මොරගහහේනේ තලගල නිවසක මවක හා දරු දෙන්නා විදුලි සැර කවා මරන්නට ගිය බව කියන විදුලි කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
එම කාන්තාවගේ සැමියා හම්බන්තොට ගොස් සිටියදී මේ සිද්ධිය වාර්තා විය.
රෙදි පීස්වල කාඩ්බෝඩ් රෝලේ දෙපැත්තට යකඩ කූරූ සවි කැර අසල වැඩපොළකින් ඊට විදුලිය කවා නිදා සිටි කාන්තාවට විදුලිසැර වැද්දීමට යද්දී ඇයට ඇහැරුණු බවත් පුද්ගලයකු පැන ගිය බවත් පොලීසිය කියයි.
පොලිස් සුනඛ ග්‍රේරෝ සෙලෝටේප් කැබැල්ලක ඉව ඔස්සේ අසල විදුලි කාර්මිකයකුගේ නිවසට ගිය බවත් ඒ අනුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු පුද්ගලයා එම කාන්තාවගේ මස්සිනා කෙනකු බවත් පොලීසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනි මරන්න නම් අපි ඉදිරියෙන්ම ඉන්නවා වගේ දැන් නම් (නදී)
මෙන්න දිල්ශාන් කටට මසුරන්. (නදී)
ඉරිසියාවෙන්, ක්රෝධයෙන් තව කෙනෙකු උපක්‍රම සිලිව මරල තව කෙනෙකුට නීතියෙන් ගැලවිලා ඉන්න හැකි වෙයි. එ්ත් ජිවිතේ පුරාවට තම හෘද ශාක්ෂියත් ආත්ම ගානක් තිරිසන් ආත්ම වලත් ජරා ජීර්ණ වන පාප කාරී ක්‍රියා මේවා. (නදී)
ග්‍රේරෝට ජයවේවා! (නි)
පසුගිය වකවානුවේ සිටම ග්‍රේරෝ තම තීක්ෂණ ඉව නිසා හොරුන් ගණනාවක්ම නීතයේ රැහැනට අල්ලා දෙන්න සමත් උනා. උසස් වීමක් නම් අත ලඟයි (නදී)
මෙයාට විදුලි සැර කවන්න ඕනේ (නදී)
ග්‍රේරෝ ට උසස් වීම් දුන්නම වැඩ කරන්නේ කව්ද වඩි වැඩි කරන්නයි ඕනේ. (නදී)
සැමියා ගෙදර නැති වෙලාවේ, මස්සිනා අයුතු යෝජනාවක් ගෙනා වා වද්ද.....? ඒකට අකමැති වුනු නිසා,මෙවැනි අපරාධයක් කිරීමට පෙළබුනා වත්ද ...? (නදී)
ඇයි මෙහෙම දරුණු දේට මිනිස්සු පෙළඹෙන්නේ? කන බොන දේ වල විසක් වෙන්න බැරිද ? (නදී)
අද කාලයේ විස්වාස කරන්න අමාරුම ඔය නෑදෑයන් කියන කොට්ටාශය තමයි. වාර්තා වූ බොහොමයක් සිද්ධි වල ඥාති කෙනෙක් සම්බන්ධයි. (දිල්)
රට වැද්දන්ගේ යුගයට ගිහින්.(නදී)
මෙයාට අපායේවත් නැති දඩුවම් දෙන්න ඕනේ (නදී)
බල්ලෝ තියන්න ඕන බල්ලාගේ තැන උන්ටත් අපි කෘතගුණ සලකලා ඉන්න තැන වෙනස් කලොත් උටත් මුල අමතක වෙලා කිසිවක් කරන එකක් නැහැ. (නදී)
ග්‍රේරෝ පොලිස්පති කරමු. (නදී)
ග්‍රේරෝ ව, පොලිස්පති කලොත් මොකද? පගා ගන්නේ නෑ, අවංකයි. අහිංසකයි. දේශපාලුවෝ කියන ඒවා අහන්නේ නෑ, ජාති වාදයක් නෑ, පොලිසියේ නීතියට වැඩ (නදී)
රිකාස්, නිකන් වැදි ජනතාවට අපහාස කරන්න එපා (නදී)
මම දන්නා බාස් කෙනෙක් නැහැ මම ගියේ කරවල බඳින සුවඳට මුන් මේවා එංගලන්තේදීත් බදිනවා පොලෝසිය තහනම් කොලා මට මතකයි (නදී)
කුමාර්,සඳුන් පෙරේරා අදහස නම් මරේ මරු කරන්න පුලුවන්නම් (නදී)
ග්‍රේරෝ තමයි පොලිස්පති කමට සුදුසුම කෙනා. කෙලින් වැඩ කරන , පගා නොගන්න, දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝටම එකලෙස සලකන,දේශපාලුවන්ට හිස නොනමන එකම කෙනා පොලිසියට ඉන්න. (නදී)
පෙරේරොට උසස්වීමක් දුන්නත් හොදා. (නදී)
ආගම දහමින් ඈත් වීම තමයි මේ හැම දේකටම මුල. පන්සිල් රකින සමාජෙක නම් මෙහෙම වෙන්න බැහැ නේද ? (නදී)
"රිකාස් - ගාල්ල" නිකන් ගොනා වගේ අදහස් දාන්න එපා. වැද්දා කියන්නේ ඉතාමත් සාමකාමීව සිටින ජන කොටසක්. දෙයක් කියද්දී හොයල බලල කිව්වොත් නරකද? දැන් මේක කිව්වයි කියල ගොඩක් අය මන් වැද්දෙක් ද කියල අහන්න තරම් නුගත් පිරිසකුත් ඉන්න බව දන්නවා. (නදී)