහින් මස් මාළු ගත්ත මිනිස්සුන්ගේ තහනම් කරන්නේ මොන බලපත්‍රය ද ? (රේ)