ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ දහවන අදියර ජය ගැනීමට ජර්මනියේ මාෂල් කිට්ල් සමත් විය. ඔහු ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. ජර්මන් ජාතික ඇන්ඩි‍්‍ර ගි‍්‍රපල් දහවන අදියරේ දෙවන ස්ථානයත්, මාක් කැවෙන්ඩිශ් තෙවැනි ස්ථානයත් හිමි කර ගත්හ.
සාන්ත ගිල්ඩාස් ඩස් බොයිස් සිට ඊයේ (9) ආරම්භවූ ප‍්‍රංශ සවාරියේ දහවන අදියර කිලෝමීටර 197 කින් යුක්ත වූ අතර සාන්ත මාලෝ නුවරින් අවසන් විය.
නමවැනි අදියරේදීත් දෙවැනි වතාවට කහ බැනියම හිමි කර ගත් කි‍්‍රස් ෆ්‍රෝම් දහවන අදියර අවසානයේදීත් සමස්ථ තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයා ලෙස කහ බැනියම ඇගලා ගත්තේය. ඔහුගේ කාලය පැය 41 මිනිත්තු 52 තත්පර 43 කි.
සවාරියේ 11 වැනි අදියර ඇරන්චර්ස් සිට සාන්ත මයිකල් කදු දක්වා අද (10) පැවැත්වේ.
සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින තරගකරුවෝ
01. කි‍්‍රස් ෆ්‍රෝම් (බි‍්‍රතාන්‍ය)
02. ඇල්ජැන්දෝ වල්වර්ඞ් (ස්පාඤ්ඤ)
03. බූක් මොලේමා (නෙදර්ලන්තය)
04. ලෝරන්ස් ටෙන් ඩෑම් (නෙදර්ලන්තය)
05. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියාව)
06. ඇල්බර්ටෝ කොන්තඩෝර් (ස්පාඤ්ඤය)
07. නයිරෝ ක්වින්ටනා (කොලොම්බියාව)
08. ඩැනියල් මාටින් (අයර්ලන්තය)
09. ජොකින් රොඞ්රිගස් (ස්පාඤ්ඤ)
10. රුයි කොස්ටා (පෘතුගාලය)
11. මිකෙල් නේව් (ස්පාඤ්ඤ)
12. ජේකොබ් ඩෙමර් (ඩෙන්මාර්කය)
13. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
14. ජීන් කි‍්‍රස්ටෝපර් (ප‍්‍රංශය)
15. ඇන්ඩි‍්‍ර ස්ලෙක් (ලක්සම්බර්ග්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රංශ සවාරියේ නොමැකෙන නාමය ලාන්ස් ආම්ස්ට්‍රෝන්... (නි)