( ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මවූස්සාකැලේ හා කාසල් යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසලා පැරණි මස්කෙළිය නගරයේ සිද්ධස්ථානවල නටඹුන් යළි මතුව තිබේ.

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවලට පවතින දැඩි වියලි කාලගුණයත් සමග  මෙම ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත බසමින් පවති.

මවුසාකැලේ හා කාසල් යන ජලාශවල ජල මට්ටම අද (22) පෙ.ව. 08.00 වන පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 16 ක් හා 22  ලෙස පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයක් සමග ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් ජල විදුලු බලාගාර ජලාශ පිහිටි ජල  පෝෂක ප්‍රදේශවලට ගිනි තැබීම්ද මෙම ජලාශවල ජල මට්ටම පහත බැසීමට හේතුවක් වී ඇති බව පරිසරවේදීන් හා ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මවුස්සාකැලේ ජලාශයේ  ජල මට්ටම පහත බැසීමත් සමඟ ජලයට යටව තිබූ පැරණි මස්කෙලිය නගරයේ ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිල නැවත ජලයෙන් ගොඩ වී ඇති අයුරු හා ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අයුරු .