කටුගස්තොට හපුගොඩ දී මාර්තු හය වැනි දා සිදු වූ රිය අනතුරකින් මිය ගියැයි පවසමින් භූමදානය කළ 29 හැවිරිදි තරුණයකුගේ දේහය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික එස් රාගල මහතා ඉදිරියේ දී යළි ගොඩ ගත්තේය.
මල්වානේ ගෙදර දිල්ශාන් චාමර රිය අනතුරකින් මිය ගිය බව සැක සහිත යැයි ඔහුගේ පියා කළ පැමිණිල්ලක් අනුව දේහය ගොඩ ගැනිණි.
එය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීට යොමු කර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රාගල මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd