මරා දමන්නට සැළසුම් කළැයි කියන මාසයක් වයසැති බිළිදියකගේ හා ඇගේ මවගේ ජීවිතය බේරා ගැනීමට මිල්ලනිය පොලීසිය සමත් විය.
ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ දෙදෙනා වළ දැමීම සඳහා ගේ වළක් ද කපා තිබු බව පොලීසිය කියයි.
මරා දමන්නට සැළසුම් කළැයි කියන මාසයක් වයසැති බිළිදියකගේ හා ඇගේ මවගේ ජීවිතය බේරා ගැනීමට මිල්ලනිය පොලීසිය සමත් විය.
ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ දෙදෙනා වළ දැමීම සඳහා ගේ වළක් ද කපා තිබු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙන් බුදු දහම නැති වී යාමේ ලකුණු පහල වෙමින් පවතී. (දී)
අසේල, ඔයාගේ කතාව මම එකහෙලාම අනුමත කරනවා, අද කරන තරමක් අපරාධ කරන්නේ එයාල තමයි. (ත)
පරංගීන් මුලින්ම කළේ ලංකාවට මත්පැන් හදුන්වල දීපු එක. අද රටේ පාලකයෝ පරංගීන් කරපු වැඩ හොඳින් කරනවා. රට දවස ගානේ පිරිහෙනවා. (ස)
මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. (නි)
සමන්, මමත් ඔය දේම තමයි හැමතිස්සේම හිතන්නේ. අපි තවමත් සුද්දට බැන බැන වනචාරී විදිහට කටයුතු කරන්නේ. (ත)
ඔව්, කුමාර. මිනිහව ළඟම තියෙන තරු පහේ හෝටලයට ගෙන ගොස් බුරියානි ඇතුළු සුපිරි කෑම වේලක රස බලන්නට සලස්වා, ඔලුව අත ගාලා අනේ හොඳ බබා වගේ මිට පස්සේ මේවගේ වැඩ කරන්න හදන්න එපා කියලා කිව්වානම් හරි නේද? (දී)
එකට ඉන්න බැරිනම් අයි වෙන් වෙන්වෙන්න තිබුනනේ .... (ත)
වාසනාවන්ත ළමයෙක්! (ත)
කිසිම ශාස්තෘවරයකු මිනිසුන්ට අපරාධ කරන්න උගන්වා නැහැ. (ත)
මෙවැනි උදවිය සමාජයෙන් කොන් කළ යුතුයි. (ත)
අපි සිංහල බෞද්ධ ඉතිහාසයක් ඇති මිනිස්සු නේද? (නි)
පව් අසරණ දරුවා. දැක්කම මොන හිතකින් මේ වගේ දෙයක් කරන්න හැදුවද කියලා හිතෙනවා.පොලිසියේ මහත්වරුන්ට හා මහත්මින්ට ස්තුතියි දරුවා බේරාගත්තාට (ත)
මේ අදහස් දාන ඔක්කොම සුද්දා දුන් කලිසම ඇඳගෙනනේ ආගමක් ගැන කතාකරන්නේ? (නි)
කොසොල් රජතුමා දුටු සිහින දැන් වේගයෙන් සැබෑ වෙනවා. (ත)
මොනවා වුණත් හරිම වාසනාවන්ත දරු පැටියෙක්. (ත)
1948 න් පස්සේ අපිට කොතනක හරි ලොකු වැරදීමක් වෙලා තියනවා. ඒ කොතනද, එහෙම වුණේ ඇයි කියල තාම හිතා ගන්න බෑ. (ස)
මෙලොව ජීවත්වන්න මවයි දරුවයි විශාල පිනක් කරල තියෙනවා (ත)
පොඩි දරුවන්ට, අම්මල තාත්තලගෙන් අපලයි. දරුවන් පරිස්සම් කරගන්න. (ස)
මේ රටේ ඉන්න බෞද්ධයෝ වල්මත් වෙලා ඉන්නේ. (නි)
මේවා අහන්න අපි අවාසනාවන්තයි . (ස)
අහිංසකයන් මතට පුරුදු කරලා අනාචාරය පතුරවලා දෙයියනේ රටම ඉවරයි . අපි අසරණ වෙලා. බුදු හාමුදුරුවනේ අපි අසරණ වෙලා. බුදු බලෙන් හෝ රටේ අහිංසකයන් ආරක්ෂා වේවා . (ස)
දැන්වත් හිල් වූ බේසම් වලින් නිරුවත වසා ගැනිිම නවත්වමුද? වෙන ආගම් වල මිනිසුන්ට බැන්නට ඒ මිනිස්සු හරි.රටේ නැති අපරාධ කරන්නෙ අපේ මිනිස්සු. හැමදාම රූපවාහිනියේ යන්නෙ මේවා. අද මිනිස්සු සත්තු ගානට වැටිලා. (නි)
මේ අදහස් ගොන්නේ එක්කෙනෙක් අහලා තියෙනවා නේද,අපි සිංහල බෞද්ධ පවුල් වලින් එන මිනිස්සු කියලා?අනේ ඇත්තට මේවට කොහොම හිනාවෙන්නද දන්නේ නැහැ (නි)
අම්මපා! මේ තාත්තට නම් හොඳක් වෙන්න එපා (නි)
මේකට ප්‍රධාන හේතුව රටක නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවීමයි. මිනිස්සු ඕනෑම පහත් වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මිනිස්සු නීතිය අතට අරගෙන ජීවත් වෙනවා. මේවට බණ කියා කියා ඉඳලා හරියන්නේ නැහැ. රටේ දඬුවම් දැඩි කරන්න. (නි)
අනේ! මේ බබා වගේම අම්මත් තරුණ ලස්සන කෙනෙක් වෙන්න ඕනෑ (නි)
ලලිත්, සිංහල බෞද්ධ ඉතිහාසය හරි හෑටි නොදන්න නිසා තමා මිනිස්සු ඔහොම හැසිරෙන්නෙ. බුදුදහමේ හැසිරෙන අය කවදාවත් ඔය වගේ දේවල් කරන්නෙ නෑ. (ස)
චින්තා, පවුල් ප්‍රශ්න හෝ ආර්ථික ප්‍රශ්න වලට දරුවන් පලි නැහැ. එහෙමනම් ඉතින් ලංකාවේ පවුල් වුණ හැම ගෙදරකම වලවල් කැපෙන්න ඕන. පවුල් ප්‍රශ්න නැති ආර්ථික ප්‍රශ්න නැති ගෙවල් ලංකාවේ තියනවද ? ඒවාත් එක්කම තමා මිනිස්සු බඩට නොකා හරි දරුවන් රකින්නේ. (ස)
මොනවද මේ අපිට අහන්න ලැබෙන්නේ.. (ස)
කාමයෙන් අන්ධ වූ මිනිසුන්ට මීට වැඩිය දේවල් වුණත් කරන්න පුළුවන් (නි)
මේවට ආගම ගාව ගන්න එපා. තමන්ගෙ පාපකාරී සිතුවිලි නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. කොහොම වුණත් ලස්සන බබෙක්. (ස)
කාකි සූට් එක ගොරෝසු වුණාට, ඒ ඇතුලේ ඉන්න අම්මා අම්මාමයි. (ස)
වෙනත් කිසිම කාලෙක අහන්න නෙලෙබෙන දරුණු ගණයේ සාපරාධී අපරාධ තමා අහන්න, දකින්න ලැබෙන්නේ. (ස)
මටනම් හරිම කණගාටුයි මේ අහන්න දකින්න ලැබෙන දේවල් වලින්. ලස්සන ළමයෙක් (දිල්)
මිනිස්සුන්ගේ සිත් දුෂණය වෙලා (දී)
මේවට හේතුව සිංහල ජනතාව බුදුදහමින් ඇත් වීමයි (දී)
ලෝක විනාශය ළං වෙලා වගේ. (ස)
නුගත් මිනිස්සුන්ට ධර්මය කියා දිය යූතූයි. ධර්මය කියාදෙන උදවිය දේසපාලනයේ යෙදී විට ධර්මය රැකෙන්නේ කොහමද ? සීලවන්තයින් සීලය විසින්ම ආරක්ෂා කරයි. පංච සීලය ආරක්ෂා කරන සමාජයක් බිහි කිරීමට අධිෂ්ඨාන කරමු. (ස)
මේකාලේ පුදුම කාලයක් (දී)
මේ වගේ වැඩ කරන උන් තාත්තලද? (ස)
මේ වගේ අපරාධකරුවන්ට දිය යුතු දඩුවම් නොපමාව දිය යුතුයි. (ස)
මිනිසාගේ ශික්ෂණය ඇති කිරීමට ආගම දහම ඇදහීම තවදුරටත් අවශ්‍යද නැද්ද කියන එක මෙම සාපරාධි ක්‍රියා වලින් හොඳින් පැහැදිලි වෙනවා.මම නම් කියන්නේ මිනිසුන් මිට වඩා නිතිය පිළිබඳව සංවේදී විය යුතුයි. (ස)
මේ දෙදෙනා බේරුනා එක නම් ලොකු දෙයක් (දී)
ලොක විනාශයක් භෞතිකවශයෙන් බලාපොරොත්තු වුන සමහරුන්ට මේ ආධ්‍යාත්මික පරිහානියට පෙනුණේ නෑ. ඇත්ත වශයෙන් ම කිව්වොත් විනාශයක් වෙලා තියනවා නම් ඒ මිනිස්කම නැතිවීම කියලයි මගේ හැඟීම. (දී)
මිල්ලනිය පොලිචේ එකට ගොඩක් පින්.කොහොමත් පොලිචේ එකේ ඉන්නේ වේද කාරයෝ.එ්ක මන් හොඳට දන්නවා. (ස)
පුංචි බබාට පව්...!!! (ස)
සමාජීය ප්‍රශ්නයක් (දී)
මේ වගේ අය එල්ලන්න ඕන හැමදාම ළමා මරණ අහන්න තියෙන්නේ මේ රටේ මිනිස්සු එන්න එන්නම නරක් වෙනවා මිනිසාගේ විනාශය (දී)
කෑමවල විස ..? හොයන්න කවුරුත් නැද්ද? ඒවා ඔලුවටත් බලපානවා. (දී)
මෙහෙම කරන්න හේතුව මොකක්ද ? (ත)
විනය ගරුක සමජයක් බිහි කිරීම අප කාගේත් යුතුකමක්. කෙනකේ විනය ගරුක වීම පටන් ගන්නේ පාසලෙන්. අද කෝ පාසල්වල විනය? එහෙම රටක් මේ වගේ දේවල් වෙනවා. හරිම දුකක් දැනෙන්නෙ. (ස)
ඉහල යන මිනීමැරුම් හා බාල අපරාධ නැවත් වීමට නම් රජ කාලේ දඬුවම් දිය යුතුයි . එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කළ යුතුයි . (ත)
මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ. (ස)
පොලිසියට උත්තමාචාරය. මිනිස්සුන්ගේ මිනිස්කමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් සමාජයේ. මනුසත්කම ඇතිකිරීමට මොනවද වර්තමානයේ නිර්මාණයවෙන්නේ. (ත)
සිදු වෙන්න ගිය අපරාධය වැලක්වීමට වචනයකින් හෝ ඉඟියකින් හරි සහය වූ සැමට මගේ උත්තමාචාරය ! (ස)
මේ මොනවද අපිට වෙන්න යන්නෙ.පුදුම මිනිහෙක්නෙ.(ස)
මොනවද මේ අපිට උදේ හවස අහන්න දකින්න ලැබෙන්නේ ? දරු පවුලක් ඕන නැතිනම් මොකටද කසාද බැන්දේ ? ආයේ දෙකක් නැහැ. මේකට මොකක් හරි අනියම් සම්බන්ධයක් ගෑවිලා ඇති. නැතිනම් මොන හිතකින් මේ දරු පැටියා මරන්නද?? (ස)
ලස්සන දරු පැටියෙක් ,ඇයි දෙවියනේ මේ වගේ අපරාදයක් කරන්න කොහොම හිතුවද මේ මනුස්සයා (දී)
බොරු නම් වලින් වෙනත් අය අදහස් දාන්නේ මොකද? (නි)
අම්මෝ! මිනිස්සු මොකද මේ හැටි නපුරු? (නි)
මේ වගේ පිරිමින්ට මොනවගේ දඩුවමක් දෙනවද කියලා හිතාගන්න බැහැ (නි)
මේ වගේ පිරිමි තියන්න වටිනවද ඉතින්? (නි)
මනුසත්කම ඇති පොලිසියට උත්තමාචාරය! (නි)
සමන් අපට වැරදුනේ 1948 පස්සේ නෙමෙයි 1977 පස්සේ තමා අපි අපට කර ගත්ත හොදම වැරැද්ද කර ගත්තේ (දී)
මෙයාව මරලා දාන්න ඕනේ ඔය වෙලාවට (දී)
මේ සිදුවීම වලට මුළු සමාජයම වග කියන්න ඕන රටේ පාලකයන්ගේ වගකිය යුතු ආයතනවල ආගමික නායකයන්ගේ තනි තනි පුත්ගලයන්ගේ වගකීම් ඉස්ට නොවීම මේ සිදුවීම් වලට හේතුව ලෙස පෙනේ (දී)
ගේ මැදම වලක් කපලා. මොකක්ද දෙයියනේ මේ අපේ වරිගයාට වෙලා තියෙන්නේ.(ස)
රට විනාසයි. කවුරු කවුරුත් දෙන වැරදි ආදර්ශ තමා මේවට මුල. (නදී)
පොඩි එවන් මරන්නේ නැතුව අපිට දීපියව්. අපි හදාගන්නම්.(නදී)
එන්න එන්නම මානසික රෝගියෝ වැඩි වෙනවා.මේ කට්ටිය පුනරුත්ථාපනය කරන්න ස්වේච්චාවෙන් හරි සුදුසුකම් තියෙන අය ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්.බැනල පලක් නැහැ පෙන්නේ නැද්ද අඹු දරුවොත් විනාශ කරලා තමනුත් මැරෙන්න යන හැටි.ජීවත්වීම පලක් නැහැ කියල තමා ඔය මැරෙන්න යන්නේ. ඕකට කියන්නේ විෂාදය.මනෝ වෛද්‍යවරු අනන්තවත් ඉන්නවා මුදල ගැනම හිතන්නේ නැතුව සංවිදානය වෙලා යමක් කරන්න පුළුවන් නේද?ඉදිරියේදී වැඩිපුරම ලෝකයේ ඉන්නේ මානසික රෝගීන් කියල ලෝකයේ රටවල් ඒ වෙනුවෙන් කොපමණ දේවල් කරනවද?අපේ කට්ටිය ප්‍රශ්න එක එක ඇත හරවමින් හිතළු දේවල් කියනවා.(දී)
සියදිවි නසාගැනීම,අඹු දරුවන් නසා තමනුත් ජීවිතය නැතිකරගැනීම මානසික අවපාතයේ ලක්ෂණයක්.එහෙම කෙනා හැම තිස්සෙම ලෝකයෙන් පලා යන්න උත්සහ කරනවා. මෙයාලට හරි කියන දෙය තමයි කරන්නේ. බන වැදීමෙන් පලක් නැහැ.ආදරය කරුණාව තම ඕන වෙන්නේ.මේ අය පුනරුත්ථාපනය කරලා ආරක්ෂා කරන එක යුතුකමක් නේද?(දී)
මෙවැනි සිදුවීම්වල පිටුපස ඉන්නේ අනියම් සැමියා හෝ බිරිද ඔහුනුත් නීතියේ රැහැනට අසුකල යුතූයි (දී)
මිනිස්සු තිරිසන් වීගෙන යන කාලයක් මේක. මිනිස්සු මිනිසුන්ව මරාගෙන කන කාලය අතළඟයි (නි)
කෝ අම්මා? ඉස්සර ගම වටා පන්සල, පාසල සහ ග්‍රාමසේවක අතර ලොකු බැඳීමක් තිබුන. ඒ හරහා ගම සුරැකුණා. අද හැමදේම සල්ලි වලට යටයි. ගොඩක් දෙමාපියන් පවා දරුවන් හදන්නේ තව කෙනෙකුගෙන් දෙයක් ලබා ගන්න පොලඹවන විදියට.මේ හැම දෙයකින්ම වෙලා තියෙන්නේ සමාජයේ පිරිහීම. මෙය නැවත ඇති කරන්න නම් පන්සලෙන් පටන් ගත යුතුයි. ඒකට ගුණවත් ස්වාමින් වහන්සේ නමක් පන්සලේ සිටිය යුතුයි. (නි)
බැල්ලියගෙන් පූස් පැටවු කිරි බොනවා මම දැකලා තියෙනවා. මිනිසුනේ,මනුස්සකම තිරිසනුන්ට විකුණුවාද? (නි)
අද කාලේ මිනිසුන්ට කුමක් සිදුවෙලාද? (නි)
මෙවා අහන්න දකින්න අපිත් කොච්චර අවාසනාවන්තයිද. (ස)
අර කිව්වා වගේ, මේක සෙල්ලම් වලක් වෙන්න බැරිද? (ස)
අනේ දෙයියනේ! මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? (නි)
ඇයි දෙවියනේ, මොකක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ? (නි)
මේ බබාගේ පියා ලංකාවේ කෙනෙක්ද. මේවා නිකම් කරන්න පිස්සු නැහැනේ.හේතුව හරියට පියගෙන්ම අහල දැම්ම නම් තමා හොඳ.මවත් බබා වෙන්න යනවද දන්නේ නැහැනේ.(ස)
මොකක්ද දෙවියනේ අපේ රටට මේ වෙලා තියෙන්නේ?කොහොමද මිනිස්සු මෙච්චර දරුණු වුණේ? (නි)
සිංහල කමක තරම ලස්සන පුතෙක් හැදුවත් ඒක් වී දෙපල අැස්වල බිදක් වත් තිබුනද ඒක් වී කඳුල සිත් තුල නොසන්සුන් ගතියක් සසල ලස්සන හෙටක් ගැන හිතමිද කොහාම. (ස)
මම හිතන්නේ මේ මිනිහට පිස්සු. නැත්නම් මේ වගේ දෙයක් පියවි සිහියෙන් කරන්න පුලුවන්ද? (ස)
හැම ආගමක්ම එකයි. බෞද්ධ ආගම විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨ. ඒ වුණාට ලංකාවේ බෞද්ධයෝ තමා සමස්තයක් ලෙස වැඩියෙන්ම අපරාද කරන්නේ (නි)
අපේ රටේ ලොකු මානසික කඩාවැටීමක් තියෙනව. අවුරුදු 30ක යුද්දයක් තිබුන රටක ඒක අමුතුම දෙයකුත් නෙමෙයි. ඒකටම ගැලපෙන ආර්ථික රටාවකුත් හැදුනහම වැඩේ තකට තක.ඒ හැමදෙයක්ම මිනිස්සු ලොකු මානසික පීඩනයකට පත් කරනව. අනුපාන ටික ලංකාවෙ ප්‍රදාන රූපවාහිනී මාධ්‍ය සපයනව. දේශපාලනය වගේම අන්තවාදී ආගමිකයනුත් මේ තත්වය වැපිරීමට උදවුවෙනව. ඊලගට මත්වතුර සහ මත්ද්‍රවුය මේ තත්වයේ හොදම උත්තේජනය සපයල දෙනව. මේ වෙලාවෙ ලංකාවෙ සමාජ විද්‍යත්මක උගතුන් වහා ක්‍රියාත්මකවී මේ පිලිබදව අධයයනයක් කරල මේකට විසදුම් හොයන්න ඕන.හැබැයි කන්න ඔන උනහම කබරගොයත් තලගොයා වෙන මේ රටේ දේශපාලනය මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එකයි ගැටලුව. නමුත් ඉක්මන් මැදිහත්වීමක් මේකට අවශ්‍යයි. (ස)
ලංකාවේ ඔය කරන මන්තර ගුරුකම්, වශී ගුරුකම් ටික නවත්තන්න ඕනෑ ඔක්කොටම කලින්.මේ වගේ ලස්සන දරුවෙක් මරා දාන්න තරම් ඔය මනුස්සයට වැහුන යකා මොකාද මන්දා. (නි)
හැමදාම පොලිසියට බනින අය දැන්වත් පොලිසියේ හොදක් කියයිද.කොහොම උනත් දරුවා වාසනාවන්තයි.දිවි බේරා ගන්න ලැබුණා. (ස)
අපේ රටේ මිනිස්සු ගැන විශ්වාස කරන්න අමාරුයි. පොලීසිය / ගුරුවරු / දෙමවුපියන් / දේශපාලකයෝ /ආගමික නායකයෝ මෙකී නොකී හැමෝම අද වල්මත් වෙලා. මංකොල්ලකාලා අහුවුණ අයත් මහජන ඡන්දයෙන් දිනන යුගයක පොදුවේ ජනතාවගෙන් සාධාරනය බලාපොරොත්තු වෙන්න අමාරුයි. අද අනේ අපොයි කියන කෙනාත් හෙට කරන්නෙ ඔය ටිකම තමයි. (නි)
දරුවෝ එපා නම් අපිට දීපල්ලා!! මරන්නේ නැතුව... (නි)
අහිංසක කිරිකැටියගේ මුණ බලාගෙන මෙහෙම අපරාධයකට කොහොම හිත හදාගත්තද කියන එක තමා පුදුමෙ. (ස)
ඕනෙම දෙයක් කරලා බොහොම පහසුවෙන් බේරෙන්ට පුළුවන් නීති ක්‍රමයක් සහ අපරාධකරුවන් වෙනුවෙන් පෙනි සිට ඔවුන් නිවැරදි කරුවන් යයි ඔප්පු කර ඔවුන්ට නිසි දඬුවම් ලබා නොදී සමාජයට මුදාහරින්ට සූදානම් පිරිසක් සිටිනා තාක්කල් මෙවැනි අපරාධ දිගින් දිගටම සිදුවේවි. ටික කලකට මේවා ගැන සමාජ කතිකාවක් ගොඩනැගේවි. පසුව සියල්ලන්ට සියල්ල අමතක වේවි. මෙහෙම ගියොත් මේ අපරාධ මේ ලෝකේ පවතින තාක්කල් තියේවි. (ස)
මේ වගේ වැරදි වලට එල්ලුම් ගස් දැම්මත් වැඩක් නැහැනේ.මොකෝ පොඩි උන් මරලා මනුස්සයත් කොහේ හරි මැරෙනවානේ.ඒක නිසා කරන්න තියෙන්නේ මේ මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න ගැන තේරුම් කරලා සමාජය ටිකක් හදලා ගන්න එක.... (නි)
මෙය එක්තරා සිද්ධියක් පමණයි. වලවල් නොකැපුවත් බොහෝ නිවෙස් වල අඹු සැමියන් ජිවිත ගත කරන්නේ සැනසිමකින් නොවේ. ආර්ථික ප්‍රශ්න, බීමත්කම නිසා ප්‍රශ්න, අයතා සම්බන්ධකම් නිසා ප්‍රශ්න, සුදුව නිසා ප්‍රශ්න, රෝගාබාධ නිසා ප්‍රශ්න මේ වගේ දැඩි මානසික රෝග ඇති කරනවා. දැඩි තණ්හාව නිසා අධ්‍යාත්මික චින්තනය මොටවෙලා. (ස)
බොහෝ දුරට මෙවෙනි දේවල් සිදුවෙන්නේ දුප්පත්කම නිසා විය යුතුය.එනිසා දුප්පත්කම නැති කරන්න හෝ අවම කරන්න වගකිවයුතු අය ක්‍රියාත්මක කළ යුතුයි. (ත).
මේක අපි බාරදෙමු දරුවන් වැඩි වැඩියෙන් හදන්න කියන අයට (නි)
අැයි ජගත්, සෞදි යවන්නද? (නි)
කෝ අර සේනා මේවට වගකියන්නෙ නැද්ද? (නි)
මොන පියෙක්ද මේ?? ලස්සන දරුවෙක්!!!! ඔය පව්කාරයට උපරිම දඩුවම් දෙන්න. (ස)
මිනිස්සුන්ගේ මොළය දැන් වල්වැදිලා. මේවට වගකියන්න ඕනෑ මිනිසුන් දැන් නැහැ (නි)
මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)
දරුවගේ පින් පාට බලන්නකෝ... (නි)
මොනවා වුණත් වාසනාවන්ත ළමයෙක්! (නි)
ඔයාලට හිතෙන්නේ නැද්ද මේ සේරටම මුල මිනිස්සු ආගම දහමින් ඈත් වීම කියලා. අපි ජාතියක් විදිහට පිරිහෙන්නෙත් එනිසයි. පන්සලකට ගියත් යන්නේ ගැහැණු අය විතරයි.කොච්චර සල්ලි හම්බ කළත් ඒවා පොදි බැඳගෙන ඉන්නවා මිසක් අල්ලපු ගෙදර අය බඩගින්නේ මැරුණත් බලන්නේ නැහැ. (නි)
මේවන් අවාසනාවන්ත සිදුවීම් නැවත සිදු නොවේවා (දී)
මේ වළ කැපූ පුද්ගලයම ඒ වළටම දාන්න හිතෙනවා මට,දඩුවමක් විදියට (නි)
ලංකාවට මරණිය දඬුවම ගෙන එන්න ඕන. (දී)
මොහු මානසික රෝගියෙක් වියහැකියි. ඔහුට බැනීමට වඩා මානසික රෝග සායනයකට යොමු කිරීම වටී (නි)
දකුණේ සිද්ධියක්ද මේ? (නි)
සමහර විට පවුල් ප්‍රශ්නයක් හෝ ආර්ථික ප්‍රශ්නයක් විය හැකියි. මුලින්ම සොයන්න ඕන මොකද මේ වගේ දෙයක් කරන්න හේතුව. (ස)
පුංචිම කාලේදී දරුවන්ට දෙමාපියන්ගේ ආදරය හරියට නොලබෙන කොට නොදැනෙනකොට ඒ දරුවාන් තුළ ඇති වුණු පාළුව තනිකම එක්ක තමා ඔය වගේ දේකට පෙළඹෙන්න තරම් කුරිරු වෙන්නේ. ඔය වගේ දේවල් කරපු කෙනාට එල්ලල දඩුවම් දුන්නත් හෙට තව කෙනෙක් ඔය දේම කරයි. ඒක නිසා දඩුවමකට වඩා එහා ගිය ගැඔුරු දර්ශනයකින් ඒ ගැන බලනවනම් ඒ වැරැදි හදා ගන්න පුළුවන්. (ස)
අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ! (නි)
ලස්සන බබා ! මේ මනුස්සයට තාත්තා කියල කියන්නවත් හොඳ නැහැ. (නි)
ඕනෑම රටක සියලුම දෙනාටම එක හා සමානව බලපාන නිති රීති තිබිය යුතුයි,නමුත් ඒවා හරි හරි හැටි ක්‍රියාත්මක නොවෙන නිසා මෙවැනි අපරාධ සිදු වෙනවා. (ස)
තව ප්‍රවෘත්තියක් දැක්කා අවුරුදු 14 ගැහැණු ළමයෙක්ව සමුහ දුෂණය කරලා ඊයේ. නීතියක් තියෙන රටක්ද මේ බෞද්ධ රට? (නි)
මට නම් මේ ලෝකේ දෙයක් හිතා ගන්න බැහැ. ලංකාවේ පදිංචියට යාම දවසෙන් දවස හිතෙන් ඈත් කරනවා. මේ ලස්සන රටේ මිනිසුන්ගේ අදහස් මේ තරමටම ම්ලේච්ඡ වුණේ කොහොමද? (ස)
මේ දේවල් නැවැත්වීමට නම් නිතිය සියලු දෙනාටම එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. (ස)