අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න මාවනැල්ල ලංගම කළමනාකරු හෙක්ටර් තිසේරාට පහර දුන්නැයි මාවනැල්ල ලංගම ඩිපෝවේ බස් සේවකයෝ අද (02) වැඩ වැරූහ.
කළමනාකරු විසින් බස් රියදුරකු දන ගස්වන ලදැයි කියන සිද්ධියක් මත සභාපති තමාට පහර දුන්නැයි කළමනාකරු කියයි.
එහෙත් පොලීසිය පවසනුයේ කරවනැල්ලේ සිට මහනුවරට අලුතින් බසයක් ධාවනයට එක් කිරීම නිසා සභාපති තවත් පස් දෙනකු සමඟ එක් වී පහර දුන් බවයි.
ඔහු කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කාපු කෙනා එකක් කියනවා, පොලිසිය තව එකක් කියනවා, කෝ දන ගස්සවපු රියදුරා, එයා කියන කතාවත් මොකක්ද කියල බලමුකෝ. (අ)
එක වල්ලේ පොල්. දැන් දන්ගස්වනවා,කනට ගහනවා,එකම ජන් ජාලයයි, තව ටිකක් මෙහෙම ගියොත් මොනාවායින් මොනවා වෙයිද දෙයියෝ තමා දන්නේ.(අ)
තවත් ඡන්දය එහෙමත් දෙමුකෝ! (නි)
මේ සියල්ලෙන්ම පෙනෙන්නේ නීතියේ ඇති අරාජිකත්වය නොවේද? (නි)
නඩුත් එයාලගේ, බඩුත් එයාලගේ. අසරණ පාසල් දරුවෝ මඟ රස්තියාදුවේ. (නි)