රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නැති වූ අවි සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු 11 වැනි දා නීතිපතියට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් ඔහුගේ ප්‍රතිචාරය ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැන්වීය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රක්නා ලංකා අවි ගබඩාවේ අවි නැතිවීමක් ගැන ජාතික හෙළ උරුමයේ කෝට්ටේ නගර සභා මන්ත්‍රී යූ අයි දයාරත්න මහතා පසුගිය ජනවාරි 19 වැනි දා පොලිසියට පැමිණිලි කළ බව උසාවියේ දී සඳහන් විය.
රහස් පොලිස් පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කීවේය.
වැඩිදුර විභාගය ජනවාරි 25ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොපමණ කල් බලාගෙන ඉන්නද? (නි)
කිසියම් අක්‍රමකතාවයක් වෙලා තිබෙනවා නම් මේ වංචා දුෂණ වල, ඒ ගැන පුළුල් විමර්ශනයක් කළයුතුයි නේද? (නි)
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලමු ලැබෙයි ,(හේ)
මේක ඉතින් ශ්‍රී ලංකාවනේ! (නි)
නිතිපතිත් අසාමාන්‍ය ලෙස කල් ගන්නවානම් ඒ ගැන විමසන්න ඕනේ කාගෙන්ද? ඔහු කාගේ යටතේද සේවය කරන්නේ? ඉහල නිලධාරියා ඒ ගැන හොයන්නේ නැද්ද එතකොට? (බ)