බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 12 වැනිදා අවසන් වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියෙන් පසුව රහීම් නායකත්වයට සමුදීමට නියමිතය. සිම්බාබ්වේ පිලට එරෙහිව පෙරේදා (08) අවසන් වූ තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු රහීම් මෙම තීරණය ගෙන තිබේ.
”පසුගිය කාලයේ අපි තරග පරාජයට පත්වුණා. ඒ වගේම මම දස්කම් දැක්වීමට අපොහොසත් වුණා. මම හිතන්නේ නායකයා ලෙසත් මා අසමත්” යැයි රහීම් වැඩි දුරටත් පවසයි.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd