(රොයිටර් ඇසුරිනි - සැකසුම නිලුක සඳුන් බණ්ඩාරනායක)
වසර විස්සකට පෙර මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය.
1997දී පැරීසියේදී සිදුවූ රිය අනතුරකින් ඩයනා කුමරිය මිය යන විට ඇගේ පුත් හැරී කුමරුට වයස අවුරුදු 12 කි.
“ඇගේ අභාවයෙන් පසු මම අවස්ථා කිහිපයක දීම මානසිකව වැටුණා. එය මගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික කටයුතුවලටත් විශාල බලපෑමක් ඇති කළා“හැරී කුමරු කීවේය.
“ඇගේ අභාවයෙන් පසු ඇතිවුණු ශෝකය පාලනය කරගැනීම ඉතාමත් අපහසු වුණා. අම්මා ගැන සිතන්නට පවා මම අකමැති වුණා“
“හිතුවා කියලා මොකද වෙන්නෙ? ඒකෙන් වෙන්නේ මම තවත් දුකට පත් වෙන එක විතරයි. ඇය ගැන හිතුවා කියලා ඇය ආපසු එන්නේ නැහැනේ“ යයි ඩේලි ටෙලිග්‍රාප් පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හැරී කුමරු ප්‍රකාශ කළේය.
“හැඟීම්වලට මම කිව්වා ‘හරි, කීයටවත් හැඟීම්වලට කිසිම දේකට එන්න දෙන්න එපා“ යයි හැරී කුමරු සිය මවගේ මරණයෙන් වසර 20 කට පසුව මවගේ මතකය පිළිබඳ හඬ අවදි කළේය.
මේ සම්බන්ධයෙන් උපකාර හා උපදෙස් ගන්නා ලෙසට ඔහුගේ වැඩිමල් සහෝදරයා වන විලියම් කුමරු කිහිප වතාවක් තමන්ව දිරිමත් කළ බව හැරී කුමරු කීවේය.
ඩයනා කුමරියගේ අකල් මරණයෙන් හැරී කුමරු කෙතරම් කම්පනයට පත්ව සිටියේදී යත් අවස්ථා කිහිපයකදීම ‘කාටහෝ පහරදීමට පෙළඹීම‘ හේතුවෙන් බොක්සිං ක්‍රීඩා කිරීමට හැරී කුමරු පෙළඹුණේය. ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පූර්ණ ව්‍යාකූල තත්ත්වයෙන් පෙළුණේය.
ඩයනා කුමරිය 1981-1996 කාලය තුළ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරු සමග විවාහ වී සිටියාය. ඔවුන් දික්කසාද වී දින කිහිපයකින් පසුව ඩයනා කුමරිය සහ ඇයගේ එවකට පෙම්වතාව සිටි ඩොඩී අල් ෆායිඩ් ගමන්ගත් මර්සිඩීස් බෙන්ස් රථය ප්‍රංශයේදී උමං මාර්ගයකදී අනතුරට පත්විය. මෙම අනතුරෙන් දෙදෙනාම මරු දුටහ.
මිය යන්නට මොහොතකට පෙර ඇය ගමන්ගත් මෝටර් රිය පසුපස පැපරාසීන් යතුරු පැදිවලින් ලුහුබැඳ ගියහ. ඔවුන්ගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත් පත් සඳහා පෙම්වතුන් දෙදෙනාගේ ඡායාරූප සැපයීමයි.
එංගලන්ත රජ කිරුළට දැනට සිටින උරුමක්කරුවන් අතරේ පස්වෙනි තැනට පත්ව සිටින හැරී කුමරු පැවසුවේ තමන්ට මව නැතිවීමේ සාංකාව තිබූ බවයි. නමුත් දැන් තමන් හොඳ තත්ත්වයකින් පසුවන බවද කුමරු කියයි.
හැරී කුමරු වසර 10 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළේය. දෙවරක් ඇෆ්ගනිස්ථාන යුද්ධවලටද ඔහු සහභාගී වුවේය. වර්තමානයේ දී ඔහු සමාජ සත්කාර සංවිධාන සමගින් කටයුතු කරයි. තුවාල ලැබූ හමුදා සෙබළුන්ට උපකාර කිරීමේ සංවිධානයක් සමගින් ද ඔහු කටයුතු කරයි. ඒ සඳහා විලියම් කුමරු හා ඔහුගේ බිරිඳ කැතරින් ද සහය පළකරයි. විලියම් කුමරු මානසික සෞඛ්‍ය පුණ්‍යයාතනයක් පවත්වාගෙන යයි.
“පසුගිය වසර දෙක හමාර තුළ වූ ක්‍රියාවලිය නිසා මට දැන් මගේ වැඩකටයුතු ගැඹුරින් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මගේ පෞද්ගලික ජීවිතයත් හොඳින් ගෙවීමට මට හැකියාව ලැබිලා තියෙනවා. මගේ ජීවිතය වෙනස් කරගන්න හැකි දේවල්වලට මගේ දහඩිය, කඳුළු වැය කිරීමට මට දැන් හැකියි“ හැරී කුමරු කීවේය.
ඩයනා කුමරිය විසින් හැරී කුමරු වඩාගෙන සිටියදී
ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානයේ ඡායාරූප ගන්නා සංචාරකයන්
කෙන්සිංග්ටන් මාළිගයේ පිහිටි ඩයනා කුමරිය අනුස්මරණ උද්‍යානය
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි
wicky Monday, 17 April 2017 09:30 PM
තම මවගේ වියෝව ඕනෑම දරුවෙකුට දරාගන්න අමරුය් තමා. ඔය විදිහටම පොඩ්ඩක් හිතුවනම් එදා ඉදල තමන්ගේ මහා ලොකු රජ පවුල විසින් මුළු ලෝකේ පුරාම මොනතරම් මව්වරු, පියවරු, දරුවෝ, පවුල් පිටින් සමුල ඝාතනය කලද කියල. කොලුවෝ, මේ ලෝකේ එක ඇත්තක් තියෙනවා; රජකම් කලත් කළකම් පලදෙනව!
akila Tuesday, 18 April 2017 02:02 PM
ඔබේ හිතේ වෛරය පිරිලා ඉන්නේ. හැම රජ පවුලක් නිසාම මිනිස්සු මැරිලා තියෙනවා.
ගිහාන් ප්‍රනාන්දු Tuesday, 18 April 2017 06:20 PM
දරුවෙක්ට අම්මා නැති අඩුව රජකම ලැබුනත් පුරවන්න බෑ. වැඩිහිටියන්ගේ අමන ක්‍රියා නිසා දුක් විඳින්නේ දරුවෝ. රාජකීය පවුලකට එකතු වුනත්, කොතරම් රූප සම්පන්න වුනත් දරුවො ඉන්න අම්ම කෙනෙක් විදියට ඩයනා කරපු දේ නම් ඉතාමත් වැරදියි. කොහොම වුනත් ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්න වීම පිළිබඳව නම් කණගාටුයි.